හම්බන්තොට ඉඩම් චීන ආයෝජකයින්ට ලබාදීමට විරෝධය පළ කරමින් ගොවි සංවිධාන රැසක් අද (23) හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් ඇරැඹූහ.
කැති, උදලු, පෝරු, නගුල් ආදී උපකරණ රැසක් රැගෙන විත් ඔවුහු විවිධ සටන් පාඨ කියමින් විරෝධයේ යෙදෙති.
හම්බන්තොට ඉඩම් චීන ආයෝජකයින්ට ලබාදීමට විරෝධය පළ කරමින් ගොවි සංවිධාන රැසක් අද (23) හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් ඇරැඹූහ.
කැති, උදලු, පෝරු, නගුල් ආදී උපකරණ රැසක් රැගෙන විත් ඔවුහු විවිධ සටන් පාඨ කියමින් විරෝධයේ යෙදෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හම්බන්තොට දිසා, ඇයි උතුරේ ඉඩම් ඉල්ලන්නේ නැත්තේ? (නි)
මොනවා උනත් මේ අය රටේ ඉඩම් ආරක්ෂා කර ගන්න උද්ගෝෂණය කරන්නේ. අපි එක අගය කරන්න ඕනි. (ම)
රොහාන්, මහින්ද මහත්තයා මේ විදිහට ඉඩම් දුන්නෙ නැහැ (නි)
එතකොට වරාය, ගුවන් තොටුපොළ හදන්න ඉඩම් ගන්නකොට විරෝධය දැක්වුවේ නැත්තේ මොකද, එකෙන්ම පේනවා මේ සියල්ල කගේ වුවමනාවට ද කරන්නේ කියල (ම)
බමුණු ආරච්චි, මොළයක් තියෙන්නේ කල්පනා කරන්න. සුද්දා තේ වවලා තේ වතු වල වැඩට මිනිස්සු ගෙනාවේ දකුණු ඉන්දියාවෙන්. අද ඒ පළාත් දකුණු ඉන්දියානුවන්ටම සින්නක්කර වෙලා. චීනෙට දෙන අක්කර 5000 යේ වැඩට චීන්නු ගෙනාවම කවදාහරි ඔය පළාතත් චීන්නුන්ටම තමා. රටක් විදියට අපි දියුණු වෙන්න ඕනෑ. එක වෙන්ඩ ඕනෑ අපේ රටේ අනාගතය වෙන රටකට උකස් කරලා නෙමෙයි (නි)
චීනය මොන වැරැද්දක් කළාටද චීනෙට විරුද්ධ වෙන්නේ (නි)
සුද්දා තේ වැවුවේ නැත්නම් අපි තාම කොළ අතු අඳින්නේ! (නි)
කවදාවත් ලංකාවට ගොඩ යන්න බැරි මේ නිසයි (බ)
රජ කාලේ රට විකුණනකොට හිටියේ කොහෙද අහනවා. කාටද විකුණුවේ? එ්කත් කියන්නකෝ. (නි)
සමන්, යුද්ධයට ගිය සල්ලි ගැනත් පොඩි පැහැදිලි කිරීමක් කරන්නකෝ. දිනන්න කොපමණ මුදලක් ගියාද, නොදින්නා නම් වෙන පාඩුව කොපමණද කියා (නි)
ඉඩම දෙන්නේ දවසකට දෙකකට නෙවෙයි (හේ)
දැන් වැඩක් වෙන්නේ නෑ.(හේ)
මිනිස්සු පර්චස් 5 ගෙවල් හදද්දී චීනෙට අක්කර 5000 මේ අයට (හේ)
ගොවියෝ වුනාට ලස්සනට බෝර්ඩ් එහෙම මුද්‍රණය කරගෙන තියෙන්නේ.(හේ)
රට චීන කොලනියක් කරන්න හදනවා කියපු අයම දැන් චීනයට ඉඩම් තොගේට දෙනවා (හේ)
වරාය හදන්න පුද්ගලික ඉඩම් ගත්තේ නෑ, (හේ)
මෙතන අදහස් දක්වන සමහරු මුළු රටම විකුණුවත් කමක් නැහැ කියන මතයේ ඉන්නේ (නි)
