(ඩයනා උදයංගනී)
වඩු මඩු හා ලී මෝල් වසා දැමුවහොත් දහස් ගණනකට රැකියා අහිමි වන බැවින් ඒ ගැන නැවත සිතා බලා එය ක්‍රියාවට නැංවීමෙන් වළකින්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
එම තීරණය ක්‍රියාත්මක කළහොත් මිනී පෙට්ටියක් ගැනීමටවත් නොහැකි වනු ඇතැයි ද විපක්ෂනායකවරයා සඳහන් කළේය.
ලී ලබාගැනීම සඳහා, වන වගා ඇතිකිරීමෙන් හා ලී කොටන් ආනයනය කිරීමෙන් පරිසරයට හානි නොවන පරිදි වඩු කර්මාන්තය පවත්වාගෙන යා හැකි බවද මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේදී අද (07) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝල් කතාවල් කීයක් කිව්වද? එකක්වත් ක්‍රියාත්මක වුණේ නැහැනේ
පාසල් මට්ටමේදී ඇතිකරන මිත්‍යාවක් තමයි කාන්තාර හැදෙන්නේ ගස් කැපීමෙන් කියන එක. ඒ වුනාට අද ගූගල් වලින් ලෝකේ බැලුවනම් තේරෙනවා කාන්තාර තියෙන්නේ උතුරු සහ දකුණු අර්ධ ගෝලවල මැද තීරුවක් ලෙස බව. ඒ කියන්නේ ලෝකයේ පිහිටීම අනුව වියලි සුළං හමන ප්‍රදේශවල බව. එය ඉහලින් අප්‍රිකාව, මැද පෙරදිග, රුසියාව, චීනය විදියටත්, පහලින් ඔස්ට්‍රේලියාව විදියටත් දකින්න පුළුවන්. මේ කලාපවල කවදාවත් ගස් තිබුනේ නැහැ . ලෝකය කැරකෙන විදිය වෙනස් වුනොත් ගස් වැවේවි
කලබල වෙන්න එපා... රට මේතරම් ආරාජික කරලා රටේ ජනජීවිත අවුල් කරලා රටේ ජනතාවත් විහිලුවකට භාජනය කරන රටේ නායකයා ඇතුළු ඔබ සෑම දෙනාටම වැඩි කලක් නොයා මිනීපෙට්ටි හදාගන්න වෙයි මේ විදිහට රට ගෙන ගියොත්... රටේ ජනතාව දැන් බුද්ධිමත් බව මතකයේ තියාගන්න.
අනේ මහින්ද මහත්තයෝ,!!! ඔය කතාවලට ප්‍රතිචාර දක්වලා වැඩක් නැහැ. මිනිස්සු තේරුම් අරං තියෙන්නේ මේ ජනාධිපතිගේ තත්වය...
බොරදිය වලක්, ඇලක් දුටුවිට කිට්ටුවටම එබෙන්නේ...// උණ, තේක්ක ගස් ඔක්කොම බොරදියටම දමන්නේ..// කබාරගොයින්, දියබරියන්,හොඳහැටි බාන්නේ..// සතර පෝයටත් රැකුමට සිල් දුවගෙනමයි යැවෙන්නේ..//
ඔබතුමා කලබල වෙන්න එපා. ඕක තව සති දෙකක් යනකොට හැමෝටම අමතක වෙලා යාවි
බොරු බයිලා ඡන්දෙට වැඩ පටන් ගන්න හදන්නේ
රවින්ද්‍ර යුද්දයෙන් වසර 30 ක යුගයක් නිමාකල ශ්‍රී ලංකාවේ බිහිවුනු එකම යුධ විරයාට ඔහොම ගරහන්න එපා
මේ තමයි අපේ රට බේරාගත් ශ්‍රී ලංකාවේ පහල වූ එකම එක වීර දුටු ගැමුණු රවීන්ද්‍ර මෝඩයෙක් වුනාට විදහා පාන්න එපා
ඔබතුමා දන්න නැද්ද ඔබතුමාගේ හිටපු ලේකම් ගැන.
