IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රාවණා යක්කම රණමුරේ

රාවණා රජු දේවත්වයෙන් සලකා ගරු බුහුමන් කරන ලග්ගල රණමුරේ ගම්වැසියෝ පාරම් පරිකව පවත්වාගෙන යන ''රාවණා යක්කම "එම ගම්මානයේදී පැවැත්විණි .

රණමුරේ හා ලග්ගල අවට ගැමියන් අදටද කියා සිටින්නේ තමන් රාවණා රජුගෙන් පැවත එන බවයි .

රාවණා රජු වර්තමානයේ දීත් බණ්ඩාර දෙවියන් නමින් විමාන ගතව ජනතාව ආරක්ෂා කරන බව ඔවුන්ගේ විශ්වාසයයි.

ඒඅනුව රාවණා රජු පාවිච්චිකළ විවිද ආයුධ පේ කිරීම .පෙරහැර පැවැත්වීම ගම්මුන්ට ආරක්ෂාව ලබාගැනීම සදහා දෙවියන් ආරුඪ කිරීම මෙහිදී සිදුකරේ .

රාවණා කමිටුව  ලග්ගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මෙය සංවිධානය කර තිබිණි .

DSC04419 DSC04421 DSC04425 DSC04434 DSC04441 DSC04450 rrrdhnm

 

 

 



අදහස් (0)

රාවණා යක්කම රණමුරේ

හේමන්ත Friday, 26 September 2014 01:44 PM

මේවා පැරණි සිරිත් විරිත් (නි)

:       0       0

නිරාන් සෞදි Thursday, 25 September 2014 09:39 AM

අපේ අභාවයට යන මෙවැනි දේවල් ආරක්ෂා කර ගැනීම වටිනා වැඩක් (දී)

:       0       0

මාලක Thursday, 25 September 2014 09:43 AM

විශිෂ්ට සටන් කලාවක ආරම්භයක් (දී)

:       0       0

දම්මික Thursday, 25 September 2014 09:45 AM

රාවනා කතා බොරු කියලා අහක දාන්න අපිට බැහැ (දී)

:       0       0

හේමා Thursday, 25 September 2014 10:30 AM

විශිෂ්ට ක්‍රියාවක් (දී)

:       0       0

ගාමිණී සිරිවර්දන Thursday, 25 September 2014 07:29 AM

පැරණි චාරිත්‍ර , යාග හෝම ,වැඳුම් පිදුම් ,පුද පුජා ,ක්‍රම ක්‍රමයෙන් අභාවවයට යන කාලයේ නුතන පරපුරට දැක ගැනීමටත් , රාවනා රජුගේ ඉතිහාසය පැරන්නන්ගෙන් අසා දැනගැනීමට පවා අවස්තාවක් ලබාදීම ලග්ගල ජනතාව ඉටු කරන මහඟු ශාන්ති කර්මයක්! (දී)

:       0       0

රූපසිංහ Thursday, 25 September 2014 07:40 AM

ඉන්දියාවේ අදටත් රාමට,සීතාට සහ හනුමන්ට දේවත්වයෙන් පුදනු ලබයි. ඔවුන් වාර්ෂිකව පවත්වන පුදපුජා වලදී ඒමේ තිදෙනාට දේවත්වයෙන් පුදා අනතුරුව අප රාවණා රජුගේ අනුරුවක් තනා එය ගිනි තබනු ලබයි. ඉන්දියානුවන් ශ්‍රී ලාංකිකයන්ට වෛර කරන්නට පෙලබුනේ මේ අයුරින්. එම වෛරය අදටත් කැපී පෙනෙනවා ක්‍රිකට් මැච් වලදී. හනුමන්ට ඔවුන් ගරුකිරීම නිසා වදුරන්ටද අද දින දීත් පලතුරු ආදී කෑම බීම දී කැලැ වදුරාද දේවත්වයෙන් පිදුම් ලබයි. එමනිසාම නොව අපි, අප රජුට පිදුම් ලබා දිය යුතුය. රාවණා රජුව හුදු මනක්කල්පිතයක් ලෙස නොසැලකිය යුතුය. අපි රාවණා දෙවිට ගරු බුහුමන් කලයුතුය. විවිධ උගතුන් මේ පිලිබදව විවිධ අදහස් පල කලත් රාවණා නමින් බලසම්පන්න රජකු අප ශ්‍රී ලාංකද්වීපයේ සිටි බව ඉන්දියානුවන්ගේ රාමාට සහ හනුමාට කෙරෙන පුද පුජා වලින්ම ඔප්පු වෙනවා නේද? (දී)

