ඇමෙරිකාවේ නිවියෝක් නුවර ගැලියොන් ආයෝජන සමාගමේ ආර් රාජරත්නම්ගේ ඇමෙරිකා ඩොලර් තිස් ලක්ෂයක් ( රුපියල් ලක්ෂ 4020 ) ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරය නොමැතිව කිරුලපනේ ස්ටෑන්ඩට් චාටඩ් බැංකුවේ තැන්පත් කළැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායකට හා තවත් දෙදෙනකුට එරෙහි නඩුව විත්තියේ ඉල්ලීම අනුව මාර්තු 4 වැනිදාට කල් තැබිණි.
කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකාද ලිවේරා තෙන්නකෝන් මහත්මිය ඉදිරියේ අද නඩුව කතා කළ විට කරුණානායක මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ රියෙන්සි අර්සකුලරත්න මහතා පැවසුයේ ඔහු අද මුදල් ඇමැති ලෙස ඔහු අතුරු අය වැයත් ඉදිරිපත් කරන නිසා නඩුව වෙනත් දිනයකට කල් තබන බවයි.ලින්ටන් සිරිසේන මහතා මේ නඩුවේ තවත් සැකකරුවෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විනිමය වංචාවක් සම්බන්දයෙන් නඩුවක් ඇති අයෙක් මුදල් ඇමති කිරීම සදාචාර සම්පන්න නොවන බව නොහිතුනේ මන්ද? නීතියට සමච්චල් කලා වත්ද? නීතියෙන් තීන්දු කරන තුරු විතිකරුවකු වරදකරයකු නොවන අතර නිවැරදිකරුවකු ලෙසද පිළිගත නොහැක.(හේ)
යහ පාලනය දැන්මම කොටඋඩ යන්න වගෙයි හදන්නේ. (දිල්)
ඔයගොල්ලොන්ට තේරෙන්නේ නැද්ද ?ඒක තමයි මෙයාට මුදල් ඇමැතිකම දීල තියෙන්නේ.මුදල් ගැන හොඳ අවබෝධයක් තියෙනවා.(දිල්)
කියන කොට එහෙමයි. කරන කොට මෙහෙමයි.(හේ)
යහපාලනය ආරම්භයේම පුස්සක් වෙන වැඩක්නේ මේ කරලා තියෙන්නේ? ඔච්චර වගකීමක් තියන අමාත්‍යංශයක් ඇයි ඔයවගේ චෝදනාවක් තියන කෙනෙකුට දුන්නේ? එහෙම දෙන්නම ඕන කමක් තිබුනානම් ඔය නඩු නිරවුල් කරලම දුන්නනම් ඉවරයිනේ....(හේ)
මෙන්න තවත් ජන්ද ප්‍රතිපලයක්. දැන් මේ නඩුව ගැන කතා කරලා වැඩක් නැහැ. (හේ)
තමුන්ගේ කිල්ලොටෙත් හුණු තියනවග දැන් තේරෙනවනේ? (ර)
මේක පරන නඩුවක් නෙ.? (ර)
මේකට ජවිපෙ අදහස මොකක්ද දන්නෙ නැහැ (නි)
ලෝකේ පළමුවැනි මුදල් ඇමති මුදල් වංචා නඩුවක් තියෙන මේවා හොයලා බලන්නේ නැද්ද කවුරුත් (දිල්)
මහා බැංකුව අයිති වෙන්නෙත් මුදල් අමාත්‍යංශයට නේද (දිල්)
හැමදාම රැවටෙන්නේ දුප්පත් මහාජනතාවමයි.(හේ)
සෞඛ්‍ය ඇමතිගේ බෙහෙත් නඩුව කවදාවත් අහන එකක් නැහැ (නදී)
දුක්වෙන්න එපා යහපාලනය. ජවිපෙට මොකද උනේ ? (නදී)
හිටපු අය රුපියල් වලින් එකක් දෙනකොට මෙයාල ඩොලර් මිලියන් ගණනින් දෙන්නේ. බලමුකෝ තව ඉස්සරහට. (නදී)
