IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


රැස්වීමට පෙර මෛත්‍රී වේදිකාවට වෙඩි

පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඡන්ද රැලියක් සඳහා කොළොන්නාව උමගිලිය ක්‍රිඩාංගණයේ ඉදි කළ වේදිකාවට අද(24) අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි  සංවිධායකයෝ කියති.

එම සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා කියයි.

සුදු වෑන් රියකින් අවුත් වෙඩි තැබු බව පැමිණිල්ලේ දැක්වේ .කිසිවකුටත් තුවාල සිදු වී නැත.

 



අදහස් (0)

රැස්වීමට පෙර මෛත්‍රී වේදිකාවට වෙඩි

කොස්ගොඩ සිල්වා Thursday, 25 December 2014 03:00 AM

සිල්වා ඔබ පතන ආකාරයේ නව රජයක් තව දින කිහිපයකින් බිහි වෙනවා. මෛත්‍රී නව ජනාධිපතිතුමාට ජයවේවා. (නදී)

:       0       0

ඡායා Wednesday, 24 December 2014 04:26 AM

අහෝ ඛේදයකි. අාස්චර්ය රට පුරා දෝරේ ගලනු පෙනේ. (නදී)

:       0       0

සල්ගාදු ප්‍රංශය Wednesday, 24 December 2014 12:23 PM

මේවා ඔක්කොම අර කුඩු රජවරුන්ගේ වෙඩ වෙන්න ඇති. රජය වෙනස් උනොත් කුඩු වෙළදාම නවතින නිසාත්, ඔවුන්ට යන එන මන් නැතිවන නිසාත් වියරුවෙන් (නදී)

:       0       0

ස්මිත් Wednesday, 24 December 2014 04:48 AM

සියල්ල සිදුවුණාට පසු පරීක්ෂණ පවත්වා වැඩක් තිබේද? (නි)

:       0       0

කාන්ති Wednesday, 24 December 2014 05:26 AM

මේක පුදුම ප්‍රශ්නයක්නේ? (නි)

:       0       0

මොහොමඩ් ඛාන් Wednesday, 24 December 2014 05:34 AM

මොනවද වෙන්නේ කියා හිතාගන්න බැහැ (නදී)

:       0       0

සරත් පියසේන Wednesday, 24 December 2014 06:00 AM

දැන් පොදු මල්ලි අලුත් කරුණාවක් පටන් අරන්. එ් පොලිසියෙ ලොක්කත් අස්වෙයිද දන්නේ නැහැ (නදී)

:       0       0

අනිල් රෝහණ Wednesday, 24 December 2014 06:03 AM

ඔය කරන බොරු රගපෑම් ජනවාරි 9 වෙද්දී ඉවරයි. අර ඊයේ කිවේ කට්ටියක් එලියට ඇවිත් සහය දෙනවා අනිත් කට්ටිය ඇතුලේ ඉදන් සහය දෙනවා උඩිනුත් ගහනවා යටිනුත් ගහනවා කියලා. හිතන්න ඕන අන්න ඒ කියපුවා ගැන තමා (නදී)

:       0       0

ප්‍රියා Wednesday, 24 December 2014 06:03 AM

මාතර සුනිල්ගේ වැඩක්ද දන්නේ නැහැ (නදී)

:       0       0

කීර්ති Wednesday, 24 December 2014 06:08 AM

මේගොල්ලන්ටම ගහන්නේ ඇයි ? (නදී)

:       0       0

කසුන් Wednesday, 24 December 2014 02:52 PM

ඔන්න ආස්චර්ය එනවා. වෙඩිතියනවා, මරණවා, පලිගන්නවා (නදී)

:       0       0

නිරෝෂ් Wednesday, 24 December 2014 06:37 AM

ඔන්න දැන් රටේ තිබෙන ප්‍රජාතන්ත්‍රවාදේ. විරුද්ධ මත දරන්නන්ට ඔවුන්ගේ අදහස් හෝ ඉදිරිපත් කිරීමට අවස්ථාවක් නැත. රජයට ප්‍රශස්ති ගායනා කරන අයට පමණයි අද අදහස් ඉදිරිපත් කල හැක්කේ. සියලු දෙනා එක්ව මෛත්‍රී පාලනයක් වෙනුවෙන් පෙළ ගැසිය යුත්තේ අන්න ඒ නිසයි. (නදී)

:       0       0

යාපා Wednesday, 24 December 2014 06:46 AM

අපි කාටවත් වෛර කරන්නේ නැහැ හාමුදුරුවනේ (නදී)

