IMG-LOGO

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා


රුසියා යුද්දෙට යන්න ලාංකිකයෝ පෝලිමේ

(විමුක්ති එස් රුද්‍රිගු)

මෙරට පවතින ආර්ථික අපහසු තත්ත්වය හමුවේ රුසියානු පුරවැසි භාවය ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන්  ශ්‍රී ලාංකිකයන් සිය ගණනක් රුසියානු හමුදාවට බැඳී ඇති බව එරට සිටින ශ්‍රී ලාංකිකයන් කිහි පදෙනකු ප්‍රකාශ කළ බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය.

රුසියානු හමුදාවට බැඳුණු ශ්‍රී ලාංකිකයකු මසකට ඇමෙරිකානු ඩොලර් 3000 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 9 ක් පමණ) වැටුපක් ලැබෙන බවද එම ශ්‍රී ලාංකිකයන් ප්‍රකාශ කළ බව අල් ජසීරා පුවත් සේවය සඳහන් කළේය.

ශ්‍රී ලංකා හමුදාවෙන් විශ්‍රාම ගෙන සිටින සොල්දාදුවන් බොහෝ පිරිසක් මේවන විට රුසියානු හමුදාවට බැඳීමට උත්සාහ දරමින් සිටින බවත් ඔවුන් තම පවුලට හොඳ කාලයක් උදා කර දීම සඳහා යුක්රේන හමුදාව අතින් ඝාතනයට ලක් වීමට පවා ඔවුන් සූදානමින් සිටින බවත් අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය.

ශ්‍රී ලංකා හමුදාවෙන් විශ්‍රාම ගත් 27 හැවිරිදි නිපුණ සිල්වා මෙම මස මුලදී යුක්රේන හමුදා ප්‍රහාරයකින් මියගිය බව ඔහු සමඟ රුසියානු හමුදාවේ සේවය කළ 36 හැවිරිදි සේනක බණ්ඩාර අල් ජසීරා පුවත් සේවයට ප්‍රකාශ කර ඇත.

ඩොනෙට්ස්ක් නගරයේ බංකරයක සේවය කරමින් සිටියදී එල්ල වුණු යුක්රේන හමුදාවේ ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් නිපුණ මියගිය බව සේනක බණ්ඩාර පැවැසුවේය.

ප්‍රහාරයෙන් නිපුණගේ පපුවට, අත් වලට සහ පාද වලට තුවාල වී අධික ලෙස රුධිරය වහනය වූ බවත් තමන් නිපුණව කර තබාගෙන පැමිණෙද්දී තවත් ප්‍රහාරයක් එල්ල වීම හේතුවෙන් ඔහුව දමා ඒමට සිදු වූ බවත් සේනක බණ්ඩාර ප්‍රකාශ කර ඇත.

 



අදහස් (8)

රුසියා යුද්දෙට යන්න ලාංකිකයෝ පෝලිමේ

සෙනෙවිරත්න Friday, 29 March 2024 08:44 AM

ඔන්න උදයංග වීරතුංග මහත්තයෝ ඉල්ලමක් ,තමුන්නැහැගෙ සම්බන්ධතා පෙන්වල මේ අයට අවස්ථාව ලබාදෙන්න. සනුහරේම අරගෙන සමුලුවලට යන්න ඩොලර් යහමින් ඕන කාලයක් මේ.

:       7       72

පිටිගල මිලානෝ Friday, 29 March 2024 01:19 PM

රුපියල් පන්දාහට මිනී මරන පාතාල අළුගෝසුවන්ට රැකියා අවස්ථාවක්.