රවී මහතා හොද උගත් පුද්ගලයෙක්. එසේම සාර්ථක ව්‍යාපාරිකයෙක්. කාගේත් අඩුපාඩු තියනවා. ඔහු පැමිණ ඇත්තේ අපේ සේවයට. එමනිසා ඉදිරියට ඇති බාදක ජයගැනීමට එතුමාට ශක්තිය ලැබේවා. (දිල්)
ලහිරු, දෙමල නමක් තිබු පලියට හැමෝම කොටි නෙවෙන බව ඇත්ත. එ්ත් රාජ් රාජරත්නම්ට ඇමරිකාවෙත් ත්‍රස්තවාදය සම්බන්ධව නඩු තියෙනවා කොටි සංවිධානයට මුදල් සැපයුවට. මෙහි බොහෝ දෙනාගේ කියමන් ඇත්ත නමුත් වචන පාවිච්චිය ගැන හිතුවොත් හොඳයි නේද. (නදී)
ඉස්සරහට යනකොට තේරේවි. රවීගේ පුල්ලි අනිවාර්යෙන්ම මහ බැංකුවත් විකුනනවා (නදී)
දින 100කදි ඉදිරි මැතිවරණය සදහා ඉලක්ක කරගෙන ගෙන යන ක්‍රියා මාර්ගයේ දුෂණ වංචා සෙවීමේ මහා නාඩගමේ රගන ජනතා විමුක්ති පෙරමුණට සහ ජාතික හෙළ උරුමයට සහ එක්සත් ජාතික පක්ෂයට පසු ගිය රජයේ සෞක්‍ය හා ධිවර අමාත්‍යංශ අමතක වෙලා..වෙලා නෙමෙයි අමතක කරලා..මේ අමාත්‍යංශ දෙකම පසුගිය කාලයේ විපක්ෂයේ චෝදනාවන්ට ලක්වුණු ආයතන..පළමුවෙන් ඒ දෙක ගැන සොයන්න..ඉන් පසු අනෙක් ඒවායේ දුෂණ සොයන්න. (නදී)
මේ දින 100 සංක්‍රාන්ති සමය තුළ තවත් බොහෝ දෑ සිදුවිය හැකිය. රවීන්ඳ්‍රන් කරුණානායගම් ද හොඳට පදම්වී ඇති අයෙකි. විදේශ මුදල් විනිමය වංචා නඩු උාසාවි තුළ තිබෙද්දී මෙසේ මුදල් ඇමතිකම ලබා දීම කිිසිසේත්ම අනුමත කළ නොහේ. මේ අයවැය සහන දින 100 පසුව ළඟාවන මහා මැතිවරණයේ අල්ලස් දීමනාය. (නදී)
ශ්රී ලංකා මහ බැංකුවේ අවසර ඇතුව හෝ නැතුව කොතෙකුත් දේවල් සිද්දවුනාද පහුගිය අවුරුදු 10 ඇතුලත. ඒ අනුව බලන කළ මෙම නඩුව අර පොල් ගෙඩි සොරකම වගේ. අනිත්, අතට සල්ලි අතුරුදහන් වෙලා නැහැනේ. (හේ)
රනිල් දුර දිග බලලා වැඩ කරන්නේ. මේ නඩුවට ආණ්ඩුවේ බලපෑමක් වෙන්නේ නැහැ. (හේ)
රනිල් මහා බැංකුව තමා යටතට ගත්තේ රවීගේ මේ නඩුව නිසා. රනිල් දුර දිග බලලා වැඩ කරන්නේ. මේ නඩුවට ආණ්ඩුවේ බලපෑමක් වෙන්නේ නැහැ. (නදී)
ළහිරු මලය කියන කතාව ඇත්ත තමයි. සිංහල නම් තිබුණ පලියට හැම කෙනෙක්ම සිංහල වෙන්නෙත් නෑ....! සිංහලවගේ ඉඳලා විදේශිකයන්ට ගැතිකම් කරපු කාලකණ්ණි නිසා තමයි අද මේ ඔක්කොම ප්‍රශ්න.(හේ)
ඒ තීරණය උසාවිය සතුයි.(හේ)
උසාවියෙන් වැරදිකරු කරනතෙක් ඔහු වැරදිකරුවකු බවට පත්කළ නොහැක .(හේ)
සමහර වෙලාවට මිනිස්සු මේ වගේ දේවල් කරනවා. මොකද ටැක්ස් වලින් බේරෙන්න. (දිල්)
මේ දේවල් එක්ක හිතද්දී මේ තනතුරට මෙතුමා සුදුසුද ?(දිල්)
