පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතාට වෙඩි තබා ඝාතනය කර රටින් පැන ගොස් සැඟව සිටින ‘චැරන්‘ නමැත්තා අත් අඩංගුවට ගැනීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය ජාත්‍යන්තර පොලිසියට රතු නිවේදන නිකුත් කළාය.
විවේකානන්දන් ශිවකාන්තන් නොහොත් චැරන් විදෙස් රටක සැඟව සිටින හෙයින් ඔහු අත් අඩංගුවට ගැනීමට රතු නිවේදනයක් අවශ්‍ය බව කියමින් රහස් පොලිසිය උසාවියෙන් කළ ඉල්ලීමක් අනුව මෙම නියෝගය ලබාදී ඇත.
2006 නොවැම්බර් 10 වැනිදා කොළඹදී පාර්ලිමේන්තු මන්ත්‍රී රවිරාජ් මහතා වෙඩි තබා ඝාතනය කෙරුණි. මේ සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ සිටි නිලන්ත සම්පත් මුණසිංහ නොහොත් නේවි සම්පත්ට මීට පෙර ඇප ලබාදී තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අපරාධයන්ට සම්බන්ධ අය තමයි පෙරට එන්න සැරසෙන්නේත්.අනේ අපේ රටේ නීතිය! (නි)
ජනතාව දැන් සියල්ල වටහාගෙන අවසානයි (නි)