21061220Rashi-1මේ දිනවල ටෙලි නාට්‍යය කිහිපයක ඔබ දකින රශිපබා පෙරේරා නව පරපුර අතර අතිශය ජනප්‍රිය යොවුන් රංගන ශිල්පිනියකි. රංගනයට, නර්තනයට මෙන්ම ගායනයටද එකසේ දක්ෂතා දක්වන රශිපබා මේ දිනවල දෙරණ රූපවාහිනි නාළිකාවේ විකාශය වෙන ‘දෙරණ ස්ටාර් සිටි’ රියැලිටි තරගයටද එක්ව සිටියි. මේ ඒ පිළිබඳව ‘සාරවිට’ ඇය පැවසූවේ මෙවැන්නකි.

“මේ දවස්වල වැඩිපුරම කාලයක් වැය කරලා තියෙන්නේ දෙරණ රූපවාහිනි නාළිකාවේ විකාශය වෙන ‘ස්ටාර් සිටි’ දෙවැනි අදියරය සඳහා. මේක මගේ පළමු රියැලිටි තරගය. ඒ නිසා මේක මට විශේෂ එකක්. මම තරග කරන්නේ සුසන්තිකා ජයසිංහගේ ‘සිල්වර් රනර්ස්’ කණ්ඩායමට. මාත් සුසන්තිකා අක්කාත් එක්ක විනූ සිරිවර්ධන, සම්පත් ජයවීර හා උදේෂ් ඉන්ඳුල අපේ කණ්ඩායමේ අනෙක් සාමාජික, සාමාජිකාවන් විදිහට කටයුතු කරනවා.

ගොඩ දෙනෙක් මාව දැනගෙන හිටියේ රංගන ශිල්පිනියක් විදිහට. නමුත්, රියැලිටි තරගය තුළින් මගේ ගායන මෙන්ම නර්තනය හැකියාවනුත් මගේ ආදරණිය රසික, රසිකාවියන්ට පෙන්වන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. කොහොමත් මම පාසල් යන කාලේ රංගනයට වගේම නර්තනයට, ගායනයට දක්ෂ කෙනෙක්. සමස්ත ලංකා පාසල් තරගවලදී මේ අංශවලින් මම ජයග්‍රහණ පවා අත්කරගෙන තියෙනවා.”

21061220Rashi-2