පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ සියලු අපේක්ෂකයන්ගේ මනාප ඡන්ද යළි ගණන් කරන ලෙස ඉල්ලමින් හිටපු ඇමැතිනි රෝසි සේනානායක මහත්මිය ගොලු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විභාගයට නොගෙනම අද ප්‍රතික්ෂේප කළේය.
මනාප ඡන්ද ගණනය කිරීමේදී කිසිදු අක්‍රමිකතාවක් හෝ දූෂණයක් සිදුවී නැතැයි සියලු ඡන්ද පොළ නියෝජිතයන් පිළිගෙන තිබෙන බවත්, ඒ බව තහවුරු කිරීමට ඔවුන් විසින් දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කරනු ලැබ ඇති බවත් නීතිපතිවරයා සහ වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු අධිකරණයට දැන්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධාරානිපාත වැසි වැටීලා ජනතාව ඉතා අසරන භාවයට වැටිලා ඡන්ද පෙත්සම් නොවෙයි. (ර)
මමනම් හීනෙකින්වත් හිතුවේ නැහැ. (ර)
රෝසි පරාජය වූ එක ගැන සතුටුවෙන බොහෝ අය ඉන්න බව අපි දන්නවා (නි)
අපි දන්නවා රෝසි හිටපු මන්ත්‍රීවරිය ජනතාවාදී චරිතයක් කියලා. පොඩ්ඩක් ඉන්න නෝනා, අවස්ථාවක් ලැබෙයි (නි)
මනාප ක්‍රමයම මංකොල්ලයක්! මේ ක්‍රමයේදී කාන්තාවන්ගේ සංවිධාන ශක්තිය ඉහළින්ම තිබිය යුතු ය. නැත්නම් පුරුෂ ආධිපත්‍යය සියල්ලම ග්‍රහණය කර ගන්නවා. (කෞ)
තමන් ගැන අධිතක්සේරුවකින් හිටියහම ඔහොම වෙනවා. දැන් අවංකව පොළවේ පය ගහලා වැඩ කරන්න. මිනිස්සු ඊළඟ පාර එ්ක සළකලා බලයි. (නි)
පව් නේද රෝසි මහත්මිය? (නි)
සත්‍යා, ඔබ හරි. කාන්තා අයිතිය වෙනුවෙන් සහ රටේ දියුණුව ගැන කතාකළා නම් ඉවරයිනේ (නි)
රෝසි එළියේ වුණාට අරයා ඇතුළෙනේ. එච්චරයි වුණේ. (නි)
සිතු දේ නොමවෙයි නොසිතු දෙයම වෙයි... (නි)
මට රෝසි මහත්මිය ගැන කණගාටුයි (නි)
කලු ගලේ ඔලුව ගහ ගන්න එපා...රෝසි නෝනෝ....(ම)
රෝසි පොල්ල ගෙනෙන් බල්ල මරන්න ! (බ)
සාධාරණව පැවැත්වූ ඡන්දයක ප්‍රතිඵලය දිනුමක් වුනත් පරාජයක් වුනත් පිළිගැනීමට මානසික ශක්තියක් තියෙන්න ඕන දේශපාලනඥයින්ට. (හේ)
ඔබ තුමියට හැම අතින්ම අසදරානයි ඡන්ද 2700 ගත්ත ෆොන්සේකා උදුරා ගත්ත ඔබගේ ඇමති කම (අ)
කොහේ ඉදන් රිංගුවාද අර මනුස්සයා. ඒ නිසා ඔබගේ ඇමති කමටත් තට්ටු කලා (අ)