(රංජන් කස්තුරි)
නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමෙන් සයිටම් අර්බුදයට විසඳුමක් නොලැබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමෙන් සයිටම් ප්රශ්නය අවසන් වන්නේ යැයි වැරදි මතයක් රටේ මැවීමට සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා උත්සාහ දරමින් සිටින බවත් එම සංගමයේ ලෙක්ම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කියයි.
සයිටම් ගැටලුව විසඳීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා අගමැති අතර පවතින සාකච්ඡා ක්‍රියාවලිය විනාශ කිරීමේ අරමුණින් සෞඛ්‍ය ඇමැතිවරයා කටයුතු කරන බවද ඔහු ප්‍රකාශ කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විසඳුම ඒක නෙමෙයි නම්... දුප්පත් සහ අසරණ රෝගීන් බිල්ලට දෙන " වර්ජනය" ට නම් යන්නෙපා... මොකද මිනිස් ජීවිතවල වටිනාකම ගැන නොසිතා වර්ජනය කළොත්.. ඔය ' අමනුස්සයින් ' ගේ ජීවිතත් පොදු ජනතාවට වටින්නෙ නැතිවෙයි. රටේ අවාසනාවටම හැදිච්ච වෘත්තීය සමිතියක් තමයි. මමත්වයෙන් සහ කුහකත්වයෙන් පිරිච්ච අයට කොහොම සැළකුවත් පව් නැහැ.
මෙවර වර්ජන කලොත් පොදු ජනතාවත් නිකන් ඉන්නේ නැති බව මතක තබා ගන්න.
වර්ජන නවතා විසදුම් හොයමු.
ඔබලාට මුලින්ම තිබුණු ප්රශ්නය සයිටම් ශිෂ්‍යන්ට රෝහල ප්‍රමාණවත් මදි. ඇඳන් වල ලෙඩ්ඩු නැහැ. දැන් රජයට රෝහල ගත්තහම ඇඳන් වල ලෙඩ්ඩු ඉන්නවා. දැන් මොකක්ද තියෙන ප්රශ්නය? නිකම් ඊනියා ප්‍රමිතියක් ඉස්සරහට දාගෙන රටට ජනතාවට කුහකකම් පෙන්නන එන්න එපා. ඔයගොල්ලෝ කව්ද කියලා දැන් ජනතාව හොඳට දන්නවා. පුළුවන්නම් ස්ට්‍රයික් කරන්න. ජනතාව උත්තර දෙන්නයි බලන් ඉන්නේ...
සයිටම් සිසුන්ට රජයේ රෝහල් වල සායනික පුහුණුව දීමටත් විරුද්ධයි. ඊට පස්සේ සායනික පුහුණුව නැහැ කියල ලෙඩ්ඩු වෙනුවෙන් කියලා වර්ජනය කරනවා. රෝහලට රෝගීන් අඩු ඒක ගෙවන රෝහලක් නිසා. රජයට ගත්තම නොමිලේ රෝහලක් වුණාම ලෙඩ්ඩු එනවා. එතකොට සායනික පුහුණුව දෙන්න පුළුවන්. මස් රාත්තලම ඉල්ලන ෂයිලොක්ලා සේවයෙන් නෙරපන්නට කාලය ඇවිත්.
මම දොස්ටර කෙනෙක් නොවුණත් රාජිත සේනාරත්න මහත්තයාට තියෙන ප්රශ්නය මොකක්ද? මෙතරම්ම. මේක දුප්පත් සහ පොහොසත් දෙපාර්ශවය අතර තියෙන සටනක් වගේ...
දැන් ඔයගොල්ලන්ට අගමැති හොඳ වෙලාද? සංගමයේ ලොක්කා නේද කිව්වේ අගමැතිට මොකක්ද තියෙනවයි කියලා?
මේ දොස්තරලා 2011 පටන් කොහෙද හිටියේ?
මේ ගොල්ලෝ දැන් මොකද මේ කියන්නේ? මේ ගොල්ලෝ කියන දේම රජය කරන්න ඕනේ කියල කොහෙද නීතියක් තියෙන්නේ? මේ ඉරිසියාවෙන් කරන සමිතිය කියන දේවල් කරන්න නම් මේ රටට ආණ්ඩුවක් මොකටද? මේගොල්ලෝ කියන දේම කරන්න මේ රජය තොරා පත්කරගත්තේ ජි.එම්.ඕ.ඒ. එකද?
මම වෛද්‍ය ශිෂ්‍යයෙක්.. කරදර කරන්නේ නැතිව අපට ඉගෙන ගන්න දෙන්න. අපි තවත් වර්ජන වලට නැහැ. අගෝස්තු 1 පටන් පන්තිවලට යනවා. පුළුවන් නම් නවත්වන්නකෝ...
මේ අයට පිස්සුද පුද්ගලිකත් හොඳ නෑ ආණ්ඩුවට ගන්නත් බෑ.
මෙක ඉතින් විසඳුමක් වෙයි නෙවිල්ට කඩේ යන කට්ටියට නම්. අපිට නම් ඉතින් සයිටම් ප්රශ්නය පේන්නෙ එතනමයි කියල. වෛද්‍යවරුනි, අඛන්ඩ වැඩ වර්ජනයකට ගිහිල්ල හරි කමක් නැහැ ඕක ඉක්මනට වහල දාන්න. ඔබතුමන්ලාට අත උස්සන්න බලාගෙන ඉන්න රැලකට පුලුවන්නම් ඉස්පිරිතාලෙකට ඇවිල්ල අත උස්සල බලන්න කියන්න. එහෙම වුනොත් ඔබලා වෙනුවෙන් ඒකෙ ඉන්න රෝගීන්ම ඔය එන කට්ටියට හොඳට උත්තර දෙයි.
පුද්ගලික වෛද්‍ය විද්‍යාල හොඳ නැතිනම් පුද්ගලික රෝහල් , පුද්ගලික බෙහෙත් ශාලා හොඳ වෙන්නේ කොහොමද ? පුද්ගලික රෝහල්වල , පුද්ගලික බෙහෙත් ශාලා වල ප්‍රමිතිය පරික්ෂා කරනවද ? මේක විවෘත ආර්ථිකයක් තිබෙන රටක්
අද හෙටම මේ කට්ටිය මහපාරේ ගුටි කාගෙන රජයේ ඉස්පිරිතාලවල බෙහෙත් ගන්න වේවි
විසඳුම වර්ජනය කරන එකනේ ලෙඩ්ඩු අමාරුවේ දාල. ඒකට උත්තර දුන්නනම් හරි.
මෙවර වර්ජන කලොත් පොදු ජනතාවත් නිකන් ඉන්නේ නැති බව මතක තබා ගන්න, මේ දොස්තරලා 2011 පටන් කොහෙද හිටියේ?
අසරණ රෝගීන් තලාපෙලා දානවට හොඳක් නම් වෙන්නේ නැහැ.