
(විමුක්ති එස් රුද්‍රිගු)
රුසියාව පසුගිය සතියේදී දියත් කළ චන්ද්‍රිකාවට අනෙක් චන්ද්‍රිකාවලට ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව තිබෙන බව ඇමෙරිකාව විශ්වාස කරන්නේ යැයි පෙන්ටගනයේ ප්‍රකාශක බ්‍රිගේඩියර් ජනරාල් පැට් රයිඩර් ප්‍රකාශ කළේය.
පහල පෘතුවි කක්ෂයට දියත් කළ එම චන්ද්‍රිකාව අභ්‍යවකාශ අවියක් බවට ඇස්තමේන්තු කර ඇතැයි ඔහු පැවැසුවේය.
එම චන්ද්‍රිකාව ඇමෙරිකානු චන්ද්‍රිකා සමඟ එකම කක්ෂයේ කක්ෂගත වී ඇති බවත් වොෂින්ටනය දිගටම තත්වය නිරීක්ෂණය කරනු ඇති බවත් රයිඩර් සඳහන් කළේය.
අවශ්‍ය වුවහොත් සිය චන්ද්‍රිකා ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ඇමෙරිකාව සූදානම් බව බ්‍රිගේඩියර් ජනරාල්වරයා ප්‍රකාශ කළේය.මේ පිළිබඳ රුසියානු බලධාරීන්ගෙන් විමසීමක් කර ඇති නමුත් එයට කිසිඳු ප්‍රතිචාරයක් ලැබී නොමැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිදාගෙන හිටිය යෝධයෙක්ව ඇහැරවලා ඇමරිකාව හොඳටම බයවෙලා වගයි දැන් කොරහෙත් කිඹුලුන් පෙනෙන කාලය උදාවෙලා..!
අද ලෝකේ ඉන්න ඉතාම උපායශීලී වගේම බුද්ධිමත්ම නායකයා පුටින්. ටිකක් දඩබ්බර වුණාට එහෙම නැතුව බටහිර හා වටේ ඉන්න දඩ බල්ලන්ට මුහුණ දෙන්න බෑ.
පුටින් කියන්නේ තනිකරම ඒකාධිපතියෙක් කියන්න පුළුවන් ඔහු මැතිවරණයට ඉදිරිපත් වුනේ විපක්ෂයේ නායක ඝාතනය කිරීමෙන් පස්සෙ තමයි ඔහුගේ දැන් අපේක්ෂාව ලෝකය ඔහුගේ බූදලයක් කර ගන්නද කියලා හිතෙනවා ඒ වගේම ඔහු ලෝක සාමයට අකමැති පුද්ගලයෙක් කියන්න පුළුවන් ඒත් ඇමරිකන් ජනාධිපති නියම ජනතා නියෝජිතයෙක් ඔහු පත්වෙලා තියෙන්නෙ ජනතා ඡන්දයෙන් ජන සම්මත ජනාධිපති කෙනෙක් හැටියට .කොහොම වුනත් මුන්දැල දෙගොල්ලම විවිධ රටවල යුද්ධ ඇතිකර ආයුධ විකුණා තමන්ගෙ රටේ ආදායම් වැඩිකර ගන්නවා