ඕස්ට්‍රේලියාවේ වාසය කරන ශ්‍රී ලාංකික කාන්තාවක (72) මලයාසියා ගුවන් සේවයෙන් ඇමෙරිකා ඩොලර් දෙලක්ෂ පනස්දහසක (රුපියල් 32750000 ) වන්දි ඉල්ලා නඩු පවරයි.
මෙල්බර්න් නුවර සිට සිය පුතා ලේලිය හා මුණුපුරන් දෙදෙනා සමඟ කොළඹ ඒමට ගුවන් යානයට නැගීම සඳහා එලිවේටරයෙන් යද්දී වැටී පාදයක් තුවාල වී ඇත.
රෝද පුටුවකින් කොළඹ දක්වා යෑමට පොරොන්දු වුවත් ගුවන් සමාගම එය කඩ කළ හෙයින් නඩුව පවරා ඇතැයි ඇගේ නීතීඥයෝ කියති.
වීනීතා වර්ණකුලසුරිය නම් මෙම කාන්තාව ශ්‍රී ලාංකාවේ සිට ඕස්ට්‍රේලියාවට ගිය පසු නඩු පවරා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ගුවන් සේවයටත් ඉන්දියාවේ කතක් නඩු දාලා ලූ.(අ)
එලිවේටරයෙන් වැටුණේ එලියටද?කොහොමද එහෙම වුණේ?
අපේ අයට තෙරපුනේ නැත්නම් බස් එකක ගියේ නෑ වගේ. එක අපි පුරුදු වුනු ක්‍රමය. පොල් පටවනවා වගේ යන පොදු ප්‍රවාහන බස් වල ගිහින් අමාරුවන් ජීවිතේ ගැටගහ ගන්න බහුතරයට මෙතන සිදු වූ දේ ගැන වැඩි වැටහීමක් නෑ. මා දන්නා නිවසක් තියනවා. අසල්වැසි කතක් හැමදාම තිත්ත කුණුහරුපෙන් බැනවදිනවා නැන්දම්මට. මෙය වටේ නිවැසියන් සියල්ලටම කරදරයක්. එත් කවුරුත් එය වලක්වාගත හැකි ක්‍රියාමාර්ගයකට එළබෙන්නේ නෑ. පරුෂ වචන එක්ක ජීවත් වෙලාම ඒවා අහ අහ ඔහේ ඉන්න පුරුදු වෙලා. එයින් තමාගේ සාමකාමී ජීවිතේට හිරිහැරයක් කියල හිතන්න දන්නේ නෑ. තමන්ගේ හිමිකමක් කැඩෙනවා කියල නම් කොහොමත්ම දන්නේ නෑ. (ස)
සෑම්, ඔබ නිවැරදියි (නි)
ජීවිතයේ අවසන් කාලය ද්වේශයෙන් ගතකිරීම හොඳ නැත (නදී)
මගලි,ඔයා නොදන්නවා වුනාට ඕස්ට්‍රේලියාවේ මිනිස්සු, සුපිරි වෙළඳ සැලක් ඇතුලේ තමන් ලිස්සලා වැටුනත්,එම වෙළඳ සැලට විරුද්ධව නඩු කියලා වන්දි ලබා ගන්නවා.එහෙමයි ඕස්ට්‍රේලියාවේ නීති පද්ධතිය සකස් කරලා තියෙන්නේ. (ස)
මම නම් මීට වඩා ඉල්ලනවා. මොකද කාරණය හරිම සාදාරනයි. (නදී)
ලංකාවට ආඩම්බරයක්. (නදී)
ඇත්තටම මේ වගේ දේවල් වෙනවා. සමහර අය යනවා කිසිම ලෙඩක් නැහැ හොදට ඇවිදින්න පුළුවන්. එ්ත් යන්න රෝද පුටු ඉල්ලනවා. මමත් මෙල්බෝන් ඉන්නේ අපිත් ලංකාවට යන විට පේනවා එයාපෝර්ට් එකට හොදට ඇවිඳගෙන ඇවිත් ප්ලේන් එකට නගින්න රෝද පුටු ඉල්ලනවා. මේ දේවල් වලින් වෙන්නේ අසනීප තිබෙන අම්මාවරුනට අසාදාරණයක් සිදුවිමයි (නදී)
රෝද පුටු දෙන්නේ ගුවන් තොටුපොලින් මිස අහස් යානයෙන් නොවේ. මෝඩ මිනිස්සු. ගුවන් යානය ලඟට එක්ක එනවා ගුවන් සමාගමේ අයෙක්. අනික එහෙම අැවිත් රෝද පුටුවෙන් ගුවන් යානයේ ගමන් කරන්න දෙන්නේ නෑ. ආරක්ෂාව නිසා. රෝද පුටුව යලි අරගෙන යනවා ගුවන් සමාගමේ නිසා.නැවත ගමනන්තයදේ දී දෙනවා බහිනකොට.නැතිව ගුවන් යනයේදී රෝද පුටුවක ඉඳගෙන යන්න දෙන්නේ නෑ කිසි කෙනෙකුට. මෝඩ නඩුවක්. අනික ටිකට් පත ඉල්ලුම් කරන වෙලාවේ රෝද පුටුවත් ඉල්ලුම් කරන්න ඕන. එලිවේටරයෙන් වැටුන කියල ගුවන් සමගම පලි නෑ. (ස)
ඕනෑම කෙනෙකුට රෝද පුටුවක් ඉල්ලන්න පුළුවන් අසනීප තත්ත්වයන් මත. එය අනුමත වූ විට ස්ටිකර් එකක් පාස්පෝට් එකට අලවනවා. ඒ වගේම ඇඳුමට "ස්පෙෂල් කෙයාර්" කියලා බැජ් එකක් අමුණනවා.ඒවා තියෙද්දීත් මේ අම්මාට රෝද පුටුවක් නොලැබුනා නම් වරද ගුවන් සමාගමේයි. අනිවාර්යෙන් මෙයාලට නඩුවෙන් දිනන්න පුළුවන් වේවි. (නි)
