නාරාහේන්පිට ලේ බැංකුවේ හිටපු අධ්‍යක්ෂක දොස්තර රංජනී මල්ලිකා බිංදුසාර රුපියල් 25000 ක මුදල් හා රුපියල් පන් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.
ඇගේ ගමන් බලපත්‍රය උසාවිය බාරයට ගැනිණි.
2007 අප්‍රේල් හා ජූලි කාලයේදී ලේ බැංකුවට කල් ඉකුත්වූ රුධිර පාරවිලයන කට්ටල 3000ක් පාවිච්චි කිරීමෙන් රජයට මූල්‍ය අලාබයක් කළැයි දොස්තර බිංදුසාර හා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් චම්පා ප්‍රබෝධිනී මංචනායකට එරෙහිව මේ නඩුව පවරා ඇත්තේ අල්ලස් කොමිසම විසිනි.
මංචනායක මහත්මිය එතෙර ගොස් ඇති නිසා නොතිසි බාරදීමට නොහැකිවූ බව කොමිසම අධිකරණයට දැන්වීය. මාර්තු 24 වැනිදාට පෙර ඇයට යළිත් නොතිසි බාර දෙන ලෙස මහේස්ත්‍රාත් නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලත් ඩෙංගු පරපුරට අයත් පිරිසක්ද කොහෙද?(ම)
ජාතික ලේඛනාරක්ෂ දෙපාර්තමේන්තුවේ මිලදී ගැනීමක දී රජයට මුල්‍ය පාඩුව සිදු කල අයට මොකද කරන්නේ ? (නදී)
සමහරක් රජයේ සේවකයින් දේශපාලනයට වඩා දූසිතව ඇත අද (නදී)