(මනෝප්‍රිය ගුණසේකර සහ රංජන් කටුගම්පොළ)

පාස්කු ප්‍රහාර සිද්ධියට මහජන ආරක්ෂක ලේකම් රවි සෙනෙවිරත්න සහ රහස් පොලිසිය භාර නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර යන මහත්වරු වගකිවයුතු බවට පොලිස් මූලස්ථානයට පැමිණිලි කළ පොලිස් නිලධාරින් ඔවුන්ගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බවට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එලෙෂ පැමිණීලි කළ එවකට රහස් පොලිසියේ සමුහ ඝාතන අංශයේ ස්ථානාධිපති ඉන්දුක සිල්වා මහතාට රුපියල් 10 000/- බැගින්ද විශ්‍රාමික නියෙජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන මහතාට රුපියල් 50000/- බැගින්ද වන්දි ගෙවීමට නියම කළේය.

දේශපාලන යටි අරමුණකින් ඉටුකර ගැනීම සඳහා මෙම පැමිණිල්ල කර ඇති බව තීන්දුවේ සඳහන් කළ විනිසුරු මඩුල්ල ඉන් පෙත්සම්කාර මහජන ආරක්ෂක ලේකම් රවි සෙනෙවිරත්න සහ රහස් පොලිසිය භාර නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර යන මහත්වරුන්ගේ මුලික අයිතිවාසිකම් කඩවී ඇති බවටද තීන්දු කළේය.

රවි සෙනෙවිරත්න සහ ශානි අබේසේකර යන මහත්වරු ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය එලෙස තීන්දු කළේය.

අගවිනිසුරු ප්‍රීතී පද්මන් සූරසේන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන අචල වෙන්ගප්පුලි සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත  ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම විභාගයට ගැනීණි.