( ජයන්ත සමරකෝන් )
රස පරීක්ෂක වාර්තා ප්‍රමාදයකින් මත්කුඩු චෝදනා මත සැකකරුවන් 6,000 ක් පමණ බන්ධනාගාරගතවී සිටින බව බන්ධනාගාර ආරංචිමාර්ග කියයි.
බන්ධනාගාරගතව සිටින සැකකරුවන් 15,000 ක් අතරින් අඩක්ම මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් චෝදනා සම්බන්ධයෙන් චෝදනා මත රිමාන්ඩ් භාරයේ පසුවන බවද වාර්තාවෙයි.
බන්ධනාගාර තදබදයට මෙය ප්‍රධාන හේතුවක් වන බවට එහි නිලධාරීහු සඳහන් කරති. මේ වන විට බන්ධනාගාර 32 ක පමණ සිරකරුවන් 9,000 ක් පමණ රඳවා සිටින අතර එයින් 2,000 ක් පමණ ජීවිතාන්තය දක්වා, මරණ දඩුවම් ඇතුළු දීර්ඝකාලීන දඩුවම් ලැබූවන් බව කියති.
මත්කුඩු චෝදනා මත අත්අඩංගුවට ගත් සැකකරුවන්ට ජාවාරම් කිරීමේ චෝදනා නැගීම හේතුවෙන් ඔවුන්ගේ රස පරීක්ෂක වාර්තා ලැබෙන තෙක් ඇප නොදෙන බවද රස පරීක්ෂක වාර්තා ලබා ගැනීමට වසර එකහමාරක් පමණ ගතවන බවත් දැනගන්නට තිබේ.රිමාන්ඩ් සහ සිරගතව සිටින මුළු රැඳවියන් සංඛ්‍යාව 24,000 ඉක්මවන බවද එම වාර්තා අනාවරණය කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මානව අයිතිවාසිකම් ගැන මුළු රටේම බෙරිහන් දෙනවා ඇහෙනවා. හැබැයි මේ මිනිසුන් කූඩුවල දමාගෙන ඔවුන්ගේ නිදහස නැතිකිරීම ගැන කවුරුත් කතා නෑ. ළඟදී ජනාධිපති පවා පොලිස්පතිට කියා තිබුණා පුද්ගලයින් අත්අඩංගුවට ගතයුත්තේ ඉතාම අත්‍යාවශ්‍ය වනවිට සහ හරියටම නීතියට අනුව බව... හේතුව මිනිස් නිදහස අහිමි වන නිසා.. චෝදනා නැතුව අවුරුදු ගණන් සැකකරුවන් රිමාන්ඩ් භාරයේ ඉන්නේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂම නිද්‍රාශීලී රජයේ සේවකයන් පිරිසක් නිසාවීම කොයිතරම් ඛෙදජනකද? හැබැයි, මේ ගොල්ලන් ලඟට ආපු කුඩු වගයක් කුරක්කන් පිටි වුණු හැටි ගැන නම් ඉස්සර කියවුණා.