නිල්මිණි-ජපානය, බොරු කයිවාරු ගහන්න එපා. නිකන් සෝබනයට ජපානය කියලත් ගහගෙන නමට. රටේ වගාකරන මිනිස්සු තමයි දන්නේ මොනවද වගාකරන්න හොඳ ඉඩම් කියලා. අපට ජපානයේ ඉඳන් කවුරුවත් උපදෙස් දෙන්න ඕනෑ නැහැ. (නි)
මම චීනයේ ෂැන්හයි නගරයට කීපවරක් ගිහින් තියෙනවා. එතැනදී මම දැක්කා චීනය ඒ රටේ ජනතාව ගැනවත් හිතන්නේ නැති බව (නි)
ලෝකේ චීනය ඇතුළු බොහෝ රටවල් දියුණුවුණේ බහුජාතික සමාගම් ඒ රටවල් වල ආයෝජනය කරපු නිසා. තාමත් රටේ ආර්ථිකය ගැන හිතනවා වෙනුවට ජනතාව හිතන්නේ බලය මාරු කර කර ඉන්න එක ගැන. කවදා හැදෙයිද දන්නේ නැහැ. (නි)
ශ්‍රී ලංකාවේ දේශපාලුවෝ කියන්නේ ආත්මෙන් ආත්මෙට මේ රට විනාශ කරන්න උපදින යක්ෂයෝ (නි)
මෙහෙමවත් විරෝධතා නොදැක්වූවොත් රජය ඔවුන්ට ඕනෑ ඕනෑ හැටියට නටයි (නි)
කාට වුණත් ඕනෑවට වැඩිය සුදු හුණු ගාන්න එපා. ඒ මොකද මැතිවරණයට කලින් ජනතාව තුළ තැබූ විශ්වාශය සම්පුර්ණයෙන්ම නැති කළා (නි)
මෙවැනි පසුගාමී අදහස් නිසා තමා මේ රටේ කිසිම දියුණුවක් නැත්තේ. දැන් ලංකාවට තියෙන්නේ ඉඩම් ඉතාම හිඟවෙලා. ආයෝජකයෝ මේ රටට ඇවිත් පොරකන තත්වයක්ද? එහෙම නැත්නම් ආයෝජකයෝ එන්නෙ නැති, මුඩුබිම් ඕනෑතරම් තියෙන තත්වයක්ද? ඔය හම්බන්තොට කියන්නේ වගා කරන්න තියා බොන්න වතුරවත් හරියට නැති පළාතක් නේද? (නි)
නිල්මිණි-ජපානය, උතුරේ අය බිම් අඟලක් දෙන්නේ නැහැ. එහෙනම් දකුණේ අය මොකටද දෙන්නේ. (නි)
චන්දන, ගොවියෝ කියන්නේ වගාව හැර වෙන මොකුත් දන්නේ නැති අය කියලා හිතුවද? (නි)
මැදමූලන කට්ටිය ඇවිල්ලා නැද්ද? (නි)
ලංකාව සුද්දෝ දාලා ගිය දවසේ ඉඳලා අපි චීන සහනාධාර වලින් තමයි කාලා, බීලා ජීවත්වුණේ. එ්ත් කෙළෙහිගුණ නොදන්න ලාංකිකයෝ අද චීනයට එරෙහිව ක්‍රියාකරනවා. මේක චීන්නුන්ගේ හෝ යහපාලනයේ වරදක් නොවෙයි. මේක අපේ "ජාතකයේ වරද"! (නි)
අපි උතුරෙන් ඉඩම් දෙමු! (නි)
රජය මේ කරන්නේ එදා "රී ගේනින් ශ්‍රී ලංකා" වැඩපිළිවලේ න්‍යාය පත්‍රය ක්‍රියාවට නඟමින් රටේ සම්පත් විදේශීය සමාගම් වලට විකිණීමයි. මෙම විරෝධයට නායකත්වය ලබාදන ජවිපෙ ත්‍රිකුණාමලේ ඉන්දියානු ආක්‍රමණයටත් මේ වගේම විරුද්ධවුණා නම් හොඳයි. චීන ව්‍යාපෘති අසාර්ථක කිරීමට ඉන්දියානු රෝ සංවිධානයද ක්‍රියාත්මක වන බව අමතක කළ නොහැක (නි)
සමහරුන්ගේ අදහස් දැක්කහම ලැජ්ජයි (නි)
බියගම වෙළඳ කලාපය පටන්ගන්න කාලෙත් ඔය කුලප්පුව තිබුණනෙ. දැන් යසට සමිතිත් හදාගෙන වැඩ කරන්නෙ. කම්හල් පටන්ගත්තහම සද්ද නැතුව වැඩ කරයි, අර වරායෙ කට්ටිය වගේ. (නි)
