(ප්‍රියාණි මංගලිකා )
රස්නායකපුර ප්‍රදේශයේ නිවසකට කඩා වැදුන සිවු දෙනකුගෙන් යුතු කල්ලියක් නිවැසියන් ඇතුලු සිවු දෙනකුට තියුණු ආයුධවලින් පහර දී කපා කොටා,රුපියල් ලක්ෂ හයක මුදලක් සහ රන් මාල තුනක් කොල්ලකා පලාගොස් ඇතැයි රස්නායකපුර පොලීසිය පවසයි.
මෙම තියුණු ආයුධ ප්‍රහාරයට ලක්ව ඇත්තේ රස්නායකපුර ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික යුද හමුදා නිලධාරීයකු (45) ,ඔහුගේ බිරිඳ (42) සහ අසල්වැසි කාන්තාවන් දෙදෙනෙකි.
විශ්‍රාමික යුද හමුදා නිලධාරීයා ප්‍රදේශයේ පොල් මිලදී ගැණීමේ ව්‍යාපාරයක්ද පවත්වා ගෙන යමින් සිටින අතර මෙදින රාත්‍රියේ ව්‍යාපාරික නිවැසියා සහ ඔහුගේ බිරිඳ නිවසේ සිටින අවස්ථාවේ ,සැකකරුවන් ගේට්ටුව දෙස සිට කතා කිරීම හේතුවෙන් ඔවුන් දෙදෙනාම ඒ දෙසට ගොස් ඇති බවද පොලීසිය සඳහන් කරයි .
පසුව සැකකරුවන් දෙදෙනෙකු නිවැසි යුවලට තියුණු ආයුධ වලින් පහර දෙන අවස්ථාවේ අනෙක් සැකකරුවන් දෙදෙනා නිවසට ඇතුලු වී මුදල් මංකොල්ල කා ඇත.
ඔවුන්ගේ කෑ ගැසීම් ශබ්දය ඇසී ,එය බැලීමට පැමිණි අසල්වැසි කාන්තාවන් දෙදෙනාටද තියුණු ආයුද ප්‍රහාරයක් එල්ල කළ සැකකරුවන් දෙදෙනා එම කාන්තාවන් දෙදෙනා ගේද ගෙල බැඳි රන් මාල දෙකද සැකකරුවන් කොල්ල කා ඇති බවද පරීක්ෂණ වලදී අනාවරණය වී ඇති බවද පොලීසිය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
449
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1037
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රස්නායකපුර නිවෙසකට පැන කපා කොටා දේපොළ කොල්ල කති