IMG-LOGO

2025 අගෝස්තු මස 12 වන අඟහරුවාදා


රාජිතට වරෙන්තු

(රෝෂන් තුෂාර)

කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබාදී  රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් කළේ යැයි කියන හිටපු ධීවර ඇමති  රාජිත සේනාරත්න වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි දන්වා කොළඹ අතිරේක මාහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා  අද වරෙන්තු නිකුත්  කළේය.

රාජිත සේනාරත්න මහතා අධිකරණය මගහරිමින් දිගින් දිගටම සැඟව සිටින බවට හා මාධ්‍ය නිවේදන නිකුත් කරමින් අල්ලස් කොමිසමේ විමර්ශනයන්ට බාධා කරන බවට අල්ලස් කොමිසම ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මෙම වරෙන්තුව නිකුත් කළේය.

 2012 මැයි මස 10 දින  SCO.WOOD CO.LMT නැමැති කොරියානු සමාගම විසින් කිරින්ඳ ධීවර වරායේ වැලි කැණීම්කර , එම වැලි දේශීය වෙළඳපොළට නිකුත් කළ හැකි පරිදි ව්‍යාපෘතියක් පවත්වාගෙන ගෙන යාම සම්බන්ධයෙන් විදේශීය සමාගම ඉදිරිපත් කළ යෝජනාවට නියමිත  ප්‍රසම්පාදන ක්‍රියාවලී හෝ කැබිනට් අනුමැතියකින් තොරව ක්‍රියාත්මක කර රජයට පාඩු කිරීම සම්බන්ධයෙන් සිදු කර විමර්ශනයේ සැකකරුවකු ලෙස නම් කර ඇති සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය බැවින් වරෙන්තු නිකුත් කරන්නයි අල්ලස් කොමිසම අද ඉල්ලා සිටියේය. 

 



අදහස් (0)

රාජිතට වරෙන්තු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 721 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 360 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site