පාර්ලිමෙන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතා සහ ඔහුගේ ආරකෂක භටයාට වෙඩි තබා ඝාතනය කළැයි චෝදනා ලැබ සිටි විත්තිකරුවන් නිදහස් කරමින් කොළඹ මහාධිකරණය ලබා දුන් තීන්දුව ඉවත දමා යළි මුල සිට නඩුව විභාග කරන ලෙස ඉල්ලමින් නීතිපතිවරයා අද අභියාචනයක් ඉදිරිපත් කළේය.
මෙම ඝාතනයට හිටපු නාවික හමුදා නිලධාරීන් තිදෙනෙකු ඇතුළු පස් දෙනෙක් චෝදනා ලබා සිටියහ. ඔවුන් සියලු දෙනා නිදොස් කොට නිදහස් කරන ලෙස විශේෂ ජූරි සභාවක් දුන් තීරණය අනුව කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා ලංකා ඉතිහාසයේ පළමු වතාවට මධ්‍යම රාත්‍රියේ නඩු තීන්දුව දෙමින් විත්තිකරුවන් නිදහස් කළේය.
විත්තිකරුවන් සියළු දෙනා නිදහස් කරමින් ජුරි සභාව ලබාදුන් නියෝගය දෝෂ සහිත බව සඳහන් කරමින් නීතීපතිවරයා මෙම අභියාචනය ඉදිරිපත් කොට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකු ප්‍රශ්නයක් වගේ ආයේ.(හේ)
මේක හරියට රාජාගේ කලේ නඩු තීන්දුවක් වගේ (හේ)
කුමක් සිදුවේද (හේ)
මේ නඩු තීන්දුවෙන් සිදුවුණේ අපේ අධිකරණය ගැන විශ්වාසය ජාත්‍යන්තර වශයෙන් පලුදුවීමයි. ඔය නඩුව මෙහෙයවුණු ආකාරය ගැන අපිට නම් සෑහීමකට පත්වෙන්න අමාරුයි. (නි)
රොකීට මමත් එකඟයි. අපේ රටට මේ විදියට යුරෝපා රටවල් උදවු කරාවිද අධිකරණයේවත් ස්වාධීනත්වයක් නැත්නම් (නි)
රොකී, රුවන්, යුරෝපා රටවල් උදවු කරනවා තියා තියන රටවල් වලින් බාගයක් ඉන්නේ එල්ලෙන්න වැල්වත් නැතුව. නෝර්වේ වගේ රටවල් උදව් කරයි රට දෙකට බෙදන්න නම්. නැතුව අපිට කරන උදවුවක් නැහැ. (නි)
යුරෝපයේ බලපෑමක්ද නැතිනම්, අකුලගන යන්න ඉන්න ඔබාමා පාලනයේ බලපෑමක්ද? (බ)
එතකොට අර වාස් මහත්මයාගේ නඩුවට මොකද වෙන්නේ. (බ)