ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳුදා (16) ස්විට්සර්ලන්තය බලා පිටත්ව යාමට නියමිතය.
ජනවාරි 17 සිට 21 දක්වා ස්විට්සර්ලන්තයේ ඩෙවොස් නගරයේ දී ලෝක ආර්ථික සමුළුව පැවැත්වේ. ඒ සඳහා රටවල් 40කට අධික ප්‍රමාණයක නායකයෝ එක්වෙති. අගමැතිවරයා ප්‍රමුඛ පෙළේ රාජ්‍ය නායකයින් හා ජාත්‍යන්තර ව්‍යවසායකයින් රැසක් සමග සාකච්ඡා පැවැත්වීමටද නියමිතය. අගමැතිවරයා සමග මුදල් ඇමැති රවී කරුණානායක, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ ඇමැති මලික් සමරවික්‍රම හා විදුලි සංදේශ හා ඩිජිටල් ඇමැති හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන්ටද මේ සඳහා ආරාධනා ලැබී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කපිල, හැමදේම පුද්ගලික අංශයට විකුණලා ලාබ ගන්නනම් ආණ්ඩුවක් ඕනේ නැනේ..බලයට එන්න කලින් ඕව කීවානම් ඉවරය්නේ. (බ)
ලෝකේ රවුම් කියල තාම තේරුනේ නැද්ද? එහෙනම් තව යන්න. දෙන්නත් එක්ක තරගෙට. (බ)
කපිල,මගේ කිසිම විරුද්ධත්වයක් නැහැ පුද්ගලික කරනවාට ,නමුත් මම විරුද්ධ රටට අවාසියක් වෙන විදියට විකුණන් කනවට, යුරෝපයේ තහනම් කරන කර්මාන්ත ආසියාවේ පටන්ගැනීම තුලින් පරිසරයට සිදුවන විනාශය පහසුකම් නොමැතිනිසා අපිට අවම කරගැනීමට නොහැක. (බ)
අශාන් ඔබ හරියටම හරි . ලෝකයේ දියුණුයි කියල පිළිගන්න හැම රටකම ආර්ථිකය ශක්තිමත් වෙලා තියෙන්නේ පුද්ගලික අංශයේ දායකත්වයෙන් මිසක් රාජ්‍ය මැදිහත්වීමෙන් නොවෙයි . රජය කරන්නේ මේ පුද්ගලික ආයෝජනවලට පහසුකම් සකස් කිරීම සහ නියාමනය කිරීම .සුබසාධන ගැන වැඩි බලාපොරොත්තුවක් තියෙන අපේ රටේ ආර්ථික ව්‍යුහය තුල මේවා ක්‍රියාත්මක කිරීම දුෂ්කර කාර්යක් වුනත් යථාර්ථය නම් ඉතා ඉක්මනින්ම අපි මේ අභියෝගයට මුහුණ නොදුන්නොත් අපිට අනාගතයක් නැහැ කියන එක (බ)
මට නම් බයයි. අපිවත් විකුණලා ඒවිද දන්නේ නැහැ (නි)
මෙයාලා බැලුවොත් ඉන්නේ උඩුගුවනේමනේ. (නි)
අගමැතිතුමනි, ඔබට සුබ ගමන්! (නි)
ආසියාවේ හොඳම මොළය එතන ඉන්නම ඕනෑ. (නි)
බොහොම හොඳයි. අගමැතිතුමා ජනවාරි වල තවම කොහෙවත් ගියේ නැත්තේ මොකද කියලයි මම බල බලා හිටියේ. (නි)
ඩිගිටල් අලුත් බැලුන් අරන් එවි නේද.? (ර)
ඕකෙන් පස්සේ නම් අපේ ආර්ථිකය හොදටම වර්ධනය වෙනවා. දැන් තියනවටත් වඩා. (ම)
ලොක්කෝ දෙන්නගේ වැඩේ මාරුවෙන් මාරුවට ලෝකේ වටේ යන එකනේ (බ)