මෙම පාරම්පරික ඉඩම් දෙනවානම් කාටවුණත් හොඳක් වෙන්නෙ නැහැ. අහිංසක මිනිසුන්ගේ පෞරාණික ඉඩම්! (නි)
ජයන්ත, ජපානේ ඉඳලා එවන විදේශ මුදල් විතරද ඕනෑ? විදේශගත ශ්‍රී ලාංකිකයෝ තමයි ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගය. පිටරට ඉන්න රටවිරු අපි නැත්නම් ඔය කැති උදලු උස්සන කී බෝර්ඩ් වල කොටන කාගේත් බඩේ හුළං තමයි. (නි)
කවුද ඔය කඩදාසි අච්චු ගහලා දුන්නේ? (නි)
නිල්මිණි, ඔයා ජපානේ ඉන්නවා නම් දන්නේ නැද්ද චීනුන් ජපන් මුහුද අල්ලගන්න මොනතරම් වලිකනවද කියලා (නි)
අපේ මිනිසුන්ට අපි ඉන්න තැන වටින්නේ නැහැ, නමුත් චිනට ලංකාව පිහිටි තැන හරිම වටිනවා. මොකද ලෝකය එක්ක එකතුවෙන්න හොඳම තැන. එමනිසා අවුරුදු 20 න් 20 ට අලුත් කිරීමේ ගිවිසුමකට ගියා නම් නරකද? අපේ රැකියා ප්‍රශ්නය වගේම රජයත් පොහොසත් වෙනවා (නි)
හම්බන්තොට වරාය හදන්න පසුගිය රජය චීනයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.35 ණය අරන් තිබෙනවා. ඩොලර් මිලියන 306ක් අරගෙන තිබෙන්නේ සියයට 6.3ක් වැනි පොළියකටයි. ඩොලර් මිලියන 50ක් ගෙන තිබෙන්නේ සියයට 06ටයි. තවත් මිලියන 50ක් සියයට 4.5 ක පොළියට. ඉතිරි මුදල් 02 %ක් වැනි පොළියකටයි. මේ ණය අප්පච්චි ගෙවන්නෙ නැහැ, අපියි ගෙවන්න ඕනෑ. නැව් ආවත් නැතත් චීනා සල්ලි ඉල්ලනවා. ඉතින් ඒක තමයි 80% ක් චීනාටම දෙන්නෙ ණයට හිලව් වෙන්න (නි)
හොඳම වැඩේ වරාය චීනට නොදී මේ විරෝධතාකාරයන්ටම නඩත්තු කරන්න දෙන එක! එතකොට ජනතාවගේ බදු මුදල් කොළඹ වරායේ අාදායම මේකේ ණය ගෙවන්න වැය කරන්න ඕනෑ නැහැනේ (නි)
එහෙනම් අපේ අය ජාත්‍යන්තරයටත් එරෙහිවුණා? (නි)
සුද්දා පාරවල් හැදුවෙත් දුම්රිය පාර හැදුවෙත් ඔවුන්ගේ වගාවන් නිෂ්පාදන කොළඹට ගෙනඒමට. 1818 කැරැල්ල වෙලාවේ ඌව වෙල්ලස්සේ වගාවන්ට, මිනිස් ජීවිත වලට කරපු හරිය අමතක වෙලාද මේ කතා කරන්නේ. (නි)
මේ කැති උදලු එසවෙන්නේ චීනයට නොව ආණ්ඩුවට විරුද්ධව බව තේරුම්ගත යුතුයි (නි)
අඬන්න ඕනෑලු කිරි එරෙන්න (නි)
ඕක කාත්තන්කුඩි හරි මන්නාරමින් හරි දෙන්න ගියා නම් බලන්න තිබුනා අරගොල්ලන්ගේ අදහස් ටික (නි)
ලොකුම පගාකාරයෝ ඉන්නෙත් අපේ රටේ. මිනීමරුවොත් ඉන්නෙත් අපේ රටේ. උසම බුද්ධ පිළිමයත් අපේ රටේ. (නි)
මේ යන්නේ අාවොත් දෙන්නම් කියන සංකල්පයෙන්නේ! (නි)
නිල්මිණි, ඔයා මාර සල්ලියක්නේ ජපානේ ඉඳලා එවන්නේ. ඔයා ජපානෙන් එවන සල්ලි වලින් වෙන්න ඇති අවුරුදු 2500 ලංකාව විරාජමානයෙන් බැබලුනේ? අනේ නිල්මිණි බොරුවට ඉදිමෙන්න හදන්න එපා, පොළොවේ පයගහලා ජීවත්වෙන්න බලන්න. අපිත් ඔය හැම රටකම ජීවත්වුණා (නි)
