මහින්ද රාජපක්ෂ පාලන සමයේ එතෙර සිටි ලටෙක් සභාපති ව්‍යාපාරික රවි වෙත්තසිංහ ශ්‍රී ලංකාවට පැමිණියේ රිමාන්ඩ් භාරයේ සිටීමට නොවේ යැයි ඔහුට ඇප ඉල්ලමින් ජනාධිපති නීතීඥ රියෙන්සි අර්ෂකුලරත්න මහතා දේවිකාද ලිවේරාද තෙන්නකෝන් කොළඹ මහාධිකරණ විනිසුරුවරිය හමුවේ කියා සිටියේය.
වේරහැර බස් සමාගමේ රුපියල් කෝටි හත හමාරක් 2002 දී වංචා කළැයි ඔහුට එරෙහිව මේ නඩුව පවරා ඇත.
ඔහුට එරෙහිව මෙවැනිම නඩු හතරක් ඇති බව රජයේ නීතීඥ නයෝමි වික්‍රමසේකර මෙනවිය කීවාය.ඇප සලකා බැලීම 23 වැනිදාට කල් තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවාටත් කතාකරලා ඈප ඉල්ලනවනේ.නඩුකරයොත් සල්ලි පෙන්නුවානම් කතාකරනවා. තමන්ගේ මිනිහවත් කමක්නේ නඩුවක් පටලවල දායි (ම)
අනේ පව්! (නි)
මහමුහුදේ,පොළවේ අහසේ කොහේ සිටියත් අකුසල විපාක ඒවි පසු පස- සේය රිය සක (ම)
අලුත් නීතියක් ගෙනෙන්න ඕනෑ මේ වගේ අයට ඉදිරිපත් වෙන්න පුලුවන් නීතිඥයින් ගැන යම් සීමාවක් පනවලා. හොරකම් කළමුදල් ප්‍රමාණයටම දඩ ගහන්නත් ඕනෑ (නි)
සමහරු රට ගිහිල්ලා නැවත ලංකාවට එන්නේ නීතිය ක්‍රියාත්මක නොවෙයි කියා බලාපොරොත්තුවෙන්. ඒ විහිලු කාලේ ඉවරයි කියා එයාලා නොදන්නවා ඇති (නි)
අනේ! මට නම් හරිම සතුටුයි (නි)