
(ටී.කේ.ජී.කපිල )
එංගලන්තයේ පැවති 45 වැනි ජාත්‍යන්තර ඉංග්‍රීසි කතා කරන්නන්ගේ විවෘත කතික තරගාවලිය - 2026 ( English Speaking International Public Speaking Competition - 2026 ) සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ , කොළඹ රාජකීය විද්‍යාලයේ ඕමාර් හසාරි ශිෂ්‍යයා , එහි ලෝක ශූරතාවය දිනා ගෙන අද අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .
ලෝකයේ විශාලතම කතික තරගාවලිය වන මෙම තරගාවලිය ලෝකයේ රටවල් 45 ක තරඟ කරුවන්ගේ සහභාගීත්වයෙන් ඉකුත් 13 දින සිට 17 දින දක්වා එංගලන්තයේ ලන්ඩන් නුවර පවත්වා තිබුණි .
මෙම තරගාවලියේ දී ඉංග්‍රීසි කතා කරන ලෝකයේ ප්‍රබල රටවල් රාශියක් පරාජයට පත් කරමින් , ඕමාර් හසාරි ශිෂ්‍යයා මෙම ජයග්‍රහණය ලබා ගෙන තිබුණි .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුභපැතුම් පුතා
සුබ පැතුම්!
සුබ පැතුම්!
පුතේ, ඔබට හෘදයාංගම සුබ පැතුම්! ඔබේ අනාගතය ආශිර්වාදයෙන් පිරී ඉතිරී යේවා!
ඇදහිය නොහැකියි. මගේ හෘදයාංගම සුබ පැතුම්.
සුබ පැතුම් පුතා.
අති විශිෂ්ටයි උණුසම් සුභ පැතුම්
රටට ආඩම්බරයක් පුතා සුබ පතනවා ඉදිරි අනාගතයට