
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ ප්‍රථම විධායක කමිටු රැස්වීම සංගමයේ සභාපතිනී කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.
මෙම රැස්වීමට ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් කාර්යාලයේ වැඩබලන ප්‍රධානී දේශපාලන උපදේශක න්තාබිසෙන්ග් රමට්ෂෙලා මහත්මිය සහභාගී වූ අතර, ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සහ පාර්ලිමේන්තු සබඳතා ප්‍රවර්ධනය කිරීම සඳහා දකුණු අප්‍රිකාවේ අඛණ්ඩ කැපවන බව ඇය තහවුරු කළාය.
අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය සඳහන් කළේ, පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගම් තුළින් ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සඳහා වැදගත් මෙහෙයක් ඉටු කරන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd