රාවනා බලය සංවිධානයේ දෙවැනි මහ සමුළුව අද කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.
අංගම්පොර හා කාන්තා රැඟුම්වලින් උළෙල විචිත්‍රවත් විය.
විපක්ෂයේ පොදු අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කිරීම සිංහල ජන නායකයන් බිඳ වැට්ටවීමේ කුමන්ත්‍රණයක් බවත්, මෛත්‍රීපාල වෙනුවට රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස සහ කරු ජයසූරිය මහත්වරු යෝජනා නොකළේ ඇයි දැයි ප්‍රශ්නයක් ඇති බවත් රාවනා බලයේ මහ ලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ කීහ.
චම්පික රණවක මහතා තම දේශපාලන ගමන් මඟට ඇද ගැනීමෙන් අතුරලියේ රතනහිමියන් කරනුයේ ඔහුගේ දේශපාලන අනාගතය නැති කිරීමක් යැයි ද ඒ හිමියෝ පැවසූහ.
සමුළුවේ දී පහත සඳහන් යෝජනා සම්මත විය.
මූලධර්මවාදී කණ්ඩායම් බෞද්ධයන් අන්‍යාගම් වෙත හරවා ගැනීම වැළැක්වීමේ නීති රීති සම්මත කරනු, බුදු දහමට හානි කරන ප්‍රකාශන නතර කිරීම සඳහා බෞද්ධ ප්‍රකාශන නියාමන නීති සම්මත කරනු, විහාර සතු ඉඩ කඩම් හා විහාර ආරක්ෂා කිරීම සඳහා නව විහාර දේවාලගම් පනතක් සම්මත කරනු, බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීම සඳහා බුද්ධ ශාසන පනතක් ගෙන එනු, බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කරනු, රටට නව ව්‍යවස්ථාවක් හඳුන්වා දෙනු.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවු. පොඩි කට්ටියට නින්ද ගිහිල්ලා (නි)
මේකට ආදිවාසීන්ගේ සම්බන්දයක් තියෙයි වගේ. (නදී)
නලඟනන්ගේ විකාර දැකලා පොඩි හාමුදුරුවරුන්ට එපා වෙලා. (ත)
සතර පෙරනිමිති ‘ශෝ‘ එකක් වගේ (ත)
නදී ඔයාට ඉරිසියාව නේද? (ස)
බුදු රුවක් ඉදිරිපස මේවගේ කාන්තා අනග රැගුම් සහ බලි පූජා සුදුසු නැහැ. සහභාගී වුණු ස්වාමීන්වහන්සේලාත් නිදි. (ත)
බුදුන් ඉදිරියේ තියාගෙන අගනුන් නටවන මේ පිරිස උතුම් බුදුන්ටත් මහා රාවනාටත් අපහසකරනවා... (ත)
බුදු පිළිමයක් ඉදිරිපිට නාට්‍යාංගනාවියෝ නටවල, ගුටි කෙළි පවත්වලද මොවුන් බුදු දහම රැකගන්නේ? බුදු දහමෙ කොතනද ඔය දෙවල් වලට ප්‍රමුඛතාව දක්වන්න කියන්නෙ? (ස)
රාවනාල විනය පිටකය දන්නේ නැතිද කොහෙද ? (නදී)
හාමුදුරුවන්ට පෙනෙන්න නැටුම්ද ? (ස)
හරියට බුදුන්ට කරන පූජාවක් වගෙයිනේ බුදුන් ඉදිරිපිටදී නටන්නේ. අනේ මන්දා මොනවද කියලා මේවා! (නි)
සිංදුවකුත් කිව්වනම් මරු...(ස)
රවණා බලය අඩුවෙලා. පේනවනේ සේරම නිදි. (ස)
මේ අය මොනවා කරනවද කියලා එයාලම දන්නේත් නැතුව ඇති. සමහරවිට අමුතු පණිවිඩයක් දෙන්නද දන්නෙත් නැහැ හදන්නේ? (නි)
ජයවේවා. (ස)
බුද්ධ ප්‍රතිමාවක් ඉදිරියේ කාන්තාවෝ නටවන එක අනුමත කරන්න බැහැ. කාන්තාවෝ බුදු ප්‍රතිමාවට පසුපස හරවා සිටීමම අපහාසයක් ලෙස මා දකිනවා. බොදු බල සේනා වගේම ඔයාලගෙත් පූසා මල්ලෙන් පැන්නා බුදු හාමුදුරුවෝ දේශනා කළෙත් ශාසනේ විනාස කරන්නේ ශාසනේ ඇතුලෙම ඉන්න අය කියලනේ. (ස)
ගරු ස්වාමින් වහන්සේලා සද්ධර්මය හොඳින් හදාරලා ධර්ම මාර්ගයේ යනගමන් දැනට ඉන්න බෞද්ධයන්ගේ සිත් තුළ ශ්‍රද්ධාව වඩවනවා නම් ඉතා හොඳයි (නි)
පාට කණ්ණාඩි ගළවා බලනු! සමහරුන්ට බුදුහාමුදුරුවන් ඉදිරියේ නටන එක තමයි ප්‍රශ්නය. ගෙදර රූපවාහිනී, පරිගණක නැතුවම ඇති. මෙයාලා කියන හැටියට දළදා පෙරහැරෙත් ගොඩක් කොටස් කපාහරින්න වේවි. (නි)
මහා සංඝයා බොහෝ අපහසු තාවයට පත්වී ඇත ... දුකේ බැරුවා (ස)
ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පිළිරුව ඉදිරියෙන් තියාගෙන මේ නටන නැටුම මොකක්ද? බුද්ධ, ධම්ම, සංඝ ගෞරවය කෝ? අනේ සසුනට ගිය කලක්! අතිශය කණගාටුව! (නි)
බුදු රජුන් ඉදිරියේ කාන්තාවන් නටවා මහින්දට ආවඩන මේ වගේ අය රටම පිළිකුල් කරනවා . ඒක සිකුරුයි. (ස)
මේ විදිහේ බලවේග,බල සේනා ජනාධිපතිතුමාට සහයෝගය දෙන එක දුප්පත් ජනතාවට කරන ලොකුම සේවයක්!.අනේ සාදු!.(ත)
මෙයට වෙන නමක් දැම්මනම් හරි. (ත)
රාවනා බලය බොදු බලයේ සහෝදරයෙක් වගේ. බුද්ධාගම විනාශවන දේවල් කර කර අනුනට වැදි බණ කියනවා.. (ත)
ඉන්න හාමුදුරුවරු ටික හරි හරියට ශීලය රකිනවා නම් මිනිසුන්ට බුදුදහම එපාවෙන්නේ නැහැ (නි)
වෙරළ අයිනෙන් ගත්තත්, සාගරයේ මැදින් ගත්තත්, සාගරයේ කුමන ස්ථානයකින් ගත්තත් ,මුහුදු ජලයේ ඇත්තේ ලුණු රසයයි. ලුණු රසය හැර වෙනත් රසයක් මුහුදු වතුරේ නැත. මෙසේ එකම රසයක් ඇත්තේ මුහුදු වතුරේ පමණක් නොව ශාසනයේ ද එසේ ඇති බව පෙන්වා දෙන බුදුරදුන් , සෑම භික්‍ෂුවකගේම එකම පරමාර්ථය නිවන් රසය ලැබීම බවත් වෙනත් රසයක් බලාපොරොත්තු නොවන බවත් පැවසීය. මුහුදු වතුරේ එකම ලුණු රසය ඇත්තා සේම ශාසනයේ ඇත්තේ නිවන් රසයයි.(දිල්)
මට මතක්වෙන්නේ මරඟන සේනා බුදුන් ඉදිරියේ පෑ රැඟුම් ටිකයි (නි)
දේශීය බලවේග මෛත්‍රීගෙන් ඈත්වන එක අරුමයක් නොවේ. (නි)
දේශීය බලවේග වලට මෛත්‍රීට සහය දෙන්න බැහැ. මෛත්‍රීගේ වටේ ඉන්න සමහර කට්ටියගේ පැටිකිරිය කාට අමතක වුණත් දේශීය බලවේග හොඳින් හඳුනනවා (නි)