:       4       29

Ajantha Friday, 29 March 2024 01:22 PM

කාලකන්නි දේශපාලකයෝ අපේ රටේ මිනිස්සු වට්ටපු තැන .තමන්ගේ පවුල රකින්න වෙන රටක් වෙනුවෙන් ජීවිතේ දෙනවා .තොපිට හොඳක් වෙන්නේ නෑ රට කාපු කාලකන්නි

:       7       63

Ahmed (Gulf) Friday, 29 March 2024 01:26 PM

මිග් ජෙට් හොරා, වේරතුංග ඩීල් එකෙන් ලේ සල්ලි එකතු කරයි, මේ දුප්පත් මිනිස්සු යුක්රේනයේ "කැනන් ෆොඩර්" ලෙස මිය යනු ඇත, වළලනු නොලැබේ, රුසියානු පෙරමුණට කෑමක් නැත බෙහෙත් නැත මරණය මරණය මරණය පමණයි

:       7       33

Kumar Friday, 29 March 2024 07:45 PM

ලංකිකයෝ පෙරමුණට යවයි. උදයංග රුසියානුවන් ලංකාවට ගෙනැවිත් ගණනක් කපා ගනිවි. රුසියාවට ගිය අයට මසක වැටුපක් ලැබෙයිද මැරෙන්නට කලින්...?

:       2       10

Wasantha jayaweera Saturday, 30 March 2024 11:39 AM

තමන්ගේ දරුවන් වෙනුවෙන් මොනවද නොකරන්නේ... රටේ පාලකයෝ කරපු හොඳ වැඩ තමයි නේද?

:       1       5

ලෙස්ලි Saturday, 30 March 2024 11:42 AM

ලංකාවේ කෑගහන සමාජවාදීන්ට යන්න පුලුවන් තමන්ගේ සමාජවාදී බිම බේරාගන්න...

:       7       0

Upul Palitha Yalegama Sunday, 31 March 2024 12:09 PM

ඩොලර් ගේන්න පුළුවන්නේ...! 

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාකිස්තානයෙන් යළි ලොකු ලූනු ගෙන්වයි
2024 අප්‍රේල් මස 28 79 0

පකිස්තානයෙන් යළි ලොකු ලූනු ආනයනය කිරීමට පිටකොටුව ලොකු ලූනු ආනයනයකරුවන් පියවර ගෙන ඇතැයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ හා තොග වෙළෙදුන්ගේ සංග


බුර්හානි සෙරන්ඩිබ් පාසලේ සිසුන්ට සම්මානයක්
2024 අප්‍රේල් මස 28 73 0

තායිලන්තයේ පැවැති නිර්මාණශීලීත්වය සහ නවෝත්පාදනය සඳහා වූ ජාත්‍යන්තර සම්මාන වේදිකාවේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ කොළඹ බුර්හානි සෙරන්ඩිබ්


මහින්ද සිරිවර්ධනට සේවා දිගුවක්
2024 අප්‍රේල් මස 28 125 0

භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට තවත් වසරක සේවා දිගුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබා දෙනු ඇතැයි මුදල් අමාත්‍යාශයේ ජ්‍යෙෂ්ඨ නිල


පොදු සමා කාලයේ යුද සෙබළු 7156 ක් සේවයෙන් ඉවතට
2024 අප්‍රේල් මස 28 216 0

නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටි යුද හමුදා සාමාජිකයන් 7156 ක් පොදු සමා කාලයේ පළමු සතිය තුළදී සේවයෙන් ඉවත් කර ඇතැයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජ


ලංකාවේ මරණ වැඩිවෙලා
2024 අප්‍රේල් මස 28 940 1

අලුත විවාහ වන පෙම්වතුන් විවිධ හේතු මත වසර දෙක තුනකින් දික්කසාදවීම ( වෙන්වීම) වැඩිවන ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රෙජිස්ට්‍රාර් ජනර


ඇල්ල නාය තවත් සක්‍රිය වේ
2024 අප්‍රේල් මස 28 1073 4

ඇල්ල කරඳගොල්ල 10 කනුව මලිත්තගොල්ල ප්‍රදේශයේ නාය යාම වඩ වඩාත් සක්‍රීය වෙමින් විශාල බොරදිය ජලපහරක් ගලායමින් පවතින බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 369 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1767 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1598 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site