හම්බන්තොට මාගම්පුර වරාය ආශ්‍රයෙන් ආයෝජන කලාපයක් සඳහා චීන සමාගමකට ඉඩම් බදු දීමට යතියි කියමින් ‘හම්බන්තොට ජනතා අයිතීන් සුරැකීමේ එකමුතුව‘ අද (14) මිරිජ්ජවිල මංසන්ධියේ දී මාතර - හම්බන්තොට පාර පැය තුනක් වසා උද්ඝෝෂණයක් කළේය.
අද පස්වරුව වනවිට පාරේ අවහිරය අවසන් විය. දහසකට ආසන්න ප්‍රදේශවාසීහු එම උද්ඝෝෂණයට එක්වූහ.
මේ අතර මාගම්පුර වරාය සේවකයන්ගේ වර්ජනය අද විසඳුමකින් තොරව අටවැනි දිනට එළැඹීය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කට්ටියට හරි වියදම් ඇති පෝස්ටර්, බැනර් වලට එහෙම. (නි)
මේවා පසුපස බංකොලොත් දේශ පාලුවෝ සිටින බව පැහැදිලිය. මොවුන්ගේ අරමුණ මෙවැනි බොරු විරෝධතා පෙන්වා ආයෝජකයන් හරවායැවීම, ආයෝජන බලපොරොත්තුවෙන් ලෝකේ බොහෝ රටවල් බලා සිටී. මේ මෝඩ ම්නිසුන් තමන්ගේ වල තමා විසින්ම කපාගන්න පාරට බැස ඇත. (බ)
හම්බන්තොට අක්කල දවල්ට සල්ලි වලට පිකටින් රෑට සල්ලි වලට හයර් (බ)
ප්‍රදීප්,නිකන් ආණ්ඩුවට කඩේ යන්න එපා. මේ මිනිස්සු උද්ඝෝෂණ කරන්නේ හේතුවක් ඇතුව (නි)
ප්‍රදීප්ගේ අදහසට මම එකඟයි. රටේ මිනිස්සු මොනවා දැනගෙනද මේ උද්ඝෝෂණ? (නි)
එසේ දෙන ඉඩම් වලින් රැකියා ඇතිවෙනකොට ප්‍රමුඛතාව හම්බන්තොටට ඉල්ලන එක නේද තේරුමක් ඇති දේ? (නි)
වරාය චීනයට විකුණා දැමීම නම් මහා අපරාධයකි. කෙසේ හෝ එය රජය යටතේ තබාගෙන ලාබ ලබන තත්වයට පත්කළ යුතුයි. (නි)
කුහක දේශපාලන අවස්ථාවාදීන් නිසා මේ වගේ දේවල් වෙනවා. කඩාකප්පල් කරලා මේවට වන්දි ගෙවන්නේ අනාගත පරම්පරාව. (නි)
රටම දන්නවා මේ උද්ඝෝෂණ පිටිපස්සේ ඉන්නේ කවුද කියලා. පටු දේශපාලන අරමුණු වෙනුවෙන් කම්කරුවන් පාවිච්චි කළේ අද ඊයේ නොවේ (නි)
පටු දේශපාලන අරමුණු මේ විරෝධතා මෙහෙයවන බව අපි දකිනවා (නි)
මේවා අපේ මවුබිමට අහිතකරයි (නි)
උද්ඝෝෂණ වැහිවැහැලා. වැඩක් කරන පාටක් නැහැ අපේ මිනිසුන්ගේ. දේශපාලන හස්තයට යටවුණොත් රට අරාජිකයි. (නි)
මේ කමෙන්ට්ස් දාල තියන අය බදු වැඩි වෙනවට කැමති අය විය යුතුය . තවද රට චීනට විතරක් නොවේ රට බල්ලට ගියත් වැඩක් නෑ. සමහර විට අනාගතය බාරගන්න දරු පරම්පරාවල් නැති අය විය යුතුය.(බ)
කතරගම යන එන ඔබෙන් ඉල්ලීමක් ,හම්බන්තොට හා ඒ අවට ප්‍රදේශයේ විකිණීමට ඇති කිසිම දෙයක්,වතුර බෝතලයක් ,දිවුල් ගෙඩියක් වත් ගන්න එපා මේ අයට සම්බාදක පනවන්න හොදම විදිය තමයි ඒ, එවිට මේ සියල්ල පිටුපස සිටින අය කන්න බොන්න දෙවි (හේ)
පොලිස්පති තුමාටත් තියෙන්නේ කොට කලිසමක් ගහගෙන ඇවිත් කොනක හිටන් නෙලන්නයි. පස්සේ මාධ්‍ය සාකච්ඡාවක් තියලා ගැහුවේ නැහැ යන්න කිව්වා කියල කියන්න පුළුවන්නේ (බ)
මේ මිනිස්සුන්ගේ දුක පෙන්නේ නැද්ද කාටවත්.(හේ)
