දෙමළ ජාතික සංවිධානයේ යාපනය දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර නඩරාජා රවිරාජ් සහ ඔහුගේ ආරක්‍ෂක නිලධාරි පොලිස් සැරයන් ලක්‍ෂමන් ලොකුවැල්ල යන දෙදෙනා 2006 වසරේදී වෙඩිතබා ඝාතනය කරනු ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදවේ ලූතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙක් සහ භටයෙක් රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනුලැබ සිටිති.
මේ තිදෙනා අතුරින් එක් නාවික හමුදා නිලධාරියකු සහ නාවිකභටයා මේ වනවිට නාවික හමුදා සේවයෙන් ඉවත්වී ඇති අතර අනික් නිලධාරියා තවමත් නාවික හමුදාවේ සේවයේ යෙදී සිටින බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කීය.
රහස් පොලිසියෙන් කර තිබූ දැනුම් දීමක් අනුව මීට දින කීපයකට ඉහතදී රහස් පොලිස් මුලස්ථානය මත පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගනු ලැබූ බවද ගුණසේකර නිගමනය කළේය.
පාර්ලිමේන්තු මන්තී‍්‍ර නඩරාජා රවිරාජ් මහතා සහ ඔහුගේ ආරක්‍ෂක නිලධාරි ලක්‍ෂමන් ලොකුවැල්ල මහතා වෙඩි තබා ඝාතනය කරනු ලැබුවේ 2006 නොවැම්බර් 10 වැනිදාය.
නාරාහේන්පිට මැනිං ටවුන්හි පදිංචිව සිටි රවිරාජ් මහතා එදින උදේ සිටි ආරක්‍ෂක නිලධාරියාවද සමග මෝටර් රථයෙන් කාර්යාලය බලා යමින් සිටියදී නාරාහේන්පිට මාතා පාරේදී යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනකු ටී 56 ගිනිඅවිලින් සිදුකළ වෙඩි තැබීමකින් දෙදෙනාම මරුමුවට පත්වූහ.
මෙම සිද්ධිය පසුපස නාවික හමුදාවේ ප‍්‍රබලයකු සිටින බවට එවකට චෝදනා එල්ල වී තිබිණි.
සිද්ධියෙන් වසර 7ක්ම ඉක්ම ගොස් තිබුණද සැකකරුවන් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණයවී නොතිබිණි.
කෙසේ වෙතත් නව රජය බලයට පත්වීමත් සමග ඝාතන සිද්ධීන් රැුසක් පිළිබඳ පරීක්‍ෂණ කටයුතු යළි ආරම්භ කෙරුණු අතර මහජන සාමය, ආපදා කළමනාකරණ හා කි‍්‍රස්තියානු කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා මෙම ඝාතනය සම්බන්ධයෙන් නැවත පරීක්‍ෂණය පවත්වන පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා වෙත ලබාදුන් උපදෙස් අනුව ඒ පිළිබඳ පරික්‍ෂණ පසුගිය ජනවාරි අග භාගයේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පවරන ලදි.
අත්අඩංගුවට ගත් තිදෙනා රැුඳවුම් නියෝග යටතේ රඳවාගෙන ප‍්‍රශ්න කරගෙන යනු ලැබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රවිරාජ් මහතාගේ සිංහලයෙකු අතින් සිදු වී ඇත්නම් ඒ පිළිබඳව මම අවංකවම කණගාටුවෙමි. මන්ද යත් ඔහු වරක් මා ඇසුරු කර ඇති බැවිණි. සත්‍ය යනු කවදා හෝ එළිවනු ඇත. වසර ගණනක් ගෙවී ගියත් ඔහුගේ මරණය පිළිබඳව අදත් මගේ හදවත තුළ ඇත්තේ ගණගාටුවකි. ඔහුට වෙනත් මතයක් දැරීමට හෝ වෙනත් අයෙකුගේ මතයක් වෙනුවෙන් පෙනී සිටීමට ඇති අයිතියට මම ගරු කරමි. මෙවන් දෑ යළි යළිත් නොම වේවා..! රවිරාජ් මැතිතුමනි එදා මෙන්ම අදත් මම නුඹට නිවන් සුව පතමි. ඒ දරුවන්ට මගේ කණගාටුව ප්‍රකාශ කරමි. (ත)
මෙතන පලිගැනීම පාවාදීම් එහෙම වෙන්නේ නෑ කියල හිතෙනවද. (ස)
මේ රජය මුලු රටම පාවා දෙයි වගේ. (ස)
අනේ මන්ද මොනවා වෙනවද කියලා.? (ර)
අපි බලමු මොකක්ද වෙන්නේ කියලා (නි)
එනපොට නම් හොඳ නැහැ වගෙයි (නි)
ඝාතනය අනුමත කරන්නේ නැහැ. නමුත් මෙයාල තමයි දෙමල ජනතාව අතර ජාති වාදය ව්‍යාප්ත කලේ. සිංහල දෙමල ඒකීය රටක් ගැන කතා කලේ නැහැ. (ස)
යුද්ධයේ අවසානයත් සමග දෙමළ ජාතිවාදී දේශපාලනයට සහ දෙසපාලකයින්ට ප්‍රභාකරන්ට තිත තැබූ අයුරින්ම තිත තියන්නට පහුගිය රජය කටයුතු නොකළ එකේ ප්‍රතිපල අපි අද භුක්ති විදිනවා..රවී රාජ කියන්නේ එක ජාතිවාදී දේශපාලන පුරුකක්..බල්ලෝ බළල්ලු වගේ දකුණේ මිනිස්සු කොටින්ගේ බෝම්බ වලට ප්‍රහාර වලට බිලි වෙද්දී කොටින්ව සාධාරණීකරණය කරමින් දකුණේ නිදහසේ ජීවිතය ගෙවූ මොහුට ඒ ඉරණම අත් විය යුතුව තිබුණු දෙයක්. (ස)
කවුරු උනත් වැරදක් කලානම් දඩුවම් දිය යුතුයි. (ම)
පරණ තුවාල පෑරීම සෑම විටම යහපතට හේතු නොවේ - නමුත් යුක්තිය අසම සමය..(ම)
නීතිය යන්න සියලු දෙනාටම පොදුයි, රටක ජනතාව ආරක්ෂා කල යුතු අයම මහජන නියෝජිතයකු ඝාතනය කිරිම පිළිබද යම් කෙනෙක් හරි කියන්නේනම් එය අසාධාරණයකි. මේ සමග මෙම නිලදාරීන් කප්පම් සදහා තවත් තරුණයන් අත්අඩංගුවට ගත්බව පත්තරවල කියවුයේ නැද්ද? අසරණ මිනිසුන්ගේ ජීවිත සමග සෙල්ලම්කරලා කප්පම් මුදල් ලබාගෙන අපේ පවුලේ ළමා දරුවන්ට ගෙවල් දොරවල් යහන වාහන ලබාගැනීම මනුස්සයෙක් වසයෙන් ම පිළිකුල් කරන්නෙමි.(ස)
ජාතිවාදී හෝ ආගම්වාදී හෝ මත දරන ඕනෑම කෙනෙක් හමුදාවක් අතින් මරණයට පත් වෙනවනම් ඒක රටට ලොකු කළු පැල්ලමක්. (ස)