
(රන්ජන් කටුගම්පොල)
පසුගිය මහ මැතිවරණයේදී හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා තේරී පත්වීම බල රහිත කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා විසින් ගොනු කළ තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ග්‍රෙෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළේය.
මෙම පෙත්සම අගවිනිසුරු ප්‍රිති පත්මන් සූරසේන, මහින්ද සමයවර්ධන සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීණ
හිටපු අමාත්‍ය දොස්තර රාජ්‍ය සේනාරත්න මහතා විසින් ගොනුකොට තිබූ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේවර්ධන මහතා ඇතුළු පිරිසන් නම් කරනු ලැබ සිටිති.
පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී කළුතර දිස්ත්‍රික්කයේ ඡන්ද ගණන් කිරීමේදී විවිධ අන්දමේ අක්‍රමිතා සිදුවී ඇති බවත් ඒ අනුව රෝහිත අබේගුණවර්ධන මහතා පත්වීම නීතියට පටහැනි බවත් සඳහන් කරමින්ම පත්විය බලරහිත කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍යවරයා විසින් මෙම පෙත්සම ගොනු කරනු ලබා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෝහිත යවන්න ඔයා කවුද? ඔයා වෙන ගැලවෙන ක්‍රමයක් හොයාගන්න.
අනේ වෙච්ච දෙයක්
දැන් ඉතින් ඔය තරහ මරහ අමතක කරන්න කාලෙ හරි...