නියම තනතුර දුන්නේ (බ)
දමා ඇති සියලු අදහස් අනුව වර්තමාන මුදල් ඇමති එම තනතුර සඳහා නුසුදුසු බව පෙනේ. දුෂණයක් ඇති කෙනෙකු මුදල් ඇමති නුනනම් යහ පාලනයට යහපතක් වෙනු ඇත. (දිල්)
එතකොට මෙයාලව අල්ලස් කොමිසමට ගෙනියන්න බැරිද ? එහෙම බැරිව ඇති නේ .....(බ)
මේ දේවල් ගැනත් හරියට හෙව්වනම් තමයි හොද (දිල්)
කවුද මේ අයට ඡන්දෙ දුන්නේ (දිල්)
අපි යහපාලනේ, නමුත් හොරා හොරාම තමයි. (නදී)
ඔය පේන්නේ කොටිත් එක්ක තියන සම්බන්දය. (නදී)
ලහිරු ගැන මට කණගාටුයි. මේ කියන රාජරත්නම් කියන්නේ කවුද.? ඔහු දැන් ඉන්නේ කොහෙද.? ඔහුගේ වගතුග නො දන්නා ඔබ වැන්නෝ තමයි ලංකාවට ඉතිරිවෙන්න ඕන (දිල්)
අපේ මුදල් ඇමති තුමාමද මේ. (නදී)
නඩුව තවම විභාග වෙනවා තීන්දුව දෙන්නටත් පෙර ඇයි මේ කලබලේ, පසුගිය කාලේ අඩුම තරමින් මේවගේ නඩුවක් විභයට ගත්තේවත් නැහැනේ එතකොට මේ අදහස් දාන සමහරුන්ට නම් කිසිම කලබලයක් තිබුනේ නැහැ. (දිල්)
මෙන්න නියම මුදල් ඇමති (නදී)
හොරාගේ අම්මගෙන් පේන අහන්නයි හදන්නේ. මේවා අපිට අලුත් දේවල් නෙවෙයි . රවී ගැන කවුද නොදන්නේ . මේවා රජ විහිලු . ඉබ්බා දියේ දැම්මහම ඇන්නාවේ කියල කියන්නේ මේවට. (බ)
ඉෂාරා, දැන් ඔක්කොමල සිරිසේනලා තමයි!මෛත්‍රීපාල සිරිසේන, රනිල් සිරිසේන, රාජිත සිරිසේන, රවී සිරිසේන....(බ)
දැන් ලංකාවට ඕනෑ තරම් සල්ලි සොයාගන්න පුළුවනි (බ)
යහ පාලනේ, යහ පාලනේ ! (බ)
මුදල් සම්බන්ධයෙන් නඩු තියෙන කෙනෙක්ද මුදල් ඇමති ?(නදී)
කවුරු මොනවා කීවත් යම් අමාත්‍යාංශයක් යටතේ ඇති ආයතනයකින් වංචාවකට අදාළව පවරන ලද නඩුවක චුදිතයෙකු එම අමාත්‍යාංශය භාර ඇමතිවරයා ලෙස පත්කිරීම දේශපාලන සදාචාරය නොවෙයි.එම නඩුව ඉක්මනින් විභාග කර අධිකරණයේ තීන්දුවෙන් පසුව ඔහු නිවැරදිකරු වූවානම් පමණක් එබඳු පත්කිරීමක් කිරීමක් කළානම් තමයි යහපාලනය වෙන්නෙ. (බ)
තව ටික දවසකින් ඔය නඩුව අතුරුදහන් ද (නදී)
යහපාලනේ කියන්නේ ඕකටයි (නදී)
සත්‍යපාල, මේවා පහුගිය ආණ්ඩුව කලේ දාපු නඩු. නැතුව හිතුවද යහපාලනෙන් දාපු නඩු කියල. මේ ආණ්ඩුව වගේ නඩු දානකොට මාධ්‍ය සංදර්ශන නැතුව තමයි ඒ කලේ නඩු දල තියෙන්නේ. එකයි වැඩි දෙනෙක් මේ මිනිස්සුන්ගේ හැටි දන්නේ නැත්තේ. (බ)
සුදුස්සාට සුදුසු තැන දීල තියෙනවා! (බ)
ඕක ආපහු මේ ආණ්ඩුව තියනකන් එන්නේ නැහැ. දිගටම කල් යයි. යහපාලනේ කියන්නේ ඕකටයි (නදී)
දෙමල නමක් තිබ්බ පලියට හැම මනුස්සයෙක්ම කොටියෙකු නොවේ (නදී)
