ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ නවතම ශ්‍රේණිගත කිරීම් වලට අනුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රොහාන් සිරිසේන සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඉෂාරා මදුරංගි පිරිමි සහ කාන්තා කේවල ඉසව්වන්හි පෙරමුණ ගෙන සිටිති.
පිරිමි අංශයේ දෙවැනි ස්ථානයේ රැදී සිටින මහනුවර විද්‍යාර්ථ විදුහලේ උදය රණසිංහ (ප‍්‍ර. ල. 100.28), රොහාන් සිරිසේන වඩා ප‍්‍රසාද ලකුණු 2.72 ක් පිටුපසින් සිටියද තුන්වැනි ස්ථානයේ සිටින කී‍්‍රඩකයාගෙන් පළමු සහ දෙවැනි ස්ථාන වල සිටින කී‍්‍රඩකයන්ට කිසිදු තර්ජනයක් නැත.
කාන්තා ශ්‍රේණිගත කිරීම් අතරේ දක්නට ඇත්තේත් එවැනිම තත්ත්වයකි.
මෙම ශ්‍රේණිගත කිරීම ජූනි මස 3 වැනිදා දක්වා ලබාගත් දත්ත වලින් සකස්කර ඇතත් එදා සිට මේ දක්වා (ජූනි මාසයේදී) ශ්‍රේණිගත තරගාවලි පවත්වා නැත.
පිරිමි ශ්‍රේණිගත කීරීම් අනුපිළිවෙළ
| ස්ථානය | කී‍්‍රඩකයා | කී‍්‍රඩා සමාජය / පාසල | ප‍්‍ර. ලකුණු |
| 1 | රොහාන් සිරිසේන | ශ්‍රී ලංකා ගුවන් හමුදාව | 103.00 |
| 2 | උදය රණසිංහ | මහනුවර විද්‍යාර්ථ විදුහල | 100.28 |
| 3 | මලින්ද ලක්ෂිත | ශ්‍රී ලංකා ගුවන් හමුදාව | 63.07 |
| 4 | ඉන්දික ප‍්‍රසාද් | ශ්‍රී ලංකා නාවික හමුදාව | 61.35 |
| 5 | බී. එන්. පී. ජයසිංහ | මාර්ස් ආයතනය | 56.63 |
| 6 | කේ. එස්. ටී. චලිත | සෙලාන් බැංකුව | 42.65 |
| 7 | එස්. ආර්. ගනේගොඩ | ශ්‍රී ලංකා ගුවන් හමුදාව | 32.73 |
| 8 | සජිත් කාවින්ද | ශ්‍රී ලංකා යුද හමුදාව | 32.27 |
| 9 | සී. පී. ලියනගේ | ශ්‍රී ලංකා ගුවන් හමුදාව | 30.23 |
| 10 | දිනේෂ් දේෂපි‍්‍රය | ශ්‍රී ලංකා නාවික හමුදාව | 25.23 |
කාන්තා ශ්‍රේණිගත කීරීම් අනුපිළිවෙළ
| ස්ථානය | කී‍්‍රඩකයා | කී‍්‍රඩා සමාජය / පාසල | ප‍්‍ර. ලකුණු |
| 1 | ඉෂාරා මදුරංගි | ශ්‍රී ලංකා ගුවන් හමුදාව | 136.82 |
| 2 | එරන්දි වරුසවිතාන | අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල | 102.77 |
| 3 | නුවනි නවෝද්‍යා | අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල | 66.41 |
| 4 | රිද්මි කරදනාරච්චි | මහනුවර මහාමායා විදුහල | 45.40 |
| 5 | පවනි සිරිසේන | කුරුණෑගල මලියදේව විදුහල | 33.69 |
| 6 | රුහංසි විජේකෝන් | ශ්‍රී ලංකා ගුවන් හමුදාව | 32.31 |
| 7 | චමත්සරා ප‍්‍රනාන්දු | ගල්කිස්ස උසස් බාලිකා විදුහල | 30.68 |
| 8 | ශානිකා සිල්වා | ශ්‍රී ලංකා ගුවන් හමුදාව | 30.34 |
| 9 | උමායා තාරකී | අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල | 29.15 |
| 10 | හංසනී පියුමිලා | නුගේගොඩ අනුලා විදුහල | 27.44 |
(*)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාන්තා අංක හතර ස්ථානයේ සිටින දුව සැබවින්ම දක්ෂ අවංක ක්‍රීඩිකාවක් තවමත් අවුරුදු දාහතරක් වන ඔබට ශ්‍රී ලංකාවේම ප්‍රථමයා වන්නට දහිරිය ලැබේවා (අ)