(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රුසියාවෙන් දීර්ඝකාලීන පදනමින් ඉන්ධන මිලදී ගැනීම සඳහා ද්විපාර්ශවීය සාකච්ඡා වහා ආරම්භ කරන්නැයි ජාතික නිදහස් පෙරමුණ සහ ලංකා සම සමාජ පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ නවයක නායකයෝ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යවමින් ඉල්ලීමක් කරති.
එසේ ක්‍රියා කිරීමට අපොහොසත්වන්නේ නම් ජනතාව සමග එක්ව ක්‍රියා කිරීමට තම පක්ෂ නොපැකිලෙන බවද එම නායකයන් ඒ ලිපියෙන් දැනුම් දී ඇත.
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී වීරසිංහ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් වාසුදේව නානායක්කාර, පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක උදය ගම්මන්පිල, ජාතික කොංග්‍රසයේ නායක ඒ.එල්.එම් අතාවුල්ලා, විජයධරණී ජාතික සභාවේ නායක අතුරලියේ රතන හිමි ,යුතුකම ජාතික සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග සහ ශ්‍රී ලංකා මහජන පක්ෂයේ ප්‍රධාන ලේකම් අසංක නවරත්න යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව ජනාධිපතිවරයාට යවා ඇති මෙම ලිපිය සම්පූර්ණයෙන්ම මෙසේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd