වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක දිලිප් පිටිගල අද එහි වැඩ බලන ලේකම්ට පහර දීමෙන් නාසය හා කටට සිදුවූ තුවාල හේතුවෙන් මීගහතැන්න රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.
මහින්ද රාජපක්ෂ හිටපු ජනපති අද සවස පැලවත්තේ පැවැත්වීමට නියමිත දේශපාලන රැස්වීමකට විදුලි ජනන යන්ත්‍රයක් ප්‍රවාහනය කිරීමට වලල්ලාවිට ප්‍රාදේශිය සභාවේ ට්‍රැක්ටරය හා සේවකයන් යොදා ගත්තැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට ගිය අවස්ථාවේ සිදුවූ කථා බහක් දුරදිග යාමෙන් පහරදීම සිදුව ඇතැයි කියති.
විපක්ෂ නායක අත් අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇතැයි පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ට්‍රැක්ටරය දුන්න එකත් වැරදියි. ගහපු එකත් වැරදියි.(ම)
තාමත් හිතාගෙන ඉන්නේ ඉස්කර කාලේ වගේ කියලද ? දැන් තියෙන්නේ යහ පාලනේ හරිද ? යකඩ කුරු ගණන් කරලා එන්න බැරිය දැන් ! (බ)
විජිත් එතකොට ගුටිකාපු එක හරිද ? (බ)
කඩේ යනවා පාර බලාගෙන යන්න (ම)
පිටබැද්දර ජයා, ඔය යහ පාලනේ අය නේද ගහලා තියෙන්නේ??(හේ)