ත්‍රිවිද හමුදා ගිනි නිවන ඒකකය ගින්න නිවීමට පියවර ගන්නා අතර අවට ප්‍රදේශවල ගිනි නිවන හමුදා සහායට පිටත්ව ගොස් ඇත. අවට සියලුම රෝහල් සූදානමින් තබා ඇති බව රෝහල් ආරංචි කියයි.
අවට වැසියෝ දරුමල්ලන් රැගෙන ත්‍රී රෝද රථ පාපැදි යතුරුපැදි හා තම වාහන වලින් කොස්ගමින් ඉවත් වෙමින් සිටිති. ඇතැම්හු කැලණි ගඟ ලඟට ගොස් ඔරු පාරු වලින් පිටත් වූහ.
කොස්ගම අවි ගබඩාවේ පිපිරුම් හඬ කිලෝමීටර් 50 කට වඩා දුරු දැරණියගල නූරිය වත්තට 7.30 ට පමණ ඇසුණ බව දැරණියගල ලංකාදීප මාධ්‍යවේදීනී රංජනී සෝමචන්ද්‍ර කියයි
'කඳු අතරින් අපට කොස්ගම පැත්ත පේනවා. ඒ පැත්තම කලු දුමකින් වැහිලා වගෙයි' ඇය කීවාය.
ජායාරූප - බුද්ධික කුමාරසිංහ
ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ
















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිනි නිවීමේ උපකරණ ක්‍රියාවිරහිත වෙලාද දන්නේ නැහැ තිබුනේ. සොයාබැලිය යුතුයි (නි)
අපට තිබුණ ලොකුම අවි ගබඩාව නේද? (නි)
යුද්දය පවතිද්දී මෙය ලොකුම අවි ගබඩාව කිසිවකුටත් අනතුරක් නොවේවා (ම)
අනේ දෙවියනේ මෙහෙමත් විනාශයක්! (නි)
ජයසිරි, නිමල්, දසුන්, ලෝකයේ මෙවැනි හදිසි අනතුරු බහුලව සිදුනොවුණත්, ගබඩාකරණයේ සිදුවෙන අත්වැරදි වලින් මෙවැනි විනාශයන් සිදුවනවා. මෙයට හිටපු ආණ්ඩුව හෝ අලුත් ආණ්ඩුවට දොස්කියලා පලක් නැහැ (නි)
රටේ ආරක්ෂාව බංගවෙලා ගිහිල්ලා. වර්තමාන රජය ගැන කිසිම විශ්වාසයක් තියාගන්න පුලුවන්ද (නි)
දන්නා නොදන්නා හැමදේම ගැන තීන්දු තීරණ මේ අවස්ථාවේ දෙන්න එපා. රටේ අවි ගැන ජනතාව දන්නා දෙයක් නැහැ. අනෙක මේක ස්වභාවික විපතක්. දේශපාලනය මේ දේවල් වලට යොදාගන්න එපා (නි)
වෙනසක මහිම තමයි දැන් අපිට ඔය දැනෙන්නේ. (නි)
ඉදිරියට තව වෙනස්කම් ගණනාවක් දැකගන්න ලැබෙයි (නි)
අනේ දෙවියනේ, ජීවිත හානි නම් නොවේවා! (නි)
කාගේ ශාපද මේ? එකක් ඉවර වෙද්දී තව එකක්. මොකක්ද මේ වෙන්න යන්නේ අපේ රටට? (නි)
මේක කුමන්ත්‍රණයක් නම් මේ ජාතික අපරාධය කළවුන්ට රජ කාලේ දඬුවම් දිය යුතුයි (නි)
අපේ රටට මේ මොකද වුණේ? (නි)
කිසිවෙකුටත් අනතුරක් නොවේවා! (නි)
මෙවැනි අවසථාවල වෙන්නේ ඒ අවට අය ආරක්ෂාව තකා පිටතට යන්න හැදුවත් පිට ගම් වල ඉන්න මිනිසුන් අනතුර බලන්න ඒ දෙසට ගමන් කිරීම නිසා අනවශ්‍ය තදබදයක් ඇතිවීම (නි)
අයියෝ දෙවියනේ, මේ මොනවද සිද්ධ වෙන්නේ? (නි)
හැම දෙයක්ම දේශපාලන කෝණයකින් දකින්න එපා (ම)
කාලෙකට පස්සේ ඇහුණ වෙඩි හඬ නැවත ඇහෙද්දී අතීතය දන්න අය වෙව්ලනවා. යුධ හමුදාවත් සීරුවෙන් ඇති. හැබැයි එදත් අදත් හැබැයි රට කෑ අය සතුටින් (නි)
වෙනසක මහිම තමයි දැන් අපිට ඔය දැනෙන්නේ (නි)
මේවගේ අවස්ථාවකදීත් පටු දේශපාලනය ගාවගෙන කාලකන්නි සතුටක් ලබන අරුම පුදුම මිනිස්සුන්ගේ අදහස් දැක්ම කලකිරෙනවා. (ම)
මේ විපත් වලින් අපේ රට කවදා ගැලවේද ? (ම)
සාමය උතුරා යන නිසා අපිට දැන් අවි අවශ්‍ය නැහැ.. (ම)
කඩේ යන අය ඒකත් බලන්නේ වෙන කෝණයකින්. යුද ආයුධ රැකගැනීම යුද හමුදාව සතු වගකීමක් මිසක් රජයේ වගකීමක් නොවෙයි. ඕක වෙනසේ ප්‍රතිඵලයක් වෙන්නේ කොහොමද (නි)
මම නම් පතන්නේ කිසිදු පුද්ගලයෙකුට කරදරයක් නොවේවා කියලයි (නි)