හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නඩරාජා රවිරාජ් මහතා ඝාතන නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරමින් දෙන ලද ජූරි සභා තීන්දුව බලරහිත කොට ජූරි සභාවක් නොමැතිව එම නඩුව යළි විභාග කරන ලෙසට නියෝග කරන්නැයි ඉල්ලා රවිරාජ් මහතාගේ භාර්යාව ශෂිකලා රවිරාජ් මහත්මිය අභියාචනාධිකරණය හමුවේ අද(10) අභියාචන පෙත්සමක් ගොනු කළාය.
විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඟා තිබූ අතර එවැනි නඩුවක් ජූරි සභාවක් ඉදිරියේ කැඳවීම දෝෂ සහගත බව පෙත්සම්කාරිය සිය පෙත්සමින් පෙන්වා දී තිබේ. එසේම තමාගේ නීතීඥවරු ජූරි සභාව සම්බන්ධයෙන් මහාධිකරණය හමුවේ විරෝධතා පළ කළ බවද කියා සිටී.
කෙසේ වුවද දිනපතා පැවති නඩු වභාගය අවසානයේදී ඉකුත් දෙසැම්බර් 24 වැනිදා මධ්‍යම රාත‍්‍රියේ අදාළ ජූරි සභාව විසින් සියලූ විත්තිකරුවන් එම චෝදනාවන්ට නිවැරදිකරුවන් බවට තීරණය කළ අතර ඒ අනුව එම විත්තිකරුවන් මහාධිකරණ විනිසුරුවරයා විසින් නිදොස් කොට නිදහස් කළ බව පෙත්සමේ දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිඳු දේශපාලන සම්බන්ධයක් ඇති නඩු, දුමින්දගේ නඩුව වාගේ, ජූරි සභා නැතිව , තුන් දෙනෙකුගෙන් යුත් විනිසුරු මඬුල්ලක් ඉදිරියේ විභාග කල යුතුය. (හේ)
මේ අයව එල්ලුවානම් ඔන්න හැමෝම සතුටු වේවි.චෝදනා ඔප්පු නොකර කාවවත් එල්ලන්න බැහැ.ජුරිය විත්ති කරුවන්ගේ අයිතියක්. (බ)
ඔයාගේ දරුවන් එක්ක ජපානේට අරක්ෂාවෙලා ඉන්න ඇති, මේ රවිරජ්ලගේ වැඩ නිසා අපියි අපේ දරුවොයි කොච්චර බයෙන්ද හිටියේ බෝම්බ පිපිරෙනකොට! ඔයාලාට ඒ දුක තේරෙන්නේ නැහැ! (අ)
මේවායේ තියෙන කොමෙට් දක්කමනම් ප්‍රභාකරන් ඉවර කළේ අපරාදේ කියල හිතෙනවා . සිංහල යන වඳ වෙන එක අහන්නත් දෙයක්ද ? (බ)
මේ මිනිසුන් හෑල්ලුවට පත්කරන්නේ රටේ අධිකරණය නේද? මේවා හරියට "තැලෙන යකඩේ දැක්කහම උඩ පැන පැන තලනවා" වගේ (නි)
හයිබ්‍රිඩ් අධිකරණයක් අවශ්‍යයි කියන්නේ ඒ නිසයි (නි)
මොනවා කියන්නද කියලා හිතාගන්න බැහැ මට (නි)
අපි අතර මොන මතිමනාන්තර තිබුනත් මෙම නඩුවේ යම් දෝෂ සහගත බවක් තියෙන බව වැටහෙනවා. නැතිනම් රව්රාජ් සහ රියදුරු සියදිවි හානි කරගෙන විය යුතුයි.(හේ)
මේ සිංහල මිනිස්සු දාල තියන දේවල් දැක්කම දුකත් හිතෙනවා. ඔය පිට රට ඉන්න මිනිස්සු ඒ කලේ හොඳින් ඉන්න ඇති,(ම)
මහාධිකරණ විනිසුරුවරයා විසින් නිදොස් කොට නිදහස් කළා නම් තව මොන නඩුද හලෝ (බ)
බමුණු, මහා අධිකරණයට වඩා ඉහළ අධිකරණයකදී මහා අධිකරණ තීන්දුවක් අභියෝගයකට ලක් කළ හැකියි. එනම් අභියචනාධිකරණයකදී (බ)
ඉතා හොද ක්‍රියාවක් එතුමිය කර තිබෙන්නේ. නැති නම් හෙට අපට සිදුවන්නේත් ඔය දේමයි. (බ)
මේ වගේ වැඩ සිංහල ජාතියට කරන නිගාවක්.නියම සිංහලයෝ මේ වගේ බියගුළු වැඩ කරන්නේ නෑ (ම)