හිටපු පාර්ලලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතා කොළඹ දී වෙඩි තබා මරා දැමීමේ නඩුවේ විත්තිකරුවන් නිදහස් කරන ලෙස විශේෂ ජූරි සභාව සිකුරාදා (23) මධ්‍යම රාත්‍රී තීරණය කළේය.

නාවික හමුදාවේ තිදෙනකු ඇතුළු පස්  දෙනකුට එරෙහිව කොළඹ මහාධිකරණයේ දී පැවැති නඩු විභාගය විශේෂ ජූරි සභාවක් විභාග කරන ලෙස විත්ති පාර්ශ්වයෙන් කළ ඉල්ලීම අනුව එය ජූරි සභාවක් ඉදිරියේ පැවැත්විණි.

පෙරදින මධ්‍යම රාත්‍රිය දක්වා නඩු විභාගය පැවැති අතර සාක්කි විභාගය අවසානයේ සැකකරුවන් නිදහස් කිරීමට ජූරි සභාව තීරණය කළේය. ජූරි සභාවේ තීරණය එය බැවින් සැකරුවන් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා නියෝග කළේය.

මෙම ඝාතනය සම්බන්ධයෙන් නාවික හමුදාවේ තිදෙනෙක්ද චෝදනා ලබා සිටියහ.

කොළඹ හුණු පිටියේ පිහිටි ආරක්ෂක අංශයකට සම්බන්ධ ස්ථානයකින් රවිරාජ් මහතා ඝාතනය කළ බව නඩු විභාගයේ දී කියැවිණි.

මෙම තීන්දුවට එරෙහිව ඇපෑලක් යොමු කරන බව දෙමළ සන්ධාන මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් කියයි.

_DSC3652 _DSC3659 _DSC3694 _DSC3709