මේකේ ඇති ආඩම්බරේ මොකක්ද?. සාදාරන ඉල්ලීමක් පමණයි!. (දී)
මට නම් ඔය ගුවන් සමාගමේ නම කියනකොටත් ඇඟ හිරිවැටෙනවා. (නි)
මොනවා නැතිවුණත් මනුස්සකම වටිනවා (නි)
ඔව් ඇත්ත තමයි. ඔවුන්ට මේ වන්දිය ලැබෙන්න ඕනෑ (නි)
ඔය කොන්ත්‍රාත් එක අපේ මිස්ටර් 10% බාර දුන්නා නම් ගොඩ (නදී)
අන්න ඔවැනි මානව අයිතීන් තමා අපිටත් ඕනෑ. (නි)
මටත් කියන්න තියෙන්නේ මාගලි කියනදේම තමයි. කෝටි ගණන් කෙසේවෙතත් වන්දියක් ලැබේවි. මෙතන පොඩි නොසැළකිළිමත්කමක් තිබිලා තියෙනවා. (නි)
ඔන්න බලන්න ඉතින් වෙන දේවල්.... (නි)
චන්ද්‍රිකා ඔයා අම්මා කෙනෙක් නම් ඔහොම කතා කරන්නේ නැහැ. (ස)
මම නම් කියන්නේ පවුලේ අයට මීට වැඩිය මේ ගැන සැළකිළිමත් වෙන්න තිබුණා (නි)
ඔවුන්ට සාධාරණයක් ඉටුවේවා! (නි)
ගුවන් සමාගම් මඟීන්ට සළකන අකාරයට මේ වන්දි සාධාරණයි. (නි)
චාමර එම මහත්මිය පත්ව ඇති තත්වය බලන්න කෝටි ගාන ගැන නෙවෙයි (දී)
තමන් වැටුනට ගුවන් සමාගම වැරදි වෙන්නේ කොහොමද? මට පොඩ්ඩක් පැහැදිලි කර දෙන්න පුලුවන්ද? (නි)
මාධවී මටත් කියන්න තියෙන්නේ ඔයාට සෑම් කියනදේම තමයි(දී)
මගලි ප්‍රවෘත්තිය හරියට බලලා ප්‍රතිචාර දාන්න. (ස)
සෑම් මහතා/මහත්මිය, ඔබේ ප්‍රතිචාරයෙන් මා නොදත් වැදගත් කරුණු කිහිපයක් දැනගත් අතර ඔබට ස්තුතියි. (නි)
එහෙම හරි එයා කෝටි පතිනියක් වේවා කියල ප්‍රර්ථනා කරනවා (නදී)
වෙන වෙලාවට හොදට ඇවිදගෙන යන අය සමහර වෙලාවට වාසි ගන්න රෝද පුටු ඉල්ලනවා. ඒවා දැන් ගුවන් සමාගම් දන්නවා.(නදී)
අනේ ඔබතුමිය සතුටු වෙන්න. ෆ්ලයිට් එක මිසින් වුනේ නැහැනේ. නිරුපද්‍රිතව ගියානේ. අර 370 ෆ්ලයිට් එකේ අයට නඩුත් නැහැ බඩුත් නැහැ. ආගිය අතකුත් නැහැ.(නදී)
මගලි, මේ නඩුවේ නිමිත්ත මොකක්ද කියලා කව්රු හරි නීතිඥයෙක් සොයලා බලලා තමා නඩු දාන්නේ. අහවල් නඩුකාරයාට ගානක් දීල කොහොම හරි අපිට වාසි වෙන විදියට තීන්දුව ගන්න පුළුවන් කියලා නඩු දාන්න පුළුවන්කමක් ඕස්ට්‍රේලියාවේ නැහැ. ඒ වගේම කව්රුහරි නීතිඥයෙක් බොරු පොරොන්දු දීලා බොරු නඩු ඉදිරිපත් කරලා අසාධාරණයක් කලොත් ඒ නීතිඥයාට විරුද්ධව කටයුතු කරන රජයේ ආයතනයක් තියනවා. ඒ නිසා මේක ඉහත කියූ සියලුම දේවල් වලට අනුකුලව පවරපු නඩුවක්. සාමාන්‍යයෙන් මෙවැනි වන්දි නඩුවක් උසාවියේදී විභාග කරනකොට මාධ්‍ය මගින් (ඕස්ට්‍රේලියාවේ )විශාල ප්‍රචාරයක් දෙනවා. ඒක නිසා ගුවන් සමාගමට වෙන අයහපත් ප්‍රසිද්ධිය වළක්වාගන්න "අවුට් ඔෆ් කෝට් සෙට්ල්මන්ට්" කියලා උසාවියේ අනුමැතිය ඇතිව දෙපාර්ශවයේ නීතිඥ වරුන් සාධාරණ වන්දියකට එකඟතාවයකට පැමිණ ජාම බේරා ගන්නවා.(නදී)
කමල්, ප්‍රවෘත්තිය හරියට බලලා ප්‍රතිචාර දාන්න (නදී)
මෙම ගුවන් සේවයේ සේවය පිළිබඳ මාත් අත්දැකීමෙන් දන්නවා. මගේ යාලුවෙකුගේ අම්මා කෙනෙකුටත් ඔය විදියටම රෝද පුටුවක් ඉල්ලා දී තිබුනේ නැහැ. වයස 80ක්. (නි)
මොනවා වුණත් වැඩේ නම් වැරදියි (නි)