ධාවන තරඟවලට යොදා ගන්නා යතුරු පැදි දෙකක් දොම්පේ තිත්තපත්තර ප්‍රදර්ශනාගාරයකින් සොරකම් කළැයි කියන යතුරුපැදි ධාවන ශූරයකු අත්අඩංගුවට ගත් පොලිසිය සීසී 1000 හා සීසී 400 යතුරු පැදි දෙක ද සොයා ගෙන ඇත.
යතුරු පැදි දෙකේ වටිනාකම රුපියල් විසි ලක්ෂ පනස් දහසක් බවත්, තවත් තිදෙනකු හා වෑන් දෙකක් සොයා ගැනීමට නියමිත බවත් පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයා යතුරුපැදි ධාවන තරඟ වලින් පදක්කම් හා ශූරතා 20කට අධික ප්‍රමාණයක් ලබා ගත් අයෙකියි කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොම හිරේ දාන්න ඕනේ. එහෙම බැලුවොත් වරායේ වැඩ කරන්න කව්රුත් නැතිවෙනවා (නදී)
නීතියේ හිල් තියෙන අය හැමෝම මේකට සම්බන්ධයි (නදී)
මහින්ද, දැන් ඔන්න සීසී යතුරුපැදි ගෙන්වන්න පුලුවන්. මම පවා බාවිතා කරන්නෙ ඉතාලි අප්‍රිරිල්ලා දොර්සොදුරෝ 750 සීසී එකක්. ආරක්ෂක අමාත්‍යංශයේ අවසරයක් පමනයි ඕනා. ලියාපදිංචි කරන්න පුලුවන්. (නදී)
සී සී 1000 යතුරුපැදි ගෙන්වන්නේ මොන පාරෙන්ද ? (නදී)
නයිට් රේස් කාරයෙකේද ? (නදී)
හරි නම් යතුරු පැදි අයිතිකරුත් අත්අඩංගුවට ගන්න ඕනෑ. මොකද කොහොමද මේ යතුරුපැදි ලංකාවට ගෙනාවේ? මොකද අපේ රටේ උපරිම ධාරිතාවය සි සි 250 යතුරු පැදි පමණයි. (නි)
ධාවන තරඟ වලින් ඔහුට ලැබී ඇත්තේ කුසලාන,කප් ,සහතික හෝ සුළු මුදල් ත්‍යාග වෙන්න ඇති. ධාවනයට සුදුසු යතුරු පැදියක් ගැනීමට නොහැකිතාවය නිසාම සොරාගන්න ඇති. ධාවන ශුරයෙක් නිසා සමාවක් දීලා එක යතුරු පැදියක් හෝ පරිත්‍යාග කරන්නේ නම් ව්‍යාපාරික මහතුන්ට මහඟු පිනක් ! එසේ නොමැති නම් ඔහු වෙනුවෙන් අරමුදලක් ආරම්භ කරන්නේ නම් අපටද සම්මාදමක් කළහැකියි (නි)
සමන්ති, 1000සීසී ඒවාත් ගෙනෙන්න පුලුවන් ආනයන අපනයන පාලක අවසර සහිතව. ඒ වගේම ඒවා ලියාපදිංචි කරන්න පුලුවන්. හැබැයි ඒවා ධාවන තරඟ වලට ගන්න තමා ගෙනෙන්නෙ. ඒත් ඒවා පාරවල් වල ඕනෑතරම් තියනවා. (නි)
අනේ දැන් ඉතින් ඔය ක්‍රීඩා කෞශල්‍යයෙන් වැඩක් තියෙනවද? (නි)
අදික වේගයෙන් දාවනය කරන මෝටර් සයිකල් තියෙන්න ඕනා දාවකයන් ළඟ (නදී)
යතුරු පැදි දෙකේ වටිනාකම රුපියල් විසි ලක්ෂ පනස් දහසක් බවපොලිසිය පවසයි. එතකොට පොලිසියට ගෙනාව බයික් රේස් පදින්නේත් නැත්නම් ඇයි ලක්ෂ 36 ක් වෙන්නේ (දී)
හරි හමන් විස්තරයක් නොදන්නා නිසා නිහඩව ඉන්නවා. (දී)