ප්‍රදීප් කියනවා වගේ මේවා පසුපස බංකොලොත් දේශපාලුවෝ සිටිනවා. ඔවුන් මුළු රටම පහුගිය කාලේ කොල්ලකෑවා. මදිකමට ආයෙත් බලයට එන්න උත්සාහ කරනවා. වර්තමාන යහපාලන රජයත් ඔවුන් සුරතල් කරනවා. (නි)
ඉතියෝපියා වැනි ඉතා දිළිඳු රටවල් කර්මාන්තපුරවල් සාදා විශාල විදේශ ආයෝජකයන් ආකර්ෂණය කරමින් සීග්‍ර ලෙස දියුණුවෙමින් පවතී. අපි මෝඩ දේශපාලකයන්ගේ උසිගැන්වීම් වලට පක්ෂ පාට ආගම් වලට බෙදී කුලල්කාගමින් රට තවත් යුද්ධයකට තල්ලුකරමින් පවතී. (නි)
අජිත්, නිශ්ශංක, නැව් එනවා නම් කොහෙද සුදු අලි ඉන්නේ? (නි)
සිරිපාල, නාමල් ඇවිල්ලා නැහැ වගෙයි (නි)
ප්‍රදීප්, බංකොලොත් වෙලා හිටිය සමහරුත් දැන් පාර්ලිමේන්තුවේ. අනික් අය බංකොලොත් නැත. (නි)
අනුර, වැරදි කළේ දැන් ආණ්ඩුවද? කලින් ආණ්ඩුවද? (නි)
හම්බන්තොට වරාය කියන්නේ අපේ රටේ සම්පතක්. එ්ක හැදුවේ රාජපක්ෂ යුගයේ වුණත් මේ වරාය යෝජනාව බොහොම ඉස්සර ඉඳන් තිබුන අර්ථවත් යෝජනාවක්. මෙතනදී ජනතාවට ප්‍රශ්නය වුණේ මේ වරාය සෑදීමේදී සිදුවුණා යැයි කියන අක්‍රමිකතා සහ අනුගමන යකළ විනිවිදභාවය පිළිබඳ ප්‍රශ්නය මිසක් වරාය ස්ථානගතවීම පිළිබඳ ප්‍රශ්නයක් හෝ වරායේ අවශ්‍යතාවය පිළිබඳ ප්‍රශ්නයක් නොවෙයි. (නි)
ප්‍රදේශවාසීහු තමන් උද්ඝෝෂණය කරන්නේ මොනවටද කියලාවත් දන්නවද? (නි)
රට වෙනුවෙන් පෙනීසිටින්න ඕනෑම පුරවැසියකුට පුළුවන්. විටින් විට පත්වෙන දේශපාලුවන්ට ඕනෑ විදියට රට කරවන්න දෙන්න ගියොත් හොඳට හිටි (නි)
මේවා පසුපස බංකොලොත් දේශපාලුවෝ සිටින බව පැහැදිලිය. මොවුන්ගේ අරමුණ මෙවැනි බොරු විරෝධතා පෙන්වා ආයෝජකයන් හරවා යැවීමයි. මෝඩ මිනිසුන් තමන්ගේ වළ තමා විසින්ම කපාගන්න පාරට බැස ඇත. (නි)
ප්‍රදීප්ට යමක් කමක් තේරෙනවා වගේ. ලංකාවේ දැන් හැමදේම බංකොලොත් (නි)
රට කරවන්න නම් වටිනා කියන දේ විකිණිය යුතුය රටේ..... අදහස් දාන අය එහෙමද කියන්නේ? (නි)
පාරවල් වහන අයට හොඳට සළකන්න අප්පච්චිගේ කාලේ දුන්නි වගේ (නි)
සුදු අලියෙක්නම් චීන්නු මේක ගන්නේ පිස්සුවටද. මතක් වෙන්නේ නන්දා මාලනීගේ සින්දුව රට කරවන්න්නම් (බ)
වැලිවේරියෙ වතුර ප්‍රශ්ණ විසඳපු හමුදාවෙ අය හම්බන්තොටට යැව්වනම් ඉඩම් ප්‍රශ්ණෙ හොඳින් විසඳන්න තිබුණා.(බ)
මේ 500 විතර සේවක පිරිසට අලුත් කම්පනියෙන් හරි රැකියාවට ගතයුතුයි කියල කම්පනිය එකග කර ගැනීම රජයෙ වගකීමක් (බ)
රටේ හැමතැනම මේ වගේ කරන්න ඕනේ මේ කාලකණ්ණි ආණ්ඩුව ගෙදර යවන්න (බ)
ඔය උඩ අදහස් දක්වපු අයට තමන් උපන්දා සිට ජීවත්වුන ගෙදර දාල යන්න වුනොත් කෑමතිද? (අ)
නාමල් මහත්තයා ඇවිල්ලා නැද්ද? (නි)
මේ සුදු අලියාව නඩත්තු කරන වගකීම මේ වර්ජන කරන අයටම පවරන්න! (බ)
මේවට දේශපාලනය නම් ගාව ගන්න එපා. මොකද දැන් කාලයක ඉඳන් වෙනත් අයට බනින එකනේ කරන්නේ. (බ)