2016-12-22-ent-126

රොෂාන් ප්‍රනාන්දු ජනප්‍රිය සංගීත කණ්ඩායම් නායකයෙකු සහ ඒක පුද්ගල ගායකයෙකු ලෙස ප්‍රසිද්ධියට පත්වූ ගායකයෙකි. එසේම දක්ෂ ඩ්‍රම්ස් වාදයක ශිල්පියෙකු ලෙසද බොහෝ දෙනා ඔහුව හඳුන්වයි. ඔහුගේ ගීතවලට අලුත්ම ආකාරයේ සංකල්පයන්ගෙන් යුතු වීඩියෝ ගෙන ඒමට ඔහු කටයුතු කරයි. එවැනිම ගීතයක් අද ඔබට ගෙනඑන්නෙමු.

ඒ "ඩාන්ස් නටන්න" කියන ගීතය පිළිබඳවය. වේග රිද්මය ඔස්සේ නිර්මාණය වූ එම ගීතය තත් කාලීනව භාවිත වන වචන භාවිතය ඔස්සේ නිර්මාණය වූවකි. මේ ගීතය අසන බොහෝ දෙනාට හැඟෙන දෙයක් නම්, මෙය එක්තරා ගීතයක කොපියක්ද යන්නය. ඒ ලහිරු පෙරේරා විසින් ගායනා කරනු ලබන "රම්බරි කියපන් නුඹේ නොම්බරේ" කියන ගීතයත් මෙහි සංගීත සංකල්පය ඔස්සේ දිවයන බවක් පෙනෙයි.

එළිදැක්වූ දිනය - 2016 දෙසැම්බර් 14

ගායනය - රොෂාන් ප්‍රනාන්දු

පදරචනය - ලක්ෂ්මන් රඳවාන

සංගීතය - රොෂාන් ප්‍රනාන්දු

 

2016-12-22-ent-127
2016-12-22-ent-128
2016-12-22-ent-129