
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රජය සතු ව්‍යාපාරවල යහපැවැත්මට ශක්තිමත් අභ්‍යන්තර විගණන ක්‍රියාවලියක් අත්‍යවශ්‍ය බව රජය සතු ව්‍යාපාර මූල්‍ය ප්‍රධානීන් සහ අභ්‍යන්තර විගණන නිලධාරීන් අමතමින් කෝප් කමිටු සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා පැවැසීය.
රජය සතු ව්‍යාපාර ආයතනවල අභ්‍යන්තර විගණනය සහ මූල්‍ය අධීක්ෂණය ශක්තිමත් කිරීම පිළිබඳව කෝප් කමිටුව විසින් එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලේ (UNDP) අනුග්‍රහයෙන් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මොනාක් ඉම්පීරියල් හෝටල් පරිශ්‍රයේදී සංවිධානය කළ වැඩමුළුවක් අමතමින් කෝප් කමිටු සභාපතිවරයා මේ බව පවසා සිටියේය.
මෙහිදී අදහස් දැක්වූ කෝප් සභාපතිවරයා, රජය සතු ව්‍යපාර ක්ෂේත්රයේ පවතින අසංවිධිත බව ඉවත් කිරීම සඳහා ක්‍රියාකාරී මැදිහත්වීමක් සිදුකළ යුතු බව කීය.
රාජ්‍යයට වග කියන නිලධාරීන් ලෙස ඉහළ කාර්ය සාධනයක් පෙන්වීම අපේක්ෂා කරන බවත් ඔහු පෙන්වා දුන්නේය.
සියලු රජය සතු ව්‍යාපාර ප්‍රධානීන් මීට පෙර කැඳවා සාර්ථක වැඩමුළුවක් පැවැත්වීමට හැකිවූ බව සඳහන් කළ කෝප් කමිටු සභාපතිවරයා, මූල්‍ය විනය සහ අභ්‍යන්තර විගණන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමේ අරමුණින් මෙලෙස සියලු ආයතනවල අභ්‍යන්තර විගණන නිලධාරීන් සහ මූල්‍ය ප්‍රධානීන් කැඳවා දැනුවත් කිරීමක් සිදු කිරීමට තීරණය කළ බවත් පවසා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd