(මනෝප්රිය ගුණසේකර)
සිය නිත්‍යනූකූල ආදායම් හා වත්කම් වලින් උපයාගත නොහැකි රුපියල් කෝටි හතරකට අධික මුදල් හා දේපළ වල හිමිකරුව සිටින බවට චෝදනා ලැබ සිටින හිටපු වරාය හා මහාමාර්ග ව්‍යාපෘති ඇමති රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය ලබන වසරේ මාර්තු මස 18 සහ 28 වැනි දිනවල පැවැත්වීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා අද (11) තීරණය කළේය.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සැලකිල්ලට ගත් විනිසුරුවරයා එලෙස නියම කළේය.
2004 මාර්තු මස 31 වැනිදාත් 2006 මැයි මස 31 වැනිදාත් අතර කාලය තුළ සිය නීත්‍යනූකූල ආදායම් හා වත්කම් වලින් උපයාගත නොහැකි මෙන්ම උපයාගත් ආකාරය හෙළි කළ නොහැකි රුපියල් කෝටි හතරකට අධික මුදල් හා වත්කම් වල හිමිකරුව සිටින ලදැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව නඩු පවරා ඇත.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකාර රෝහිත අබේගුණවර්ධන මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.
මෙම නඩුවේ වැඩිදුර විභාගය ලබන වසරේ මාර්තු මස 18 සහ 28 වැනි දිනවල පැවැත්වීමට විනිසුරුවරයා තීරණය කළේය.
පැමිණිල්ල වෙනුවෙන් අල්ලස් කොමිසමේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් එස්.අයි. ජයසිංහ මහත්මිය සමඟ ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ සුදර්ශනද ද සිල්වා මහතා පෙනී සිටියේය.
විත්තිකරු වෙනුවෙන් ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස මහතා සහ නීතීඥ නිරෝෂන් සිරිවර්ධන මහතා ඇතුළු නීතීඥ මඩුල්ලක් පෙනී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කට ඇරියොත් කොහොමද සද්දේ ? හොයාගන්න පුළුවන් වූ මුදල කොටි හතරක් වෙන වෙන අයගේ නම්වලින් මිලට ගත්ත ඒවා තව කොච්චර තියෙන්න පුලුවන්ද?
ආනේ! මේ වගේ අහිංසක කිරිසප්පයින්ටත් නඩු දාන සිරිතක් තියනවද? මේවා යු.එන්.පී. කාරයින්ගේ කුමන්ත්‍රණ... ඉතින් මේ අයගේ ආණ්ඩුව මොන උප්පරවැට්ටියක් හරි දාලා පෙරලන එක වැරදියිද මන් අහන්නේ? ඒ මදිවට මේ අහිංසකයාව පසුගිය කාලේ නයෙකුත් දෂ්ට කෙරුවා. දෙයියන්ගේ පිහිටෙන් නයා නම් මැරුණා! හොඳින් හරි, නරකින් හරි පොහොට්ටුවෝ එකතුවෙලා ආණ්ඩුව පෙරලන්න හදන්නේ අපේ පාඩුවේ දැහැමින් සෙමෙන් හොරකම් කරගන්නවත් ඉන්න අපිට ඉඩ නොදෙන හින්දා!