අතීතයේ පැවති ආරෝග්‍යශාලා ලොතරැයිය හා සමාන ලොතරැයියක් නැවත ආරම්භ කිරීමේ හැකියාව සම්බන්ධයෙන් ශඛ්‍යතා අධ්‍යයනයක් සිදු කරගෙන යන බව ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිනි ශර්මිලා පෙරේරා මහත්මිය පැවසුවාය.
ආර්ථික දුෂ්කරතා හේතුවෙන් පවතින දරුණු රෝගී තත්ත්වයන් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට අපහසු රෝගීන්ට පිළිසරණක් ලෙසින් මෙවන් ලොතරැයියක් හඳුන්වාදීමේ අවශ්‍යතාවය මතුවී ඇති බවත් ශර්මිලා පෙරේරා මහත්මිය සඳහන් කළාය.
ඇතැම් සැත්කම් සහ වෙනත් වෛද්‍ය ප්‍රතිකාර වෙනුවෙන් විශාල මුදල් වැය කළ යුතුව ඇති බවටත් හෙළිදරව් වී ඇත.
එම නිසා සමාජ සත්කාරයක් ලෙස මෙවැනි ලොතරැයියක අවශ්‍යතාව පැණ නැගී ඇති බැවින් මුදල් ඇමැති රවී කරුණානායක මහතාගේ උපදෙස් මත මෙම කර්තව්‍ය සිදුවෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමෝම එන්නේ පන දෙන්න තමා. එත් යනකොට යන්නේ ඔක්සිජන් බෝතලයත් අරගෙනම .මේවා අපිට අහලා ඇතිවෙලා තියෙන්නේ . (දී)
වෙනසින් පස්සෙත් ලෙඩේට-දුකට ආණ්ඩුවේ බෙහෙත් නැද්ද ? (නදී)