වේරහැර පොකුරු බස් සමාගම රුපියල් කෝටි 750ක් වටිනා ලංගම බස් 143ක් සම්බන්ධයෙන් වංචාකළැයි සැකපිට රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටි ලටෙක් සභාපති රවී වෙත්තසිංහ දැඩි කොන්දේසි මත අද කොළඹ මහාධිකරණයෙන් ඇප ලැබීය.
රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් ද, රුපියල් දස ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් ද ඔහුට නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා ද ලිවේරා තෙන්නකෝන් මහත්මිය ඔහුගේ ගමන් බලපත්‍රය ද උසාවි භාරයට ගත්තාය.
මසකට වසරක් රහස් පොලිසියේ පෙනී සිටින ලෙස ද නියෝග කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ඇප දෙන ක්‍රමයට වැටක් බදින්න බැරිද? මොකද මේවා පොඩි පොඩි වංචා දුෂණ නෙමෙයිනේ. (ස)
මිස්ට ක්ලීන් ගේ ගෝලයෝ නේද? (ස)
අසරණ මිනිස්සු දහස් ගණනකගේ රස්සාවල් නැති කරලා ,මින්ස්සුන්ගේ ජීවිත නන්නත්තාර කරපු ඔය මිනිහට ඇප දෙන්න නොවේ තියෙන්නේ එල්ලුම් ගස් යවන්න ඕනා. (ස)
අර විභාගේ පාස් වෙච්ච දරුවත් නිදහස් කරන්නකෝ. (ස)
මෙයාලට ඇප ලැබෙනකොට අපිට ඇපත් නැති වෙනවා .(ම)