ශ්‍රී ලංකාවේ රහස් ඡන්දයේ රහස් භාවය ඉවත් වී වටිනාකමද විනාශ කැර ඇතැයි ද සංඝරත්නයද ඊට දායක වීම ගැන කනගාටු වන බව ද ඉනාමලුවේ ශ්‍රී සුමංගල සියම් මහා නිකායේ රංගිරි දඹුලු පාර්ශවයේ මහානායක හිමියෝ පවසති.
‘අද රටේ බොහෝ දෙනා තමන්ගේ ඡන්දයේ වටිනාකම නැති කැරගෙන තිබෙනවා.අපේ ස්වාමීන් වහන්සේලා මේ ආකාරයෙන් කටයුතු කිරීම ගැන ඇත්තටම කළකිරීමක් තියෙන්නේ. තමන්ගේ ඡන්දයේ රහස්‍ය භාවය ආරක්ෂා කර ගන්න තමන්ට තමන්ගේ වටිනාකම වැඩිවෙනවා.තමන් නිතරම වටිනාකම අඩුකැර ගන්නවාද වැඩිකැර ගන්නවාද කියලා මේ රටේ ඡන්ද දායකයෝ සියලු දෙනා සිතා බැලිය යුතුයි.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර සේනාව දැක්කම ආස හිතෙනවද? අප්‍රිය හිතෙනවද? (නදී)
සුගුනවතී අක්කණ්ඩි යන කඩෙත් මට වැටහෙනවා.මම නම් හංගන්නේ නැතුවම මහින්දගේ ආධාරකාරියක් බව කියන්න කැමතියි. (නි)
සදුනි නංගියේ, නගා යන කඩේ ගැනනම් අපිට හොද අවබෝදයක් තියෙනවා. (නදී)
අපේ අම්මා මට කියලා තියෙනවා පුතේ උඹ මහන උනොත් සාසනෙත් කයි කියලා. මට නම් මේ දේශපාලනය කරන ස්වාමීන්වහන්සේලා පෙනෙනනත් මාව අපේ අම්මට පෙනුන විදිහට තමයි (නදී)
බෞද්ධ භික්ෂූන් දේශපාලනයට රැගෙන ආ සියළුම දේශපාලන පක්ෂ හා දේශපාලඥයින් බුදු සසුනට කළ අවමානයත් නිගරුවත් ආනන්තරීය පාපකර්මයක්. මන්ද ඉන් සංඝ භේදය හටගත් නිසා. දේශපාලනයේ රැඳී සිටිනා සියළුම භික්ෂූන් වහන්සේලාට කිසිදා නිවන් අවබෝධ කරගන්න ලැබෙන්නේ නෑ. මන්ද ලොව පවතිනා තාක් කල් ඔවුනට නිරයේ පැසෙන්නට සිදුවන බැවිනි (නදී)
ගොඩක් අය හිතන්නේ අපි බත් කන හරක් කියල නේ (දිල්)
ඔබ වහන්සේලාවත් මේ සිදුවන අසාධාරණකම් ගැන කතා කරන්න. කන් දුන්නොත් ඒක අපිට ලොකු ශක්තියක් වෙයි (නදී)
අනේ හාමුදුරුවනේ, පාරම්පරික බෞද්ධයන් වන අපට භික්ෂූන් වහන්සේලාගේ අද දවසේ දේශපාලන කෙරුවාවල් දැක්කම ලොකු කල කිරීමක් ඇති වෙනවා. බොහෝ හාමුදුරුවරු ප්‍රධාන දේශපාලන ධාරා දෙකටත් සරසවි භික්ෂූන් ජ වී පෙට හෝ පෙරටුගාමීන්ටත් කඩේ යන්නේ පැවිදි බව අමතක කරලා. වගකිවයුතු මහනාහිමිවරුත් මෙයට පිලියමක් යොදන්න උනන්දු වෙන්නේ නැහැ. (නදී)
අපේ හාමුදුරුවෝ කියන දේ ඇත්ත. එලිපිට කිවොත් මොකුත් කරන්න බෑ. අපරාදේ පස්සේ කරගන්න හිතන දේ දේ නැති වෙනවා. (නදී)