(විමුක්ති එස් රුද්‍රිගු)

රුසියාවේ මධ්‍යම මොස්කව් නගරයේ අවන්හලකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් තිදෙනෙකු මියගොස් අවම වශයෙන් තවත් 21 ක් තුවාල ලබා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.

කාන්තාවක් විසින් මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කරනු ලැබ ඇති බවත් ප්‍රහාරය එල්ල කළ බෝම්බය නිවසේදී සාදාගත් එකක් බවත් එම මාධ්‍ය වාර්තාවල සඳහන් විණි. එම මාධ්‍ය වාර්තාවලට අනුව මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇත්තේ මධ්‍යම මොස්කව් නගරයේ තරු පන්තියේ අවන්හලකට බවද පැවැසෙයි.

එම අවන්හලේ බිම් මහලේ බෝම්බය පුපුරා ගොස් ඇත. බෝම්බ ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ බෝම්බය රැගෙන පැමිණි කාන්තාව, ඇයව නැවත්වීමට ගිය ආරක්ෂක නිලධාරියා සහ අවන්හලේ ආහාර ගනිමින් සිටි පුද්ගලයෙකු බවද පැවැසෙයි. මරාගෙන මරාගෙන බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමට පැමිණි කාන්තාව නැවැත්වීමට ආරක්ෂක නිලධාරියා උත්සාහ කර ඇතත් එහිදී ඇය බෝම්බය පුපුරුවා ගෙන ඇතැයි රුසියානු මාධ්‍ය වාර්තා කළේය.