බුදු පිළිම ඉදිරියේ නැටුමක් නැටුවාට බුදුදහමට අගෞරවයක් වෙයි කියලා මම නම් හිතන්නේ නැහැ. නමුත් මිනිස්සු ගෙවල්වල බුදුපිළිම තියාගෙන කොච්චර නම් පව් වැඩ කරනවද? ඒවාට කිසිම බයක් සැකක් නැහැ. නමුත් මේ වගේ උත්සවයක ඉන්න අපේ හාමුදුරුවන්ගේ වැරදි කියන්න කොච්චර නම් අය ආසද? (නි)
හැමෝම දාන අදහස් වලින්ම පේනවා මේවා අනුමත කරනවද නැද්ද කියන එක. (නි)
බාහිර පෙනුමට වැඩිය මතවාදයයි වැදගත් (නි)
'නච්ච ගීත' ඔය හොඳටම ඇති. අපි නම් මේවා අනුමත කරන්නේ නැහැ (නි)
ඔහොම නිදාගෙන හිටියොත් නම් ජයගන්න අමාරුවෙයි හොඳේ! (නි)
විකාර කරලා ගොඩනගා ගත්ත ප්‍රතිරූපය කා ගන්න එපා. අපරාදේ මගෙත් තිබුන අකල්ප ඔන්න හිස් උනා. (නදී)
පොදු අපේක්ෂකයෙක් ගෙනාවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න. පළමුව අපි ඒ ප්‍රශ්නය විසඳමු. (නි)
සමහර ස්වාමින් වහන්සේලා නිදි. බුදුන් ඉදිරිපිට සමහරු 'ඩාන්ස්' කරනවා. තේරුම් ගන්න තරම් බුද්ධියක් ජනතාවට ඇතිවේවා! (නි)
මෙතන හොද සිල්වත් හාමුදුරුවෝ හිටියා නම් උන්වහන්සේලාගේ සීලයට මොනවා වෙන්න අැතිද ? අනික බුදුරුවකුත් ඉස්සරහයි මුන් මේ රාගාදික නැටුම් නටන්නේ. මේවා මුලු ලෝකයම දකිනවනේ. ඉතින් වෙනත් ආගම් වලට මොනවගෙ හැඟීමක් ද එන්නේ ? (නදී)
මේ කට්ටිය රුපියල් අස්සේ අලුක්කාල් ගහන්න ගහන්න හදනවා. (අ)
රාවනා සිංහලයෙක්ද? බෞද්ධයෙක්ද? නැත ඉන්දියාවෙන් මෙහි පැමිණ පාලනය කල අයෙකි. ඉන්දියාවෙන් ස්ත්‍රීන් පැහැරගෙන මෙහි ගෙනවුත් පරිප්පු කාපු රජෙකි. කරුණාකරලා උතුම් බුදු දහමට නිගරු නොකර ඉන්න (නදී)
රාවනා බලය තුළ පවත්නා ප්‍රතිපත්ති පරස්පරයි. රකින්නේ බුදුදහම නම් රාවනා කෙනෙක් මොකටද? (නි)
තන්හා රති රඟා ඇවිත් වගේ. (ත)
බොදුබගේ මේ ගැන මොකද කියන්නේ? (ත)
ඔවු වෙන ආණ්ඩුවක් ආවොත් මේ නටන නාඩගම් නටන්න වෙන්නේ නැහැනේ අනුන්ගේ කැතකුනු හොයන මෙයාලා පන්සල් කීයක් වැහිලා තියෙනවාද ඒව ගැන හොයනවාද? අනුන්ගේ කනබොන දේ ගැන හොයන්නේ මොකටද? (අ)
හැම බලයක්ම විරුද්ධ වෙලාද මේවට (දිල්)
තණ්හා රතී රඟා බලනවා වගෙයිනේ. බලන්නකෝ තියෙන උනන්දුව. අපොයි! (නි)
ඉතින් දැන් මේ යෝජනා කවුරු පිළිගන්නවා කියලද කිව්වේ? ජනාධිපතිතුමා ඔය යෝජනා පිළිගන්නවයි කිව්වද? කවදාවත් ඒක ඉෂ්ඨ වෙන දෙයක්නම් නෙමෙයි. (ස)
හාමුදුරුවරුන්ට අනිත්‍යය මෙනෙහි කරන්න හොඳ අවස්ථාවක් (නි)
පොඩි හාමුදුරුවෝ බුදි. ලොකු හාමුදුරුවෝ ........ කියනවා. (ස)
හනුමා සහ කුම්බකර්ණ බලයත් ආණ්ඩුවට (නදී)
