(නිමල් අල්ගෙවත්ත)
හම්බන්තොට විරෝධතාවයේ නිරත වු තමන් ඇතුළු පිරිසට පොලිසිය එල්ල කළේ ජලය හෝ කදුළු ගෑස් නොවන බවත් ජලයට රසායනික ද්‍රව්‍යයක් මිශ්‍ර කර එල්ල කළ බවත් දකුණු පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති සම්පත් අතුකෝරල මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ අද (10) සභාපති සෝමවංශ කෝදාගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් දකුණු පළාත් සභාව රැස් වු අවස්ථාවේ දීය.
“ඔය ගහපු ජල ප්‍රහාරයට සහ කදුළු ගෑස් වලට මිශ්‍ර කරලා තමයි රසායනික ද්‍රව්‍යය ගැහුවේ. ඔය ප්‍රහාරය එල්ල කර අවස්ථාවේ හිටපු ගොඩක් අයට හුස්ම ගන්න බැරි වුණා. කැස්ස වමනය හැදිලා තියනවා. මේ ආණ්ඩුව ත්රස්තවාදීන්ට සලකන ආකාරයෙන් තමයි උද්ඝෝෂකයින්ට ගැහුවේ. මාධ්‍යවේදියකුට කණ පැලෙන්න ගැහුවා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් .මේ ජල හා කදුළු ගෑස් වලට මිශ්‍ර කර එල්ල කර විස රසායනික ප්‍රහාරය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා සිටිනවා. “යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන්ට හරියට නොගහන එකයි වරද?ඊළඟ පාර අසූචි මිශු කරලා ගහන්න ඕනා......ගඳට දුවන්නැතෑ......
කඳුළු ගෑස් කියන්නේ රසායන ද්‍රව්‍ය තාම. ඒවා වතුර එක්ක ප්‍රතික්‍රිය කරලා අම්ල දෙකක් වෙනවා . එනිසා තමා ඇස රිදෙන්නේ. වතුර ගෑවෙනකොට දානවා වැඩියි .
එවකට ආණ්ඩු කාලේ හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපොල නිරීක්ෂණයට ගිය යු එන් පි මන්ත්‍රීවරුන්ට සලකපු හැටි අපි දන්නවා . මැරයෝ දාලා පිස්තෝල අරගෙන පන්නපු හැටි.
රතුපස්වල ආතක්ද? ඕකුන්ට ගහල මදි.ආණ්ඩුවට පන නෑ කියන්නේ එකනේ.
උසාවියෙන් උද්ගෝශන කරන්න එපා කියල නියෝගයක් පනවල තියෙද්දි ඒක කඩ කරලා නීතියට, සාමයට බාදා කරාම, දෙන්න ඕනෙ කදුලු ගෑස් වලින් නෙමෙයි. වෙන ජාතියේ ගෑස් වලින්. ඉස්සරවෙලා හොයලා බලනවා මේ වගේ සුදු අලි පවත්වාගෙන යන්න අපේ රටට පුලුවන්ද කියලා. නිකම් වහලා තිබිලා දිරලා යනවට වඩා හොද නෑද්ද ආදායම් මාර්ගයක් හොයා ගන්න එක
පළාත් සභා මහත්තය කෑ ගැහුවට කමක් නෑ. හැබැයි රසායනික ප්‍රහාර කියල නැති ප්‍රශ්න ඇති කරන්න එපා. ඔය කට්ටියමනේ අන්තර්ජාතික පරීක්ෂණ එපා කියල කෑ ගහන්නේ. ඉතින් මේ කෑ ගහන්නේ රට තවත් අමාරුවේ දාන්නද?
කොහොමත් කදුළු ගෑස් කෑවම දානවා හුස්ම ගන්න බෑ තමයි. කොහෙද මෙයාලට පළපුරුද්දක් නෑ නොව. අපිටනම් කොල්ලුපිටියේදී තුම්මුල්ලේදී ඒකාලේ ඕව කාල පුරුදුයි.
මෙයා කවුරු වුනත් කඳුළු ගෑස් කියනේ එකේ තේරුම දන්නේ නැහැ වතුර කියලද දන්නේ නැහැ හිතාගෙන හිටියේ.
අට පාස් නැති එවුන් කොහෙද දන්නේ කඳුළු ගෑස් කියන්නේ රසායනික මිශ්‍රණයක් කියල.