හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු මෙන්ම ජාත්‍යන්තර තරග තීරකවරයකු ලෙස කටයුතු කළ රොෂාන් මහානාම මහතා සිය ධන පරිත්‍යාගයෙන් ඉදිකළ වවුනියාව බෝගස්වැව වෙහරතැන්න පිහිටි රොෂාන් මහානාම ප්‍රාථමික විද්‍යාලයට පසුගියදා නවක සිසුන් ඇතුළත් කරගන්නා ලදි.
පළමු වැනි වසරට සිසුන් ඇතුළත් කරගැනීම සඳහා පසුගිය 11 වැනිදා පැවැති උත්සවයට රොෂාන් මහානාම මහතාද සහභාගි විය. පළමු ශ්‍රේණිය සඳහා සිසුන් 14 දෙනකු එදින ඇතුළත් කරගන්නා ලද බවත් තවත් සිසු සිසුවියන් 24 දෙනකු පොරොත්තු ලේඛනයේ සිටින බවත් විදුහල්පති ටී.ඩී.ඒ. ක්‍රිෂාන්ත කුමාර ජයසූරිය මහතා පැවසීය.
පසුගිය වසරේ ජූනි 14 වැනිදා විවෘත කරන ලද මෙම පාසල ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 27 ක පමණ මුදලක් වැය කෙරිණ. පාසල් ගොඩනැගිල්ලේ සියලු ඉදිකිරීම් යුද හමුදා ශ්‍රම දායකත්වයෙන් සිදු වූ අතර එය විවෘත කිරීමේ අවස්ථාවට වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් රුවන් කුලතුංග මහතාද සහභාගී විය.
මෙම විදුහල් ගොඩනැගිල්ල නම්කර ඇත්තේද රොෂාන් මහානාම ප්‍රාථමික විද්‍යාලය නමිනි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රේණුක හරි. (බ)
ඇත්තටම ඉතාම් හොඳ වැඩක් , මහේල, සංගා, දිල්ෂාන් කළා වගේම මෙතුමගෙනුත් උදාර සේවයක් සිදු වෙලා තිබෙනවා.හොඳ ආදර්ශයක් (බ)
මහානාම, මහේල යනු දීප්තිමත් නාලන්දියන්. (නි)
ජාතියට ණය නැති පුතෙක්. මේ වගේ පුළුවන් අය අපේ අයට අත දෙනවා නම් අපිට අනාගතය ගැන බලාපොරොත්තු තියාගන්න පුළුවන්. මිනිසුන්ගේ සතුටු කඳුළු ඔහුගේ ලෝකෙට ආශිර්වාද කරනවා (නි)
දේශපාලනයට පැමිණ මේ රට බේරාගන්න (නි)
සමන් කිවුවා හරි. රොෂාන් මහානාම නියම මහත්තයෙක් වගේ තමන්ගේ සල්ලි වලිනුයි මේක කරලා තියෙන්නේ. ගොඩක් හොඳ වැඩක්. (නි)
රොෂාන් මහානාම කියන්නේ ඉතාමත් නිහතමානී මහත්මයෙක්. (නි)
මේ සත්ක්‍රියාවට, පුණ්‍යකර්මයට දස දහස් වරක් පින්. (නි)
මේවා නම් ඇත්තෙන්ම අගය කළයුතු වැඩ (නි)
මෙය දැයේ දූ දරුවන්ගේ හෙට දවස ආලෝකමත් කිරීම උදෙසා සිදුකළ උදාර ක්‍රියාවකි. එය සමස්ත ජන සමාජයටම මහත් වූ ආදර්ශයක් වන අතර මේ වෙනුවෙන් දායක වූ කීර්තිමත් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන රොෂාන් මහානාම මහතාට අපේ උත්තමාචාරය ! (බ)
දැන් ඉන්න ක්‍රිකට් නළුවන්ට ඔබ හොඳ ආදර්ශයක්. (නි)
රොෂාන්, ඔබ නියම මහත්මයෙක්! (නි)
ව්ශිෂ්ටයි. ජයවේවා ඔබට පින් !!! (බ)
හොඳ වැඩක් සර් (බ)
දැන් සීටින ක්‍රීඩකයන් මෙන් නොවී හොද ආදර්ශයක් දුන් ඔබට අපගේ ගෞරවය (බ)
අපි දැක්කා මෑත ඉතිහාසයේ සංගා මහේල, දිල්ශාන් වැනි ක්‍රීඩකයින් ඔවැනි සමාජ සේවාවල නිරතවෙනවා. ඔවුන් ඇතුළුව රොෂාන්ටත්, "දීර්ඝායුෂ ලැබේවා‘‘ (බ)