පිටරැටියෙක් බුදු පිළිමය ඉදිරිපිට නැටුවා නම් කොහොමද අපේ අය පාරට බහින හැටි? (නි)
බුදුන් ඉදිරියේ තියාගෙන අගනුන් නටවන මේ පිරිස උතුම් බුදුන්ටත් මහා රාවනාටත් අපහසකරනවා. (අ)
"විනාශ කාලේන විපරීත බුද්ධි" කිවුවලු. ගරුතර ස්වාමින් වහන්සේලාට නොපෙනුනාට ගිහි අපට පෙනෙනවා කාන්තා රංගනයන් සහ සටන් ක්‍රම මෙම අවස්ථාවට නුසුදුසු බව. විශේෂයෙන්ම බුදුරුවක් ඉදිරිපිට. (නි)
ඉත්තෑ කන්දේ සද්ධාතිස්ස හාමුදුරුවෝ පොඩිකාලේ ඉඳල මගේ යාළුවා. නමුත් සරසංක්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරලා බුදුබව ලැබූ බුදුරජාණන් වහන්සේගේ පිළිමයක් ඉදිරියේ මේ විදිහට ගෑනු නටවන එකනම් අනුමත කරන්න බෑ. සංඛපාල විහාර පාර්ශවයෙන් ඔබ වහන්සේට උපසම්පදාව නොලැබෙන්න හේතුව දැන් අපට පැහැදිලියි (නදී)
රාවණා බලයයි බොදු බලයයි කියන්නේ දෙකම එකයි. දෙකම නිල නොලත් හමුදා (නදී)
ලස්සනයි ජය වේවා ! (නදී)
අපේ ස්වාමීන් වහන්සේලා එක එක බලවේග හදාගෙන රට ජාතිය උතුම් බුද්දාගම විනාශ කරනවා. (නදී)
අපි බොහොම ආදරෙන් ගෞරවයෙන් සැලකු හෙළ උරුමයට රතන හාමදුරුවෝ පැන් වඩවා පාංශ කුලය දීල අවසන් කටයුතු කරවා අහවරයි. (නදී)
මේ අයත් රටේ මතය නොසළකා මුදලට වැඩ වගේ. (ස)
අනේ හාමුදුරුවනේ දෙන දානේ ටික වළඳලා භාවනාවක් කරගෙන වැඩ වාසය කරන්න. බොරු කරලා දායකයන්ව රවටන්නේ නැතිව (නදී)
මේ අයනම් කිසිම වැඩකට නැති රට අවුස්සන අය..නැති එකම තමයි හොඳ..(ස)
මේ සංවිධාන ඇත්තටම අද ලොකු විහිළුවක් වෙලා. අර පෙන්නේ නැද්ද? බාගයක් නිදි. පව්. (ස)
බුදුපිළිමයක් ඉදිරිපිට කරන රැඟුම්. (ස)
සිංහලයනි නැගිටියව්! මේ අයගෙන් බුද දහම බේරාගනිව්! (නදී)
තන්හා රතී රඟා බුදුන් ඉදිරියේ නටන අයුරු සිහිපත් කෙරුනා! (ස)
ඒ අයගේ මතයට ඉඩදෙන්න.(හේ)
මොකක්ද මෙතන වෙලා තියෙන්නේ.(හේ)
මට කාරණා කීපයක් තියෙනවා මේ රාවනා කට්ටියගෙන් දැනගන්න. 1-රාවානා හිටියේ අපේ ගෞතම බුුදුන්ට පසුවද? 2-හිටියා නම් වසර 2500 ක කාලයක වෙන්න ඕනනේ. එහෙනම් කෝ පුරාවිද්‍යාත්මක සාධක? 3-එහෙම නම් ඔහු බෞද්ධයෙක් විය යුතුයි නේද ? මේ පරස්පරය විසඳන්න පිං සිදුවෙයි (නදී)
මරඟන රැඟුම් එහෙමත් තිබිලා තියෙන්නෙ (අ)
බෞදරටකට ගිය කලක් (අ)
රාවනා බලය හා බොදු බල සේනාව පිටුපස සිටින්නේ කව්ද කියා රටම දන්නවා. අනික, බුදුරුවක් ඉදිරිපිට පින්තුරයක් ගැනීමට විරුද්දව කෑ ගහන හාමුදුරුවරු ලස්සනට නලගණන් බුදුරුව ඉදිරියේ නටන හැටි කට ඇරගෙන බලාගෙන ඉන්නවා (නදී)
