පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඡන්ද රැලියක් සඳහා කොළොන්නාව උමගිලිය ක්‍රිඩාංගණයේ ඉදි කළ වේදිකාවට අද(24) අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි සංවිධායකයෝ කියති.
එම සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා කියයි.
සුදු වෑන් රියකින් අවුත් වෙඩි තැබු බව පැමිණිල්ලේ දැක්වේ .කිසිවකුටත් තුවාල සිදු වී නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිල්වා ඔබ පතන ආකාරයේ නව රජයක් තව දින කිහිපයකින් බිහි වෙනවා. මෛත්‍රී නව ජනාධිපතිතුමාට ජයවේවා. (නදී)
අහෝ ඛේදයකි. අාස්චර්ය රට පුරා දෝරේ ගලනු පෙනේ. (නදී)
මේවා ඔක්කොම අර කුඩු රජවරුන්ගේ වෙඩ වෙන්න ඇති. රජය වෙනස් උනොත් කුඩු වෙළදාම නවතින නිසාත්, ඔවුන්ට යන එන මන් නැතිවන නිසාත් වියරුවෙන් (නදී)
සියල්ල සිදුවුණාට පසු පරීක්ෂණ පවත්වා වැඩක් තිබේද? (නි)
මේක පුදුම ප්‍රශ්නයක්නේ? (නි)
මොනවද වෙන්නේ කියා හිතාගන්න බැහැ (නදී)
දැන් පොදු මල්ලි අලුත් කරුණාවක් පටන් අරන්. එ් පොලිසියෙ ලොක්කත් අස්වෙයිද දන්නේ නැහැ (නදී)
ඔය කරන බොරු රගපෑම් ජනවාරි 9 වෙද්දී ඉවරයි. අර ඊයේ කිවේ කට්ටියක් එලියට ඇවිත් සහය දෙනවා අනිත් කට්ටිය ඇතුලේ ඉදන් සහය දෙනවා උඩිනුත් ගහනවා යටිනුත් ගහනවා කියලා. හිතන්න ඕන අන්න ඒ කියපුවා ගැන තමා (නදී)
මාතර සුනිල්ගේ වැඩක්ද දන්නේ නැහැ (නදී)
මේගොල්ලන්ටම ගහන්නේ ඇයි ? (නදී)
ඔන්න ආස්චර්ය එනවා. වෙඩිතියනවා, මරණවා, පලිගන්නවා (නදී)
ඔන්න දැන් රටේ තිබෙන ප්‍රජාතන්ත්‍රවාදේ. විරුද්ධ මත දරන්නන්ට ඔවුන්ගේ අදහස් හෝ ඉදිරිපත් කිරීමට අවස්ථාවක් නැත. රජයට ප්‍රශස්ති ගායනා කරන අයට පමණයි අද අදහස් ඉදිරිපත් කල හැක්කේ. සියලු දෙනා එක්ව මෛත්‍රී පාලනයක් වෙනුවෙන් පෙළ ගැසිය යුත්තේ අන්න ඒ නිසයි. (නදී)
අපි කාටවත් වෛර කරන්නේ නැහැ හාමුදුරුවනේ (නදී)
රට පුරා නාදුනන තුවක්කුකරුවන් සිටිත්නම් රටේ භීෂණ තත්වයක් තිබේ. එසේනම් සාමය රජයනවා යැයි කියන්නේ කෙසේද ? (බ)
''විරුද්ධවාදීන්ගෙන් පළිගැනීමේ ප්‍රතිපත්තියක් මට නැහැ'' කියල ජනාධිපතිතුමා ඊයේ පෙරේදා වේදිකාවල පාරම්බෑවේ මේකට වෙන්න ඇති. (බ)
පොලීසියේ බබාලට හරිම වැඩ. (බ)
ගිනි තියන ..වෙඩි තියනවා..කඩනවා..ගෙවල් කුඩු කරනවා..අනේ ඒ හැමදෙයක්ම කරන්නේ මනුස්ස පරානෙකට තියා ශරීර කුඩුවකටවත් Iඅබමල් රේණුවකවත් හානියක් නොවෙන විදියට.. අනේ අපි නොදන්නා ලයිව්.(අ)
ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය මේවගේ තමයි. (බ)
අාශ්චර්ය (බ)
පිළිකුල් සහගත ක්‍රියාවක්. අන් මත ප්‍රකාශන අයිතිය මැර බලයෙන් යටපත් කරන ආකාරය හෙළා දකිමු. මේ අර කුඩු වලට ප්‍රසිද්ධ පුද්ගලයා ඉන්න පළාත නේද? කව්ද මේවා මෙහෙයවන්නේ? (බ)
මේ දේවල් වලින් ලැබෙන ප්‍රතිඵලය කුමක්ද?(හේ)
අපි ඔක්කොම අද කිරිබත් සප්පායම් වුනා. මන්ද යත් මහගෙදර 3/2 බලේ ගලවලා දමපු ප්‍රීතියට. 8 වෙනිදට පසුව කිරිබත් වලින් අපි නානවා. (නදී)
රැස්වීමට පෙර වෙඩි පත්තු කරන එක ලංකාවේ සිරිතක්. (නදී)
හා..හා.. හා.. මේවට කියන්නෙ ගරිල්ලා මාර්කටින් කියලා. සුදු වෑන් එකකින් ඇවිත් වෙඩි තියල, හැබැයි කාටවත් තුවාල නැහැ. එ් උනාට දැන් අපිත් දන්නවා කොලොන්නවෙ මිටිමක් තියනවා කියලා. (නදී)
අනේ මෙයාලා මොනතරම් බයද?(හේ)
බොරුවට ඇත්ත කියල පෙන්නන්න උත්සහකරනවා. 09 වෙනිදා තමන් තමන්ටම වෙඩි තියාගනියි. (නදී)
මේවා ජනාධිපතිතුමාගේ අනුදැනුම ඇතුව කරන වැඩ නොවන බව මගේ අදහස , මෛත්‍රී අාවම කුඩු කාරයෝ අමාරුවේ වැටෙන බව දැනිල හොඳටම බයවෙලා පිස්සු වැටිලා කරන වැඩ බව මගේ අදහස , නමුත් මොවුන්ට විරුද්ධව නිතිය ක්‍රියාත්මක කිරීමට අපොහොසත්වීම පොලිසියේත් රජයේත් දුර්වලතාවයක් බව පෙනේ . රටේ පුරවැසියන්ගේ ජිවිතත් ,නීතියත් ආරක්ෂාකරගත හැකි රජයක අවශ්‍යතාවය දැන් අපි කාටත් දැනේ .(බ)