අති විශිෂ්ටයි ...ඔබට පින් ....අර නත්තල් ගස් ඇමතිට මේ වගේ දෙයක් කරන්න ඔලුවට අාවේ නැත්ද ...? (බ)
හොඳ වැඩක් සර්...බුදුසරණයි...!!! (බ)
වේදනාත්මක සමුගැනීමක් ලැබූ ඔබ සමාජ සේවයේ සුපිරි ආරම්භයක් සනිටුහන් කළ වගයි. සුපිරියි මහා....(බ)
රොෂාන්, ඔබ යුග පුරුෂයෙක්. මේ ක්‍රියාවත් ඔබගේ අතිවිශිෂ්ට පන්දු රැකීම වගේමයි. මෙවැනි තවත් සත්ක්‍රියාවක් කරන්නේ නම් අපි ඔබ සමඟයි සැමදාමත්. (නි)
විශිෂ්ට සත්ක්‍රියාවක්. (නි)
ක්‍රිකට් ගහන කාලෙත් හැමවිටම කණ්ඩායම් හැඟීමෙන් ක්‍රීඩා කල කෙනෙක්. අද සල්ලි පස්සේ දුවන සමහර ක්‍රීඩකයන්ට හොඳ ආදර්ශයක්.(ම)
නිහාල් නියමෙටම කියල තියනවා. (බ)
රුපියලක් පිනට දීල රුපියල් සීයක ප්‍රචාරයක් බලාපොරොත්තු වෙන ලෝකෙක නිහඬව ඔබ කළ මේ සත්ක්‍රියාවට අපේ උපහාරය (බ)
මෙම ප්‍රදේශය දෙමල සිංහල මිනිසුන් ඉන්න ප්‍රදේශයක්ද ? සිංහලෙන් විතරක් විදුහල්පති කියල තිබෙන්නේ (බ)
ඔබටත් ඔබගේ පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි . දෙවියෝ රකිත්වා (බ)
විශිෂ්ටයි සුපිරි වැඩක් සර්. (බ)
ඉතා ඉහළින් අගය කරනවා (බ)
මේකේ බෙදීමක් නැතුව අදහස් ප්‍රකාශ කරන්න ලැබෙන එකත් හොඳයි. එතකොට තමයි වටිනා කියන අදහස් ඉස්මතුවෙලා පෙනෙන්නේ. රොෂාන් වැනි උතුම් පරිත්‍යාගශීලි ක්‍රීඩකයින්ට ජාතියේ ප්‍රණාමය කවදත් හිමිවේවි. (නි)
බොදු පදනමක උපන්, බොදු අධ්‍යාපනයෙන් පෝෂණය වූ, රොෂාන් මහානාම සැබවින්ම නිහතමානී මහත්මයෙකි. මෙවන් උතුම් කටයුතු කරන්නට ඔහුට තව තවත් ශක්තිය හා වාසනාව ළඟාවේවා! (නි)
රොෂාන් මහානාම මුලසිටම මා ආදරය කරන ක්‍රීඩකයෙක් සහ මහත්මයෙක්. මේ පුවත දකිද්දී ,මට ඔහු කෙරේ තිබෙන ආදරය, වැරදි තීරණයක් නොවන බව ඔහු විසින් ඔප්පු කිරීම ගැන ලොකු සතුටක් ලැබුනා. (බ)
අධිකාරිට රට අරාජික වගේ පේනවා නම් වෙන රටකට යන්න. රට බෙරිලා ගොඩක් කල්. දැන් ඉන්න නායකයන්ට රට කරගෙන යන්න දෙන්න කුහකකම නැතුව. ඔබට ස්තුතියි මහනාම! ඔබ කළ පුණ්‍යක්‍රියාව මහමෙරක් තරමට අගෙයි (නි)
මේ සත්ක්‍රියාවට, පුණ්‍යකර්මයට දස දහස් වරක් පින්! (නි)
මහත්වරුන්ගේ ක්‍රීඩාව කළ ඔබ නියම මහත්මයෙකු බව පසක්කර ඇත. ඔබටත් දූදරු සියලු දෙනාටත් තෙරුවන් සරණයි. (නි)
විමලරත්න වතුර වීදුරුවේ කිඹුල්ලු හොයනවා වගේ. යහපත් වැඩක යහපත් බව නොදැකීම වසල බවක් කියලයි මට හිතෙන්නේ. මහානාම මහතාණෙනි,ඔබට හිස නමා ආචාර කරමි. (නි)
ඉතා වටිනා අගය කළයුතු කටයුත්තක්. අපේ රටේ මෝඩ දේශපාලන, ව්‍යාපාරික රැල මේවායින් පාඩමක් ඉගෙනගත්තොත් හොඳයි. (නි)
විමලරත්න පෙරේරා, ඔයා ලංකාවේ ප්‍රශ්නම ඇතිකරන්න බලාගෙන ඉන්න ජාතියේ කෙනෙක් කියලයි මට නම් හිතෙන්නේ (නි)
ඉතාමත්ම නිර්භීත තීරණයක්. ජාති, ජාතිත් ඔබ ඇතුලු පවුලට නිදුක්, නීරෝගී, වාසනවන්ත චිරජීවනය ලැබේවා!!!