මොකක්ද බටුගෙදර මේකේ තියෙන ලස්සන ? (නදී)
මෙතන නච්ච, ගීත, වාදිත, විසුක ඔක්කොම තියෙනවනේ. (අ)
කුමන නැටුම් කෙළි කවට සිනාදා (නදී)
මොනවද මේ පැවිදි සභාවක් ඉදිරියේ දැක්වෙන කාන්තාවන්ගේ නැටුම් රංගන? (නි)
නිකන් බොරුව නේ , ඕවට ඉතින් අත්සම් කරගන්න තිබ්බ නේ සහය පල කරන්න කලින්ම අර අහිංසක පොඩි හැමදුරුල ටිකත් මේගොල්ලන් නිකන් ම නරක් කරලා දයි (අ)
රාවණා කියන්නේ පර්සියානු "වාල්මිකී" නම් කතුවරයා ලියු නවකතාවක් නේද ? එහි ඔහුගේ චරිතයත් තියෙනවා (නදී)
පොඩි හාමුදුරුවෝ නිදි නේද? එක අතකට හිතා බැලුවහම එයාලා වෙන මොනවා කරන්නද? (නි)
කවදා හරි රාවනාම ඇවිත් දඩුවම් දෙනවා. බුදු පිළිමයක් ඉස්සරහා තියාගෙන මේ කරන්නේ ශාසනේ ආරක්ෂා කරන එක වෙන්ඩ ඇති (නදී)
චිංචි මානවිකාවන් ටිකක් දිහා සාදුල කට අැරන් බලන් ඉන්නවා. අනේ අනිච්චන් දුක්කේ සාසනේට ගිය කලක් (නදී)
පිස්සුද මන්දා බුදුපිලිමේ ඉස්සරහ කාන්තාවන් නටවන්න. (නදී)
රාවනා බලයට ජයවේවා! ජනපතිතුමනි, ඔබතුමාගේ ජය නියතයි (නි)
රාවනා බලය පිටිපස්සේ ඉන්නේ කව්ද කියන එක රහසක් නෙමේ. (නදී)
නටන නැටිල්ල කොහොමද කියනවා නම් පොඩි සාමනේර හිමිවරුන්ට නින්ද ගිහින්. මීට වැඩිය හොඳ නැද්දද උන්නාන්සේලා ටික පන්සලේ තියල බණක් භාවනාවක් කරගන්න අැරියා නම් සාසනේ විනාස කොරන්නේ නැතිව (නදී)
තමන්ට කැමති පක්ෂයක් තෝරාගන්න තමන්ට කැමැත්ත තියෙනවා (නි)
මොකක්ද මේ විගඩම, කාන්තාවෝ බුදු පිළිම වහන්සේට තමන්ගේ පසුපස නලවනවා. නියම බෞද්ධ ජනතාවගේ හදවත රිදෙනවා මේවා දැකලා. අනික පොලු හරඹය, මේ අය එදා සිටි සඟ පීතෘන් වහන්සේලාට නිගා දෙනවා. මෙහි කැඳවුම් කරුවන් ජාතියෙන් සමාව ගත යුතුයි. (නදී)
අනේ කලේ වනේ වාසේ කිව්වලු. මේ හාමුදුරුවරු මද, පේන්නේ නැද්ද බුදු පිළිමයක් ඉස්සරහා ගැහැනුන් පස්ස හරවන් ඉන්නා හැටි (නදී)
මේ මොකක්ද මේ නැටුම? (නි)
අපේ හාමුදුරුවන් වහන‍්සේලා තමයි අපේ ශක්තිය (නි)
හුඟ දවසකින් තමයි රාවනා ගැන අහන්න ලැබුණේ (නි)
නටන අයගේ හැට්ටවල පදාසයක් නෑ. රාවනා කාලා වෙන්න ඇති. ලැජ්ජා නැද්ද බුදු පිළිමවලට පිටුපාලා හාමුදුරුවරු ඉස්සරහ මේ විදිහට දඟලන්ට? (නදී)
ආ බොලන් මේ පන්සලේ පින්කමක් නොවෙයි නේද බොලේ. දේශය රැකගන්න තීරණ ගන්න රැස්වීමක් නේ. චිහ් ....කෑදර කමට මොනවද බලන්නේ.නැටුම් බලාපල්ලකෝ. (ස)
මේ පන්සලේ පින්කමක් නොවෙයි නේද? දේශය රැකගන්න තීරණ ගන්න රැස්වීමක් නේ. (ස)