ඕස්ට්‍රේලියා ජාතික දිනය අද (26) ඉතා චාම් අයුරින් වික්ටෝරියා ප්‍රාන්තයේ අගනුවර වන මෙල්බර්න්හිදී පැවැත්විණි. බ්‍රිතාන්‍ය ජාතික කපිතාන්වරයකුවූ ජේම්ස් කුක් 1777.04.19 වැනි දින ඕස්ට්‍රේලියාවේ දකුණු සිඩ්නි නුවර බොටර්නිබේ හරහා පැමිණ ඕස්ට්‍රේලියා භූමියේ ඉංග්‍රීසි ධජය ඔසවන ලද නමුත් 1901 දී එංගලන්තයේ රැජිනගේ කිරීටය යටතේ ඕස්ට්‍රේලියාව ප්‍රාන්ත හයකට වෙන් කරන ලදි.
අද පැවැති 114 වැනි ජාතික සැමරුම් දිනයට ඕස්ට්‍රේලියාවේ සුදු ජාතිකයන්ට අමතරව විවිධ රටවලින් පැමිණ මෙම භූමියේ ජීවත්වන ජන කොටස් ඔවුන් උපන් දේශයන්හි සංස්කෘතිකාංග එක් කළහ. ශ්‍රී ලංකාවේ ජාතික අභිමානයද ඔපවත් කරමින් ශ්‍රී ලංකා ධජ, බෙර වාදන මෙන්ම ක්‍රිකට් ක්‍රීඩා ඇඳුමින් සැරසුණු යෞවනයෝද මහා මාර්ගය දෙපසේ රැඳී සිටි දහස් සංඛ්‍යාත ජනතාවගේ සතුටට බඳුන් වූහ.













COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම මේ රටවල LTTE එකට කිසිදු පිළිගැනීමක් නැහැ. පුද්ගලිකව රැස්වීම් පවත් වන්න ඉඩක් දෙනවා පමණි. ඔවුනට ඇත්තටම ප්‍රචාරය දෙන්නේ අපේ දේශපාලකයන්. (අ)
අපේ රටේ අභිමානය පෙන්වූ ඔබ සැමට අපගේ ප්‍රණාමය. (අ)
ශිෂ්ට සංස්කෘතියක් ඇති සියලු ජන වර්ග මෙයට සහබාගි වුනා (නදී)
අපේ රටේ අභිමානය පෙන්වූ ඔබ සැමට අපගේ ප්‍රණාමය! (නි)
ලස්සනයි ලස්සනයි (බ)
බ්‍රිතාන්‍ය ජාතික කපිතාන් ජේම්ස් කුක් සමග පැමිණි පිරිසේ ශ්‍රී ලංකිකයෙක් ද සිටි බව මා අසා තිබනවා. ඒ පිළිබඳ විස්තරයක් සොයාගන්න පුලුවන් ද......? (බ)
සංවිධානය පරාජය වුන නිසයි පිලිගැනීමක් නැත්තෙ. ඔවුන් හොඳට ඉන්න කාලෙ අපි දැක්කනෙ මේ රටවල පිලිගැනීම් තිබුන විදිය? ලංකාවට කියල අමුතු විදියේ ආදරයක් මේ රටවල අයට නැහැ. (නදී)
හරිම ලස්සනයි . (ස)
බොහෝම ස්තූතියි, අපේ රටේ වැදගත් පෙනුම , බොහෝම වැදගත් අයුරින් පෙන්නුවාට (බ)
ඉතා චාම් අයුරින් තිබුණ බව හොඳට පෙනෙනවා. ඇත්තටම. හරිම ආදර්ශමත්. මෙහෙම තමයි අපේ රටෙත්. හරිම චාම්. (නි)