මෙන්න මේවා තමයි පින්අතේ වැඩ. ඔබට ජය! (නි)
පුදුමයි, මේක විවෘත කරන්න අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් ඉල්ලුවේ නැති එක. (බ)
විමලරත්න මේක ශ්‍රිලංකාවේ ශ්‍රී ලාංකීකයන් සිටින ප්‍රදේශයක් (බ)
ඔබට පින්......(බ)
ඉතා හොඳ යුග මෙහෙවරක්, සමාජ සත්කාරයක්, ඔබට යම් දිනෙක සතුටු වීමට ඉතිරි වන්නේ මෙවැනි දේ පමණි (බ)
ජාතියේ උතමචාරය ඔබට ... දීර්ගායු වේවා ! (බ)
මෙන්න මේ වගේ දේවල් තමයි ඇත්තටම අගය කරන්න ඕනෑ (නි)
නියමයි රොෂාන්, ඔබට අපි තවත් ගරු කරනවා. අපි ක්‍රිකට් වලට ආදරෙයි. ඒ වගේම ඔබටත් ආදරෙයි. අනෙක් අය බයිලා ගහන කාලේ ඔබ ඉතා උතුම් ක්‍රියාවකට දායක වෙලා. අතිවිශිෂ්ටයි...! ඔබට ගොඩක් පින් (නි)
අතම ගානකට පළදෙන පින්අතේ වැඩක් (නි)
සමහරුන්ගේ වැඩ නිසා අපේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඔබට අකාලයේ සමුගන්නට සිදුවුණා. දක්ෂ ක්‍රීඩකයන්ගෙන් එක්කෙනෙක් තමා රොෂාන්. ඔබට ජයෙන් ජය වේවා...! (නි)
ඔබ ක්‍රීඩා කරනකොට වඩේ එකක්, අන්නාසි කෑල්ලක්, අයිස් පලමක් කකා කාෂ්ට අව්වේ ඉඳගෙන අත්පුඩි තලපු අහිංසක මිනිසුන්ට සාධාරණයක් ඉෂ්ට කළ ඔබට, ඔබගේ අනාගත සැළසුම් සියල්ල සාර්ථක වේවා! (නි)
ගොඩාක් හොඳ පුණ්‍යකර්මයක් (නි)
සතුට වැඩි කමට ඇත්තටම ඇසට කදුලක් අවා.රේණුක කියල තියන දේ හරියටම හරි.රොෂාන් ඔබ තුමාට තෙරුවන් සරණයි.වැඩි වැඩියෙන් ලැබේවා. (බ)
ඔබට ගොඩක් පින්. දහස් වාරයක් පින් ඔබගේ දෙමාපියන්ටත්. මගේ ලෝකයේ වීරයෙක් ඔබ. රොෂාන් අයියේ, ඔයාට තෙරුවන් සරණයි! (නි)
විමලරත්න මහත්මයා, ඔබ අදහස් කරන්නේ කුමක්ද? රේණුක, ඔබගේ අදහස සහ අර්ථය ඉතා සිත්ගන්නාසුළුයි (නි)
සෝම හිමියන්ගේ පසුගිය සැමරුම් පින්කමේ දී ඔබ දැක ගතිමි .සෝම හිමියන් දෙසු මග ගමන්ගන්නා බව ක්‍රියාවෙන් ඔප්පු කළා. ක්‍රීඩා පිටියේ ද අප දුටු මහත්මයාණනි මහා පින්වතණනි ඔබකලා වූ මේ කුසලයෙන් මේ ගෞතම බුද්ධ රාජ්‍යයේදීම චතුරාර්ය සත්‍ය අවභෝධ වේවා !!!ඔබ මෙලොවට බිහිකළ දෙමාපියන්ටත් ඔබගේ පාසැල වූ නාලන්දාවට ත් මේ ගෞරවය අයිතියි (බ)
විමලරත්න සුළුතරයට සිංහල උගන්වන එක බහුතරයට දෙමල උගන්නන එකට වඩා ලේසියි .අනික බෝගස් වැව සිංහල ලංකාවේ වෙන්නේ මොනවද කියල දන්නේ නැති කෙනෙක් විමලරත්න .සමාවෙන්න මේවගේ හොද තැනක මේ විදිහට ලිව්වට (බ)