(අංජුල මහික වීරරත්න)

 ශ්‍රී ලංකාව සහ බෙලරූස් ජන රජය අතර අවබෝධතා ගිවිසුම් වලට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා  2026-05-12 දින සිට 2026-05-15 දින දක්වා බෙලරූස් ජන රජයේ නිල සංචාරයක නිරත වීමට නියමිතව ඇත. දෙරට අතර සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගනිමින් ගුවන් සේවා, උසස් අධ්‍යාපන සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍රයන් ආවරණය වන පරිදි එකී නිල සංචාරය අතරතුරදී පහත සඳහන් ගිවිසුමට සහ අවබෝධතා ගිවිසුම් වලට අත්සන් තැබීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.

* ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රජය සහ ඛෙලරූස් ජන රජයේ රජය අතර ගුවන් සේවා ගිවිසුම.

* ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සහ බෙලරූස් ජන රජයේ අධ්‍යාපන අමාත්‍යාංශය අතර උසස් අධ්‍යාපනික ක්ෂේත්‍රයේ සහයෝගීතාව පිළිබඳව වන අවබෝධතා ගිවිසුම.

* ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ බෙලරූස් ජනරජයේ සෞඛ්‍ය අමාත්‍යාංශය අතර සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ සහයෝගීතාව වර්ධනය කිරීම පිළිබඳව වන අවබෝධතා ගිවිසුම.