වයසින් හා අත්දැකීම්වලින් ගහන ඔබතුමා වැනි කෙනෙකු හොඳින් දන්නා කරුණක් තමයි මිනිසුන්ගේ අවසන් සීමාවන් දකිනකොට වියරු වැටෙන බව... ඉතින් දියෙන් ගොඩ දැමූ මත්සයෙකුසේ...!!!
මහින්ද මහත්තයෝ, ඕවා ගැන වැඩිය කතා කරන්න එපා. ඕවා ඔබට ලැබෙන්න යන ඡන්ද... කතා නොකරන එකත් හොඳ නැහැ. සිංහල උපහරණයට අනුව "වැලමිටෙන් අල්ලන්න".
අපේ රටේ වැඩිවශයෙන් වනාන්තර විනාශයට පත්වුණේ ... මෙතුමා ජනාධිපති වෙලා හිටිය කාලේ..! විපක්ෂයේ සභාපති හැටියට මොනවහරි කියවන්නත් එපැයි... ඒ නිසා වෙන්න ඇති...
ගණන් ගන්න එපා... බූරුවා කූට්ටමේ ජෝකර් කොලත් තියෙන්න එපායැ මහින්ද මහත්තයෝ....
මහින්ද මහත්තයෝ, දන්නේ නැද්ද ඔබගේ පරණ බොස්ගේ, ඒ වගේම ඔබවත් අගමැති පුටුවට උස්සා තැබූ පොළොන්නරුවේ මහමොළ කාරයාගේ මානසික තත්වය... කටට එන ඕනෑම දෙයක් එතැනම වමාරන මෙවැනි කතාවල කිසිම හරයක් නැතිබව දන්නෝ දනිති. ඕවා ගැන එයාට කියන අපම තමයි මෝඩයන්... ඒ වුණත් එයාට අමතකවෙලා වෙලා තියෙනවා. එයාට "මිනී පෙට්ටියක්" අනවශ්‍ය බවත් ළඟදීම "ඡන්ද පෙට්ටියක්" මගින් එයාගේ අනාගතය තීරණය වෙන බවත්... එතකන් එයාගේ පිස්සු නැටුම නටන්න ඉඩ අරින්න..!!!
රටේ අහිංසක මිනිස්සු තලා පෙලා පීඩනයට පත්කරන ඔබතුමාලා සියළුම දෙනා ගැන, දැන් මිනිසුන් දැනගෙන හමාරයි. ඒ අයට මේ අය මේ අයට ඒ අය වැරදි පටවමින් වැඩ සටහන දැන් ඉස්සරටත් වඩා හොඳින් කරගෙන යනවා. ඔය විදියට ගියොත් අර සධාම්ලා, ගඩාෆිලා හමුවීමට ඔය උතුමාණන්ලාටත් වැඩි කාලයක් ගත වෙන එකක් නෑ වගෙයි...
මුලතිව් වල අනවසරයෙන් පදිංචි වුවත් ඔය ආකාරයට ගස් කපා දැමීම ජාතික අපරාදයකි. රජය ඔය පදිංචි කිරීම කලා නම් ක්‍රමවත්ව එය කරනු ඇත. රජයේ නිලදාරීන් කලයුතු දේ කොහෙවත් යන කෙනෙක් කල නිසා දැන් රජයට ගස් වැවීමට සිදුවී ඇත.
ඇත්තටම හේතුව තමයි ජනපතිගේ පුතා දහම් විවාහ වුණේ රටේ ලොකුම ඇලුමිනියම් සමාගම වන එල්කාඩෝ එකේ අයිතිකරුගේ දුව සමග වීම... ඔවුන් ඇලුමිනියම්?දොර ජනෙල් හදනවා... දැන් හිතාගන්නකෝ පරිසරය රකින මුවාවෙන් ගහපු ගැටය.
මහින්ද මහත්තයත් බොරදියේ මාළු නොබා කරුණු කාරනා හරිහැටි දැනගෙන අදහස් පලකලොත් හොදයි.
ලී කොට හිඟ වීම නිසා ලී මෝල් වසා දැමීම වෙනුවට ලී කොට ගෙන්වා ගැනීම නරකද?