(රොමේෂ් ධනුෂ්ක සිල්වා ෆින්ලන්තයේ හෙල්සෙන්කි නුවර සිට)
ෆින්ලන්තය නිදහස ලබා වසර 100 ක් පිරෙන අවස්ථාවේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ෆින්ලන්තයේ සංචාරය කිරීම දෙරට අතර මිතුදම වඩවන හා ශක්තිමත් කරන ඓතිහාසික පියවරක් යැයි ෆින්ලන්ත අග්‍රාමාත්‍ය යුහා සිපිලා මහතා පවසයි.
මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු සම්මුතිවාදී ජාතික ආණ්ඩුව මගින් ශ්‍රී ලංකාවේ සිදු කරන ලද ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණයන් ද ෆින්ලන්ත අගමැතිවරයාගේ පැසසුමට ලක්විය.
ශ්‍රී ලංකාව සහ ෆින්ලන්තය අතර ද්විපාර්ශවික සාකච්ඡා අද (10 ) දහවල් හෙල්සින්කි නුවර “කෙසරන්තා” අගමැති නිල නිවාසයේ දී පැවැත්විණි.
අධ්‍යාපනය, සෞඛ්‍යය, පුනර්ජනනීය බලශක්ති උත්පාදනය, ඩිජිටල්කරණය, තොරතුරු සන්නිවේදන තාක්ෂණය, ආදී ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව මේ සාකච්ඡාවේ දී අවධානය යොමු කෙරිණි.
ලංකාව නිදහස ලබා වසර 70 ක් සපිරෙන ලබන වසරේ ලංකාවේ සංචාරයක නිරත වන මෙන් වික්‍රමසිංහ මහතා ෆින්ලන්ත අගමැතිවරයාට ආරාධනා කළේය.
“අද අපිට වැදගත් තීරණ කිහිපයකට එළැඹිමට හැකියාව ලැබුණා. ලංකාව සහ ෆින්ලන්තය අතර පැවැති පැරණි සම්බන්ධතා තව තවත් තහවුරු කරමින් එම සම්බන්ධතා ශක්තිමත් කිරීම සඳහා සාකච්ඡා පැවැත්වීමට සහ ගිවිසුම් කිහිපයකට එළඹිමට අපට හැකි වුණා.
ලංකාව සහ ෆින්ලන්තය අතර බලශක්ති දියුණු කිරීමට, නව බලශක්ති මාර්ග පිළිබඳව ඒකාබද්ධව වැඩ කටයුතු කිරීමට අපි එකඟ වුණා. ඒ වගේම අපේ අධ්‍යාපන ක්‍රමය නවීකරණය කිරීමටත්, විශේෂයෙන්ම එහිදී වසර 13 ක පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරීමටත්, ලෝකයේ හොඳම අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක වන ෆින්ලන්තයේ, ද්විතීය, වෘත්තීය අධ්‍යාපන සමාගම් සම්බන්ධ කර ගැනීම පිළිබඳවත් සාකච්ඡා කළා.
ලංකාවේ ජාතික ප්රශ්නය විසඳීම සදහා අපි අරගෙන තිබෙන පියවර පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. අපේ නව ව්‍යවස්ථාව සඳහා ෆින්ලන්තයේ ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ අත්දැකීම් ද අපට ලබාගැනීමට හැකිව තිබෙනවා. මේ සියල්ල හරහා ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම අපේ බලාපොරොත්තුවයි. “යැයි වික්‍රමසිංහ මහතා කීය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතාවනම් ඇත්ත මොනවා විකුනන්න ගියද කියල උඩ ඉන්න දෙඉයෝ තමඊ දන්නේ
යන යන රටේ නායකයින්ට කියනවා ලංකාවේ අධ්‍යාපනය දියුණු කරන්න ඒ රටේ අත්දැකීම්වලින් ආධාර කරන්න කියා. රනිලුයි අකිලයි දෙන්නම ගහෙන් බැහැපු ගමන් ම නිසා ලංකාවේ අධ්‍යාපනයට පින්ලන්තය වගේ රටවල ආධාරය අවශ්‍යමයි කියල ඒ දෙන්නටම හිතෙනවා ඇති.
මේ යනවිදියට නම් මුන්දෑ ජංගම දුරකථන මෝලක් පටන්ගනී ඉක්මනින්ම.
අපේ රටේ තව කොටසක් එහෙට දෙන්න පොරොන්දු වෙලා එන්න ඇති.
ණය සමානයි ආධාර . ණය වැඩී කියනවනම් ආධාර මොකටද
අපිව අවුරුදු 99 යකට දෙන්න ගියාද දන්නෙ නෑ.