පහුගිය කාලේ මේ අය නිදිද? මත්තල වරාය හදනකොට චීන්නු හොඳයි. දැන් අරහන්. (නි)
මගේ අම්මේ! රටෙන් බාගයකට වැඩිය ඉඩම් පුරන්වෙලා. මොකුත් ඒවාට කරන්න කැමති නැද්ද? මේක හරියට බල්ලා පිදුරු කන්නෙත් නැහැ කන ගොනාට කන්න දෙන්නෙත් නැහැ වගේ වැඩක්. (නි)
ඔය සුද්දට ආවඩන අය අපේ සිංහල මුතුන්මිත්තන්ගෙ ඉතිහාසය ගැන පොඩ්ඩක්වත් දන්නෙ නැතුව ඇති. (නි)
නිල්මිණි, ඔයා ජපන් කියලා අපට නම් විශ්වාස නැහැ. ඕනෑ කෙනෙකුට ඔහොම කියන්න පුළුවන්. ජපන් කියන්නේ සෝබනේට (නි)
මේකයි යුද්ධයට ගිය වියදමයි පිළිබඳ සම්බන්ධයක් නැහැ. අපි හැමෝම ජාතිය ගොඩනැඟීමේ බද්දට ගෙවූ යුද්ධයට ගිය වියදම අදටත් කවුරුවත් දන්නෙ නැහැ. හැබැයි යුද්ධෙනුත් සමහරු ගසාකෑවා. හැබැයි වරාය හදන්න ගත් ඩොලර් බිලියනයකට වැඩි මුදලෙන් ගත් කොමිසුත් අපි තමයි ගෙවන්න ඕනෑ (නි)
මෙයාලා මෙහෙම කළා කියලා දැන් මේක නවත්වයි (නි)
යාපනයෙන් අක්කර 5000ක් පුලුවන්නම් දෙන්නකෝ බලන්න. මොවුන් මේ හම්බන්තොට ඉඩමම දෙන්න යන්නේ ඇයි? (නි)
මෙහෙම පෙළපාලි ගියාද විල්පත්තුවේ අක්කර 1000 ගණනක් කැළේ එලිකරලා ගෙවල් හදද්දි? මේ කීයක්හරි රටට හම්බ වෙන්න යනදේට තමයි මේ අය කුලප්පු වෙලා තියෙන්නේ (නි)
විල්පත්තුවෙත් මෙහෙම පෙළපාලි යන්නකෝ (නි)
දැන් පේනවනේ මහින්ද මහත්තයා හිතන්නේ බලන්නේ නැතුව මුහුද ගොඩකරලා නගරයක් හදන්න ගිවිසුමක් අත්සන් කරලා අපි වැටිලා තියෙන අමාරුවක තරම. දේශපාලුවෝ කියන අය හොයන්නේ බලන්නේ නැතුව මේ කරන වැඩ වලින් අවසානයේදී අපේ රටේ අහිංසක ජනතාවට බොන්න පිරිසිදු ජල බිඳක් නැති වෙනවා (නි)
මේ විදිහට ගියොත් ලංකාවට මේ කපේදී ගොඩඑන්න ලැබෙන්නේ නැහැ. (නි)
ඔය කැති උදළුත් ‘මේඩ් ඉන් චයිනා‘ වෙන්න ඇති (නි)
දොන්, කියන්න බලන්න චීනයේ ආයෝජනය කරපු බහුජාතික සමාගමක්. ලෝකයේ ඉතාම දියුණු රටක මම ඉන්නේ. මෙහෙ බහුජාතික සමාගම් කරන විනාශය දකින්න මෙහාටම එන්න. ලංකාවේ ඉන්නේ ළිං ගෙම්බෝ. චීනය නැගිට්ටේ ස්වදේශීය නිෂ්පාදන වලින්. (නි)
පළඟැටියෝ ලාම්පුව වටේ කැරකි කැරකි වැඩ පෙන්නලා අන්තිමේ පිච්චිලා මැරෙනවා. එකපාරක් වැඩ පෙන්නන්න ගිහින් ටයර් උඩ පිච්චි උන්නා මතක නැතුව ආයෙත් ටයර් සැප විඳින්න මේක පිටිපස්සෙන් ඉන්න කට්ටිය දඟලන දැඟලිල්ලක්? (නි)