:       0       0

සුජාන් Wednesday, 24 December 2014 06:53 AM

රට පුරා නාදුනන තුවක්කුකරුවන් සිටිත්නම් රටේ භීෂණ තත්වයක් තිබේ. එසේනම් සාමය රජයනවා යැයි කියන්නේ කෙසේද ? (බ)

:       0       0

චමින්ද Wednesday, 24 December 2014 06:54 AM

''විරුද්ධවාදීන්ගෙන් පළිගැනීමේ ප්‍රතිපත්තියක් මට නැහැ'' කියල ජනාධිපතිතුමා ඊයේ පෙරේදා වේදිකාවල පාරම්බෑවේ මේකට වෙන්න ඇති. (බ)

:       0       0

පබෝධා Wednesday, 24 December 2014 06:54 AM

පොලීසියේ බබාලට හරිම වැඩ. (බ)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 24 December 2014 07:19 AM

ගිනි තියන ..වෙඩි තියනවා..කඩනවා..ගෙවල් කුඩු කරනවා..අනේ ඒ හැමදෙයක්ම කරන්නේ මනුස්ස පරානෙකට තියා ශරීර කුඩුවකටවත් Iඅබමල් රේණුවකවත් හානියක් නොවෙන විදියට.. අනේ අපි නොදන්නා ලයිව්.(අ)

:       0       0

ශිරෝ Wednesday, 24 December 2014 07:45 AM

ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය මේවගේ තමයි. (බ)

:       0       0

විදුර Wednesday, 24 December 2014 07:45 AM

අාශ්චර්ය (බ)

:       0       0

මායා. Wednesday, 24 December 2014 07:50 AM

පිළිකුල් සහගත ක්‍රියාවක්. අන් මත ප්‍රකාශන අයිතිය මැර බලයෙන් යටපත් කරන ආකාරය හෙළා දකිමු. මේ අර කුඩු වලට ප්‍රසිද්ධ පුද්ගලයා ඉන්න පළාත නේද? කව්ද මේවා මෙහෙයවන්නේ? (බ)

:       0       0

සිසිර Wednesday, 24 December 2014 07:57 AM

මේ දේවල් වලින් ලැබෙන ප්‍රතිඵලය කුමක්ද?(හේ)

:       0       0

චානක Wednesday, 24 December 2014 08:29 AM

අපි ඔක්කොම අද කිරිබත් සප්පායම් වුනා. මන්ද යත් මහගෙදර 3/2 බලේ ගලවලා දමපු ප්‍රීතියට. 8 වෙනිදට පසුව කිරිබත් වලින් අපි නානවා. (නදී)

:       0       0

අමිල Wednesday, 24 December 2014 08:31 AM

රැස්වීමට පෙර වෙඩි පත්තු කරන එක ලංකාවේ සිරිතක්. (නදී)

:       0       0

ප්‍රබා Wednesday, 24 December 2014 08:37 AM

හා..හා.. හා.. මේවට කියන්නෙ ගරිල්ලා මාර්කටින් කියලා. සුදු වෑන් එකකින් ඇවිත් වෙඩි තියල, හැබැයි කාටවත් තුවාල නැහැ. එ් උනාට දැන් අපිත් දන්නවා කොලොන්නවෙ මිටිමක් තියනවා කියලා. (නදී)

:       0       0

මේනක Wednesday, 24 December 2014 10:29 AM

අනේ මෙයාලා මොනතරම් බයද?(හේ)

:       0       0

සරා Thursday, 25 December 2014 01:58 AM

බොරුවට ඇත්ත කියල පෙන්නන්න උත්සහකරනවා. 09 වෙනිදා තමන් තමන්ටම වෙඩි තියාගනියි. (නදී)

:       0       0

සිල්වා Wednesday, 24 December 2014 11:11 AM

මේවා ජනාධිපතිතුමාගේ අනුදැනුම ඇතුව කරන වැඩ නොවන බව මගේ අදහස , මෛත්‍රී අාවම කුඩු කාරයෝ අමාරුවේ වැටෙන බව දැනිල හොඳටම බයවෙලා පිස්සු වැටිලා කරන වැඩ බව මගේ අදහස , නමුත් මොවුන්ට විරුද්ධව නිතිය ක්‍රියාත්මක කිරීමට අපොහොසත්වීම පොලිසියේත් රජයේත් දුර්වලතාවයක් බව පෙනේ . රටේ පුරවැසියන්ගේ ජිවිතත් ,නීතියත් ආරක්ෂාකරගත හැකි රජයක අවශ්‍යතාවය දැන් අපි කාටත් දැනේ .(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 736 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 563 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 453 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site