IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


රහස් ඡන්දය හෑල්ලු කරගෙන

ශ්‍රී ලංකාවේ  රහස් ඡන්දයේ  රහස් භාවය ඉවත් වී  වටිනාකමද විනාශ  කැර ඇතැයි ද සංඝරත්නයද ඊට දායක වීම ගැන කනගාටු වන බව ද ඉනාමලුවේ ශ්‍රී සුමංගල සියම් මහා නිකායේ රංගිරි දඹුලු පාර්ශවයේ මහානායක හිමියෝ පවසති.

‘අද රටේ බොහෝ දෙනා  තමන්ගේ ඡන්දයේ වටිනාකම   නැති කැරගෙන තිබෙනවා.අපේ ස්වාමීන් වහන්සේලා  මේ ආකාරයෙන් කටයුතු කිරීම ගැන ඇත්තටම කළකිරීමක් තියෙන්නේ. තමන්ගේ ඡන්දයේ රහස්‍ය භාවය  ආරක්ෂා කර ගන්න තමන්ට තමන්ගේ වටිනාකම වැඩිවෙනවා.තමන් නිතරම වටිනාකම අඩුකැර ගන්නවාද වැඩිකැර ගන්නවාද කියලා මේ රටේ ඡන්ද දායකයෝ සියලු දෙනා සිතා බැලිය යුතුයි.‘



අදහස් (0)

රහස් ඡන්දය හෑල්ලු කරගෙන

විජය Tuesday, 23 December 2014 11:00 AM

අර සේනාව දැක්කම ආස හිතෙනවද? අප්‍රිය හිතෙනවද? (නදී)

:       0       0

සදුනි Tuesday, 23 December 2014 04:17 PM

සුගුනවතී අක්කණ්ඩි යන කඩෙත් මට වැටහෙනවා.මම නම් හංගන්නේ නැතුවම මහින්දගේ ආධාරකාරියක් බව කියන්න කැමතියි. (නි)

:       0       0

සුගුනවති Tuesday, 23 December 2014 11:22 AM

සදුනි නංගියේ, නගා යන කඩේ ගැනනම් අපිට හොද අවබෝදයක් තියෙනවා. (නදී)

:       0       0

සදාජිත් වික්‍රම Tuesday, 23 December 2014 09:03 PM

අපේ අම්මා මට කියලා තියෙනවා පුතේ උඹ මහන උනොත් සාසනෙත් කයි කියලා. මට නම් මේ දේශපාලනය කරන ස්වාමීන්වහන්සේලා පෙනෙනනත් මාව අපේ අම්මට පෙනුන විදිහට තමයි (නදී)

:       0       0

සන්වන්නි Tuesday, 23 December 2014 12:06 PM

බෞද්ධ භික්ෂූන් දේශපාලනයට රැගෙන ආ සියළුම දේශපාලන පක්ෂ හා දේශපාලඥයින් බුදු සසුනට කළ අවමානයත් නිගරුවත් ආනන්තරීය පාපකර්මයක්. මන්ද ඉන් සංඝ භේදය හටගත් නිසා. දේශපාලනයේ රැඳී සිටිනා සියළුම භික්ෂූන් වහන්සේලාට කිසිදා නිවන් අවබෝධ කරගන්න ලැබෙන්නේ නෑ. මන්ද ලොව පවතිනා තාක් කල් ඔවුනට නිරයේ පැසෙන්නට සිදුවන බැවිනි (නදී)

:       0       0

සුමනා Tuesday, 23 December 2014 12:45 PM

ගොඩක් අය හිතන්නේ අපි බත් කන හරක් කියල නේ (දිල්)

:       0       0

බුද්ධි Tuesday, 23 December 2014 09:34 AM

ඔබ වහන්සේලාවත් මේ සිදුවන අසාධාරණකම් ගැන කතා කරන්න. කන් දුන්නොත් ඒක අපිට ලොකු ශක්තියක් වෙයි (නදී)

:       0       0

සඳුනි Tuesday, 23 December 2014 09:33 AM

අනේ හාමුදුරුවනේ, පාරම්පරික බෞද්ධයන් වන අපට භික්ෂූන් වහන්සේලාගේ අද දවසේ දේශපාලන කෙරුවාවල් දැක්කම ලොකු කල කිරීමක් ඇති වෙනවා. බොහෝ හාමුදුරුවරු ප්‍රධාන දේශපාලන ධාරා දෙකටත් සරසවි භික්ෂූන් ජ වී පෙට හෝ පෙරටුගාමීන්ටත් කඩේ යන්නේ පැවිදි බව අමතක කරලා. වගකිවයුතු මහනාහිමිවරුත් මෙයට පිලියමක් යොදන්න උනන්දු වෙන්නේ නැහැ. (නදී)

:       0       0

පතිරණ Tuesday, 23 December 2014 10:56 AM

අපේ හාමුදුරුවෝ කියන දේ ඇත්ත. එලිපිට කිවොත් මොකුත් කරන්න බෑ. අපරාදේ පස්සේ කරගන්න හිතන දේ දේ නැති වෙනවා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 392 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 228 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1020 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site