IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


ලංකාවට ආධාර කන්දක් ලැබුණු හේතුව ටිල්වින් පහදයි

(සුජිත් හේවාජුලිගේ)

ලංකාවට ආධාර ගලා එන්නේ ශ්‍රී ලංකා රජය හොරකම් නොකරන බවට ජාත්‍යාන්තරය විශ්වාස කරන නිසා යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය

ආපදාවෙන් විපතට පත් වූ ජනතාව වෙනුවෙන් විදේශ ආධාර විශාල වශයෙන් ලැබෙමින් තිබෙන බවද ඔහු කීවේය.

මාලිමා ආණ්ඩුව හොරකම් දූෂණ නොකරන බවට ජාත්‍යාන්තරය අවබෝධ කරගෙන සිටින බවත් ජාත්‍යන්තර ආධාර ඉදිරියටත් ලැබීමට නියමිත බවත්  ප්‍රධාන ලේකම්වරයා කීය



අදහස් (11)

ලංකාවට ආධාර කන්දක් ලැබුණු හේතුව ටිල්වින් පහදයි

Nilantha Friday, 12 December 2025 05:05 PM

එහෙමනම් සුනාමි වෙලාවේත් තිබුණේ තොපේ ආණ්ඩුවද කියන්නකෝ. ලෝක වාසීන්ගේ මනුෂ්‍යකමට ආධාර දෙන්නේ අපි අහලා නැහැනේ උතුරු කොරියාව කියුබාව ආධාර දුන්නා කියලා ගංවතුර වෙලාවේ හිටපු ජනාධිපතිතුමා වත්මන් විපක්ෂ නායකයා විදේශවලින් ආධාර ඉල්ලුවා කියලා මාධ්‍යවල වාර්තා වුණා එහෙම නැතුව නුඹලාගේ ආණ්ඩුව කියලා ලැබුණා.. කියන්න ලැජ්ජා නැද්ද

:       24       18

පිටරැටියා Friday, 12 December 2025 05:42 PM

සුනාමියෙන් අවතැන්වූ අසරණයන්ට එවපු පව්ම් මිලියන ගානක ආධාර එවකට හිටපු ජනාධිපති ගසාකාපු හැටි ලෝකෙම දන්නවා. අධිකරණයෙන් පවා වරදකරු වුණා .වත්මන් ජනතාවදී අදූෂිත නායකයා කෙරෙහි විදෙස් ගත ලාංකික යන්ගේ තියෙන විස්වාස නිසයි ආදාර කරන්නේ?අපි සැමදා මාළිමාව සමගයි .

:       3       6

ගුණරත්න Friday, 12 December 2025 07:37 PM

පිටරැටියා නම් තොත්ත බබෙක් එහෙම නැත්නම් ලෝක කපටියෙක්. මොවුන්ට මතක නැහැ සුනාමි ආධාර හොරා කෑවා කියපු මිනිහාටම ඡන්දය දෙන්න කියලා ජනාධිපති කෙරෙව්වේ කවුද කියලා...

:       1       3

asanka Friday, 12 December 2025 05:43 PM

ඔය වගේ කතා කිවාම ඔක්කොම හරි කියලා තව උදව් දෙන්න තියන රටවල් වලින් හම්බ වෙන්න තියන දේවල් අඩු වෙන්නෙ නැද්ද ?. හානියට සාපෙක්ශ්ව හම්බ වුන ප්‍රමානය කන්දක්ද ?

:       4       4

පන්සිළු Friday, 12 December 2025 05:45 PM

නිකම් සුපුරුදු කටමැත දෙඩවීම් අවශ්‍ය නෑ. රටවල් ආපදාවලට ලක් වුණාම කවදද් ලෝකය ආධාර කරනවා. ඔය අධාර දිට්වා වලින් හානි වුණු අනික් රටවලටත් ලැබෙනවා. මේගොල්ල හැම එකකටම අතිශයෝක්තිය

:       4       6

චමින්ද Friday, 12 December 2025 06:08 PM

ඔහේ කව්ද මේ ආණ්ඩුවේ? ජනාධිපතිද? අගමැතිද, ඇමති නියෝජ්‍ය ඇමති, මන්ත්‍රී අඩුම ප්‍රාදේශීය සභාවේවත් ඉන්නවාද? නෑ නේද? එතකොට මගුලක්ද මේ මිනිහා කියවන්නේ? එහෙනම් ඡන්දෙ කාලේ වේදිකා පැලෙන්න දුන්නු පට්ටපල් බොරු පොරොන්දු ඉටු කළාද? 150/= පෙට්‍රෝල් කෝ? අඩු කරපු බඩු කෝ? බදු අඩු කරපුවා කෝ? බොහෝ ප්‍රධාන පක්ෂ තමන්ගේ අරමුදලෙන් මිනිස්සුන්ට උදව් කරද්දි පැලවත්තෙන් එක සතයක් දුන්නාද? ඒ මදිවට වෙන මිනිස්සුන් දෙන ආදාර මොවුන්ගේ නමින් බෙදන්න පටන් අරන්.. අපේ ගම්වලත් හිටියා අනුන්ගේ දානෙ ගෙවල්වල ගිහින් ඒ මිනිස්සුන්ගේ පිරිකර තමන්ගේ වගේ පූජා කරපු අය...

:       5       7

කෞෂි Friday, 12 December 2025 06:16 PM

තව ටික දවසකින් කියයි කන්දක් නෙවෙයි ලැබුනේ පොඩි කඳුගැටයක් කියලා. පහුගිය අයවැයෙන් 25%ක වැඩ කරගන්න බැරි වුණා ඔබලා ගැන ජාත්‍යන්තරය දන්නවා...

:       4       5

dileepa Friday, 12 December 2025 06:17 PM

හෙල්පින් හම්බන්තොට...

:       3       3

මහසෙන් Friday, 12 December 2025 06:23 PM

ඩයිවින්ට අමතක වෙලා ලංකාවේ විශාලම. පක්ශ අරමුදල තියෙන්නේ කොහේ ද කියලා. රටින් එනකම් බලන් ඉන්නේ ඒක හොල්ලන්න බැරුව ඇති නේද?

:       3       7

ගුණරත්න Friday, 12 December 2025 07:35 PM

කොහේ ලැබුණු ආධාර කඳුද? ලෝක බැංකු ලොක්කෙක් කියනවා ණය දෙන්න එපා ගෙවාගන්න අමාරුයි කියලා හිඟමන් ටිකක් දෙන්න කියලා. විලිලැජ්ජාවේ බෑ.

:       2       2

Nandana Friday, 12 December 2025 07:54 PM

අනේ යන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 617 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 523 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site