:       0       0

චානක Thursday, 25 September 2014 09:13 PM

මොකක්ද කඩු,කිනිසි අරගෙන කරන මේ යාගය? (නි)

:       0       0

උපාලි රන්ජිත් Thursday, 25 September 2014 01:01 PM

කළු සපත්තු පැළදගෙන පුජාවට ඇවිත් ,ඉන්දියාවෙන් සල්ලිවලට ගන්න ලැස්ති ?.(දී)

:       0       0

ඩිලාන් Friday, 26 September 2014 03:19 AM

දුටුගැමුණු රජතුමාත් පසුව බිහිවූ ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයෙක් (නි)

:       0       0

නලිනි Thursday, 25 September 2014 02:38 PM

ලංකාවේ ඉතා ඈත කාලයේ සිට මිනිස්සු සිටිය බවට සාදක තියනවා.(දී)

:       0       0

බණ්ඩාර Thursday, 25 September 2014 02:42 PM

වාල්මිකී බොරුකාරයෙක් කියල කිව්වේ කව්ද දන්නේ නැහැ එකත් බොරුවක් වන්න බැරිද (දී)

:       0       0

සූරියාරච්චි Thursday, 09 October 2014 06:09 PM

2015 සූර්ය කුණාටුවෙන් පස්ස්‍ෙ රාවණා නැගිටිනවා කියලා කියනවලු නේද? (නි)

:       0       0

සෙනරත් Thursday, 25 September 2014 08:22 AM

රාවණ නමින් බලවත් රජෙක් ලංකාවේ දැනට මහා වංශයේ ලියවී ඇති ඉතිහාසයට පෙර සිටින්නට ඇති බවටත් ඒ කාලයේ සිට පැවතෙන මිනිස්සුන් ලංකාවේ මුල්ම මිනිස්සුන් වියහැකි බවටත් තවමත් එම පරම්පරාවල අය ලංකාවේ සිටිය හැකි බවටත් ඇති අදහස් ඉවත දැමීමට තරම් සාධක නම් කියවීමට ලැබී නැත. වාල්මිකී ලිය ඇති රාමායනය නමැති පොතට අතිශයෝක්තිය එකතු කර අලංකාර කර ඇති බව නම් පෙනේ. රාවණ රජුගේ සොහොයුරිය මල් නෙලීමට ලංකාවේ සිට, රාම තපස් දම් පිරු උතුරු ඉන්දියාවට ගොස් කරදරයකට පත් වූ බවද එයට හේතු සෙවීමට රාවණ රජු දඬු මොනරයෙන් එම වනාන්තරයට ගිය බවද යන කතා සම්පුර්ණයෙන්ම ගෙතු කතාවක් විය යුතුය. 'මහා භාරත' නමින් දකුණු ඉන්දියානුවන් පුජත්වයෙන් සලකන පොතද සුරඟන කතා එකතුවකි. (දී)

:       0       0

මැටිහන Thursday, 25 September 2014 08:57 AM

මේ රාවනා කතාව අපේ කට්ටිය ඇත්තට අරගෙනනේ. උදේ ඉඳන් රෑ වෙනකන් හින්දි චිත්‍රපට බලන කට්ටියගෙන් වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද? සෙනරත්ගේ කතාවට මම එකගත්වය පල කරනවා. (දී)

:       0       0

පතිරණ Thursday, 25 September 2014 09:08 AM

රූපසිංහ මහත්මයා කියනදේ එත්ත, වාල්මිකී කියන්නේ ජීවිතයේ මුල් කාලයේ හොරකමින් ජීවත් උන මිනිහෙක්ලු ඉතින් ඒ මනුස්සයා බොරු ලීවා කියන එක අහන්නත් දෙයක් නෙවෙයි නේ, කොහොම නමුත් ඉන්දියානු හින්දුන් ලාංකිකයින්ට වෛර කරන එක ඇත්තක් (දී)

:       0       0

ශාන් Thursday, 25 September 2014 09:14 AM

ප්‍රශ්නය මොනව උනත්, කැති කඩු කිනිසි උල් ආයුද අනේ මන්ද. මටනම් ටිකක් හිතට හොඳ නැහැ වගේ. ඔහොම (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site