(යොහාන් භාසුර)
රෝහල් 55 ක වසර කීපයක සිට පුරප්පාඩුව පැවැති සුළු සේවා පාලක පත්වීම් 108 ක් සෞඛ්‍ය අමාත්‍යංශයේ රෝහල් ඕවසියර් තුන්වැනි ශ්‍රේණියේ පත්වීම් ලෙස ප්‍රදානය කළේය.
සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ සුළු සේවක පාලක තනතුරු 348 ක් පැවතිය ද වසර ගණනාවක් තනතුරු 240 කින් සෞඛ්‍ය සේවය ක්‍රියාත්මක වූ බවත් එම අඩුව පුරවමින් මෙම පත්වීම් 108 ලබාදුන් බවත් සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
සෞඛ්‍ය අමාත්‍යංශය පසුගිය වසරේ ඔක්තෝබර් මස පැවැත්වූ තරග විභාගයේ ප්‍රතිඵල සහ යෝග්‍යතා ඇගයීමේ සම්මුඛ පරීක්‍ෂණයේ ප්‍රතිඵල මත පත්වීම් ලබාදුන් බවත් නිදහස් සෞඛ්‍ය රැකීමේ හැකියාව දියුණු කිරීම සඳහා කැපවන සේවකයන්ගෙන් සමන්විත පිරිස් බලයක් තිබිය යුතු බවත් සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අතින් එම සුළු සේවා පාලක පත්වීම් ප්‍රදාන කළේය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
රෝහල් සුළු සේවා පාලක පත්වීම් 108 ක්