තවත් විකුණන්ට පුළුවන් මොනවද කියල බලාගෙන එන්ට වෙන්න ඇති (බ)
අගමැතිතුමා ලංකාවේ ඔක්කොම ආයතන ටික විකුණන්නේ කොමද කියල ඉගෙන ගන්න යනවා ඇති. (බ)
යන කට්ටියට අඩු මහේන්ද්‍රන් විතරයි.කොහොම වුනත් නිකමටවත් එහෙ තියන මහා බැංකුව පැත්තේ එහෙම යන්න එපා. (බ)
කට්ටිය නොදන්නා කමට කෑ ගැහුවට අපි ජීවත් වෙන දියුණු රටවල හැමදෙයක්ම පවතින්නේ පුද්ගලික අංශයේ තමයි.එ්කෙන් රජයට විශාල මුදලක් ඉතුරු වෙනවා වගේම ඒ මුදල් සුබසාදන කටයුතුවලට යොදවන්න පුළුවන්. ඒ වගේම පුද්ගලික ආයතනවල කාර්යක්ෂමතාවයත් ඉහළයිනේ (බ)
ලෝකෙට පරකාසේ, ගෙදරට මරගාතේ..........(බ)
හරිනුත් යනවද? හ්ම් ....හ්ම් .....! (බ)
පොදු දේපල වෙලදාම් මුදලාලියෙක් මොකටද ආර්ථික සමුලුවලට යන්නේ.ලංකාවේ තව ඉඩම් තියනවා,කැලෑ තියෙනවා ඒවා ටික මැනගන ගියානම් තමයි හොඳ (බ)
හොඳින් මතක තියාගන්න ලෝකයේ දියුණු රටවල් කැමති නැහැ අාසියාවේ රටවල් දියුණු වෙනවාට. අපි රජ වෙනකොට යුරෝපයේ රටවල මිනිසුන් හිටියේ ගල්ලෙන් වල සතුන්ගේ ලොම් ඇඳගෙන (නි)
යනවා එනවා ,අාපහු යනවා මොනවද රටට කළේ? අපිට ගහන්න ඕන (බ)
තව මොනවද විකුණන්නේ කියල අදහස් අරන් එන්න වෙන්න ඇති මේ යන්නේ..(බ)
අනේ අගමැතිතුමෝ, ඔබ යුරෝපයේ ඉන්න වෙලාවේ තව මර්සිඩිස් බෙන්ස් හරි වොල්වෝ හරි ෆියට් හරි ෆැක්ටරි එකක් ලංකාවේ අරින්න කතා කරගෙන එන්නකෝ. වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවත් කොට උඩ ගිය නිසා.(බ)
මේ සැරේ සිංහරාජෙටත් ලංසුවක් තියාවි වගේ. සිංහරාජේ විකුණුවොත් මුළු ඇමති මණ්ඩලයම ගොඩ. පසුකාලීනව විල්පත්තුවේ සහ යාල ඉන්න දිවියෝ, අලි සහ මුව පොව්වෝ ටික විකුණන්න පුලුවන්නේ. අනතුරුව සීගිරියත් ගූගල් සමාගමට බැලුන් අරින්න විකුණන්න පුලුවන්. ඩිජිටල් ඇමති ආර්ථික සමුළුවේ සෑහෙන වෙනසක් කරයි වගේ (නි)
හිටපු අය නෑගම් ගියා වගේ මේ අයත් නෑගම් යනවා. ඒගොල්ලෝ උකස් කරලා කොමිස් ලැබුවා වගේ මේගොල්ලෝ විකුණලා එය ලබනවා. මේ කාගේත් පිනට පව කරගසන අයට කවදාවත් මේක දැනෙන්නෙත් තේරෙන්නෙත් නැත. (නි)
මංජුල, අපි රජකමෙන් ගල්ගුහා වලට ගිහින්, යුරෝපෙ ඉන්න අය ගල් ගුහාවෙන් රොකට් යුගයකට ගිහින් නෙ..අපේ අය ඉතින් කරන්නෙ පරණ රජ කතා කිය කිය පම්පෝරි ගහන එකනේ.. මෙච්චර තෙල් තියෙන රටක් වන, ඩුබායි, සවුදි යන රටවල් පවා තමන්ගෙ ඛනිජ තෙල් නිෂ්පාදනය පුද්ගලික අංශෙට දීල තියෙන්නෙ (බ)