ශ්‍රී ලංකාවේ පාකිස්තාන් ආරක්ෂක උපදේශක කර්නල් මුහමද් රාජීල් ඉර්ෂාඩ් ඛාන් මහතා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා හමුවිය.
මෙහිදී ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා හා පාකිස්තාන ආරක්ෂක උපදේශක අතර දෙරටට වැදගත් වූ ද්විපාර්ශ්වීය කරුණු සම්බන්ධයෙන් සුහද සාකච්ඡාවක් පැවැත්විණි. යුද සමයේ පාකිස්තාන රජය මෙරට ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා දුන් සහයෝගය ආරක්ෂක රාජ්‍ය අැමැතිගේ විශේෂ ඇගයීමකට ලක්විය. ඉදිරියෙදීත් දෙරට අතර සුහදතාවය තව දුරටත් වර්ධනය කර ගැනීම සඳහා පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේය.
ආරක්ෂක රාජ්‍ය අමැති හා රාජීල් ඉර්ෂාඩ් ඛාන් මහතා සමරු තිළිණ හුවමාරු කර ගත්හ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාකිස්තානය ලංකාවට කවදාවත් දෙබිඩි ප්‍රතිපත්තියක් අනුගමනය කළේ නැත. සැබෑ මිතුරු පාකිස්තානයට ජයවේවා. (නි)
පාකිස්ථානය අපට පිටුපාපු රටක් නොවෙි කවදාවත් ඔවුන් අැගයීය යුතුයි. (දිල්)
පකිස්ථානය අපේ හොද කල්‍යාන මිතුරෙක් .(හේ)
අපේ හොඳ මිත්‍රයෙක් පාකිස්තානය. (නි)