කොහොමද වැඩේ. නඩුව තියෙන දවස තීන්දු වුනේ නොවැම්බර් මාසේ. නඩුව හිතා මතාම මග අරින්න කරපු ප්ලෑන් එකක් (නදී)
නඩුත් බඩුත් රජුගේ කියනවනේ.(හේ)
අනේ මෙන්න යහ පාලනය. මොකට කියනවද. යහ කෙසේ වෙතත් ලස්සන පාලනයක් තියේවි. මොකද ඔක්කොම හොරු ටිකමනේ මේ පැති මාරු උන එකනේ උනේ. කැලේ මාරු උනාට කොටියගේ පුල්ලි මාරු උනේ නැහැ නොවැ. (නදී)
මේ නඩුවෙන් රවී තවම වරදකරුවෙකු වෙලා නෑනෙ. අධිකරනයෙන් වරදකරුවෙකු වෙනකන් සියලු දෙනාම නිවැරදිකරුවෝයි. මේක අල්ලගෙන රවීට මඩ ගැහීම අනුවන ක්‍රියාවක්. (නදී)
මුදල් අමාත්‍යාංශය විසින් නඩු පවරා ඇති චුදිතයෙකුට එම අමාත්‍යාංශය භාරදීම තුලින්ම යහපාලනයේ තරම තේරුම් ගන්න.(හේ)
මුදල් ඇමැතිට මේවගේ චෝදනා තියෙනවද?එහෙනම් මේ තනතුර සුදුසු නෑ නේද?(දිල්)
අර මුහුදු කොල්ලකරුවන්ට ආයුධ සපයන අවි ගබඩාව සම්බන්ධ නඩුව කවදද තියෙන්නේ? කරුණාකර අපිව දැනුවත් කරන්න. කිරිපිටි වෙනුවට ටින්කිරි මිල අඩු කරන්න තිබුණා නේද?(දිල්)
පහුගිය කලේ වංචා දුෂණ වෙද්දී ගොඩක් අය නිදාගෙනද හිටියේ (දිල්)
සම්පත් වන්නිආරච්චි. ඔබ කියන දේ හරි. ලෝකයේ කිසිම රටක මුදල් වංචාවකට හෝ අයතා ලෙස මුදල් පරිහරණය කළ බවට වරදකරු හෝ සැකකරුවකු වශයෙන් සිටින්නකු මුදල් ඇමති හෝ මුදල් සම්බන්ධ ප්‍රධාන නිලයකට පත් කරන්නේ නම් නැහැ.(දිල්)
"අද" රවිගේ නඩුව කල් යයි. "හෙට" රවිගේ නඩුව අහක යයි. (නදී)
මට තියන ප්‍රශ්නේ තමා,අපේ ජේ වී පි සහෝදරයෝ මේ දවස් වල නිතරම උසාවි ,අල්ලස් කොමිසමේ .ජාතික උපදේශන සභාව.නමුත් මෙම සිද්ධිය ට මොකද ප්‍රතිචාර නැත්තේ? (දිල්)
මේ පුවත කියවල තියන තරමක්? අපරාදේ කියන්න බහ නියමෙට මීටරේ කැරකිලා තියනවා. රවී මහත්තයෝ අපිට ඔය සහන වලින් වැඩක් නැහැ. අපිට ඕන නඩු. ජෙනරාල් තුමාගේ පරණ නඩු යන්තම් ඉවර උනානේ. දැන් අපිට ඕන කරන්නේ අලුත් නඩු. නව මුහුණුවරකින්. අපේ යාලුවන්ගේ හිත, බඩ, කට,පිරෙන්නේ එතකොටයි. (නදී)
විභාග වෙන නඩුවක් තියනවා නේ.. යට ගහල නැහැනේ වරදක් කරලා තියනවා නම් නීතියට අනුව දඩුවම් ලැබී. යහ පාලනය ගැන කලබල වෙන්න එපා..(හේ)
තාම යහපාලනයේ වැඩ හරියට පෙන්නලා නෑනේ (දිල්)
විදුර ට මිට වඩා යහපත් විදියට ප්‍රතිචාරය දාන්න තිබුනා කියලා හිතෙන්නේ නැත් ද ! ලංකාදීපයේ එසැන වෙබ් පිටුව කුඩා දරුවන්ද බලනවා.අත් වැරදීමකින් ද මන්දා, එම ප්‍රතිචාරය මෙහි පලවී ඇත්තේ.(හේ)