ගම්වල දුප්පත් මිනිස්සුවත් තමන් සතු එකම බිම්කඩ බඩගෝස්තරය වෙනුවෙන් විකුණන්නේ නැත්තේ කවදා හෝ ඔලුව උස්සගන්න පුළුවන් වුණ දවසකටවත් මේ බිම්කඩේ හොඳ පැල්කොටයක්වත් අටවාගන්න හා අල බතල මඤ්ඤොක්කාවක්වත් හිටවාගන්න මහා පොළවෙන් අඟලක්වත් හිමිව තිබිය යුතුය කියන බලාපොරොත්තුව නිසයි. මොනම හේතුවක් නිසාවත් දේශපාලන අදෘශ්‍යමාන හස්තයන්ට ගොදුරු වෙන්න ඉඩ නොහැරිය යුතුයි. (නි)
අපි සැළැස්මක් අරන් ගියොත් දේශපාලුවෝ අහන්නේ මිනිහට කොමිස් කීයද කියලා. (නි)
හරි, ඔය අක්කර 5000 චීනා දියුණු කරන ක්‍රමේටම අපේ ආණ්ඩුවට දියුණුකරන්න බැරි මොකද? (නි)
මෙන්න කොන්ද පණ ඇති මිනිස්සු! (නි)
සුද්දාට එරෙහිවන්නට මගේ නම් කිසිදු අවශ්‍යතාවයක් නොමැත (නි)
මේ රට කිසිම විදේශික රටක අතවැසියෙකු හෝ බූදලයක් බවට පත්කළයුතු නැහැ. මේ රටේ බලපෙරේත දේශපාලකයන්ට, බලය ලබා ගැනීමට කියපු බොරු බලයට පැමිණි පසු මතක නැහැ. (නි)
රොහාන් දයාදර, ඔබ කොහොමද දන්නේ මේ වැඩේ ලංකාවට හානියක් කියලා. ඔබ සමීක්ෂණයක් කළාද? ඔබ කියන්නේත් කව්රු හෝ හරි කියපු කතාවක්නේ මහත්තයෝ. එමනිසා තමන් හරිහැටි නොදන්නා දේවල් ගැන විශාරදයෝ වගේ කතා කරන්න එපා. (නි)
අපි කරන්න ඕනෑ රටේ දියුණුවට අකුල් හෙළන එක නෙමෙයි (නි)
රජ කාලේ රට විකුණනකොට හිටියේ කොහෙද? (නි)
ලංකාවේ ඉන්නේ කබරගොයි වගේ මිනිස්සු. මේ වැඩේ රාජපක්ෂ කළා නම් ඒ කාලේ ඔක්කොම කැමතිවෙයි. (නි)
ජයන්ත,මේ ගෙවන පව් බැරවෙන්නේ අප්පච්චිගේ ගිණුමටයි (නි)
අමතක කරන්න එපා සුද්දා තේ වවන්න ගිහින් වෙලා තියන හරිය. ඒකම තම මෙයිනුත් වෙන්නේ. අපේ තියන බිම් අඟල අපි කවුරුත් එකතුවෙලා රැකගත්තේ නැත්නම් අද ඉපදෙන අයට රටක් නැතුව යාවි. අපි මෙහෙම බන්දේසියේ තියලා දෙනවා. පුලුවන්ද උතුරෙන් එක අඟලක් අපිට ගන්න හෝ චීනයට දෙන්න. (නි)
ආයුධ අතේ තියා ගෙන ඉන්නවා කියල අත් අඩංගුවට ගන්න පුළුවන් වගේම, ඔය ගොල්ලන්ව කුලප්පු කෙරුවේ අරය කියල එයාට දොස් මුර නගල අවලාද නගයි. (බ)
අමතක කරන්න එපා සුද්දා තේ වවන්න ගිහින් වෙලා තියන හරියලු. අැයි මොකද වෙලා තිබෙන්නේ? සුද්දා තේ වැව්වේ නැත්නම් ඕව තාමත් කැලෑ. අපට පාරවලුත් නැහැ කෝච්චි පාරවලුත් නැහැ, ඇස්ප්‍රින් පෙත්තක් ගෙනෙන්න විදේශීය විනීමයත් නැහැ. අපි සුද්දට ස්තූතිවන්ත වෙන්න ඕනෑ අපේ රට මේ තරමටවත් දියුණු කළාට. (නි)
කැති උදලු උස්සගෙන යන්නේ නිකම් මුළු හම්බන්තොටම වවපු මිනිස්සු වගේ. වවන්න ඕනේ නම් ඔය තියෙන්නේ කැලේ වෙච්ච ඉඩම් ඕනේ තරම්. චීනෙට දෙන අක්කර 5000 ම ඕනෙද වවන මිනිහට ? නටන්න බැරි මිනිහට පොලව ඇදයි. (බ)