IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


රවී කරුණානායක නිදහස්

ඇමරිකාවේ කෝටිපති ශ්‍රී ලාංකික ව්‍යාපාරික රාජ් රාජරත්නම් සමග එක්වී ශ්‍රී ලංකාවේ විනිමය පනත උල්ලංඝනය කරමින් රුපියල් තිස් කෝටියක් ශ්‍රී ලංකා මහ බැංකුවට නොදන්වා කොළඹ පෞද්ගලික බැංකුවක තැන්පත් කිරීමේ නඩුවෙන් මුදල් ඇමැති රවී කරුණානායක හා තවත් දෙදෙනෙක් කොළඹ මහාධිකරණ විනිසුරු අයිරාංගනී පෙරේරා මහත්මිය විසින් නිදහස් කරනු ලැබූහ.

එම නඩුවේ පළමුවැනි විත්තිකරු වූයේ නොක්ෂියා කෝපරේෂන් කන්සල්ටන්ස් ආයතනයයි. දෙවැනි විත්තිකරුවූයේ චන්ද්‍රසෝම පියසෝම හා රවී කරුණානායක තෙවැනි විත්තිකරු ලෙස චෝදනා ගොනු කර තිබුණි.

විනිමය පාලන පනත උල්ලංඝනය කරමින් ඔවුන් මුදල් තැන්පත් කළැයි ගොනු කළ චෝදනා ඔප්පු කිරීමට පැමිණිල්ල අපොහොසත් විණි යැයි අධිකරණය කියා සිටියේය. රාජ් රාජරත්නම් ඇමරිකාවේ කොටස් වෙළඳපොලේ ඇතුළත රහස් එළියට දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දැනට ඇමරිකාවේ බන්ධනාගාරයක සිටී.

_DSC0094 _DSC0117 _DSC0131

 



අදහස් (0)

රවී කරුණානායක නිදහස්

ප්‍රනාන්දු Monday, 18 May 2015 09:08 PM

දෙවන වටයට ඉදිරියේදී සූදානම් වන්න (නි).

:       0       0

කිත්සිරි Monday, 18 May 2015 10:32 PM

ජයවේවා! (නි)

:       0       0

ඇල්ලේ කුඩාබණ්ඩා Tuesday, 19 May 2015 08:46 AM

අර මහමුදලිකමටත් වඩා ලොකු දෙයක් මේගොල්ලන්ට තියෙනවා. එහෙම නැතුව රටේ නායකයින් වෙන්ට බැහැ. (බ)

:       0       0

ජනක Tuesday, 19 May 2015 01:13 AM

පුදුමාකාර ලංකාවක් මේක....... (නි)

:       0       0

විනීත් Tuesday, 19 May 2015 01:24 AM

ජයවේවා රවී මහත්තයෝ! (නි)

:       0       0

මොහාන් Tuesday, 19 May 2015 02:16 AM

සත්‍යා, මේ කාලෙත් එහෙම තමයි. (නි)

:       0       0

සහන ලක්මාල් Tuesday, 19 May 2015 02:53 AM

හැබැයි ඒ කාලේ නම් උසාවිය සමහරුන්ගේ අල්ල උඩනේ තිබුණේ. දැන් නම් ගොඩක් ස්වාධීනයි. (නි)

:       0       0

ප්‍රකාශ් Tuesday, 19 May 2015 11:08 AM

පුදුම තීන්දුවක්. පුදුමාකාර යහ පාලනයක්. (ස)

:       0       0

දුමින්ද Tuesday, 19 May 2015 03:29 AM

නිදොස් උනේ පැමිණිල්ලේ නොහැකියාව නිසා (ම)

:       0       0

ලියොන් Tuesday, 19 May 2015 03:39 AM

අපෝ මේක මොකක්ද.? නඩුව අහන දවසේ බජට් කතාව යොදනකොටම අපි දැනගත්තා මෙහෙම දෙයක් වෙයි කියලා. (බ)

:       0       0

කුමාර් Monday, 18 May 2015 02:17 PM

බඩුත් අපේ නඩුත් අපේ හික් !!! (කේ)

:       0       0

ස්වර්ණපති Tuesday, 19 May 2015 03:45 AM

නඩු තීන්දුවේදී කිව්වේ පැමිණිල්ල දෝෂ සහිත නිසා විත්තිකරුවන් නිදහස් කරන බවයි. නැතුව මේ හොරු ටික හොරකම් කරලා නැහැ කියල නෙවෙයි. (බ)

:       0       0

පිවිතුරු යහපාල Monday, 18 May 2015 02:29 PM

අවුලක් නැහැ..ඊලග සන්ධාන ආණ්ඩුවෙ. මුල්‍ය අපරාධ ඒකකයෙන් ආයේ මුල ඉදල නඩු දාල අපි ආයේ මේ නඩුව අහනවා.(කේ)

:       0       0

කවින්ද Tuesday, 19 May 2015 03:51 AM

එහෙනම් ඒකත් එහෙම වුණා... (නි)

:       0       0

ඉමාක් Monday, 18 May 2015 03:00 PM

එහෙනම් එයත් නිදහස්? (නි)

:       0       0

විපුල Tuesday, 19 May 2015 04:45 AM

කමක් නැහැ යාළුවා ඇමරිකාවේ හිරේ නේ ඉන්නේ. එ්කත් ලොකු දෙයක්, (බ)

:       0       0

සත්‍යා Monday, 18 May 2015 04:24 PM

කුමාර, එහෙම වුණේ ඒ කාලේ (නි)

:       0       0

සමන් Monday, 18 May 2015 04:36 PM

අගමැතිතුමා මේකට මොකුත් කියන්නේ නැද්ද? (නි)

:       0       0

සම්පත් Monday, 18 May 2015 04:42 PM

“නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගේ“ යන ආප්තෝපදේශය මට සිහිපත්වුණා (නි)

:       0       0

රවී Tuesday, 19 May 2015 05:28 AM

ඔය තියෙන්නේ යහ පාලනයේ ප්‍රතිඵල. කම්ම්බ හොරෙක් නිදහස් කරයි. ජයලලිතාට කතාකරපු ලෝයර් රවී කරුණානායක හොයාගෙන. (බ)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Monday, 18 May 2015 04:51 PM

බඩුත් නඩුත් දෙකම ඉවරයි! (නි)

:       0       0

ඩයස් Monday, 18 May 2015 05:03 PM

අපි බලාපොරොත්තු වුණ දේවල්ද මේ සිද්ධවෙන්නේ? (නි)

:       0       0

භාග්‍යා Monday, 18 May 2015 05:17 PM

ජයවේවා! (නි)

:       0       0

යාපා Monday, 18 May 2015 05:34 PM

සත්‍යය කවදා හෝ ජයගන්නවා (නි)

:       0       0

කමල් Monday, 18 May 2015 05:35 PM

යහපාල, ඔබ ඉන්නේ ලංකාවේද? නීතිය දන්නේ නැති බවයි හැ‍ඟෙන්නේ. මෙය ඉහළ උසාවි තීන්දුවක්. (නි)

:       0       0

චමිල-පානදුර Tuesday, 19 May 2015 06:44 AM

නඩු තීන්දුවේදී කිව්වේ පැමිණිල්ල දෝෂසහිත නිසා විත්තිකරුවන් නිදහස් කරන බවයි. නැතුව මේ අය හොරකම් කරලා නැහැ කියලා නෙමෙයිනේ. නේද? (නි)

:       0       0

මහේෂ් Monday, 18 May 2015 06:20 PM

අපේ නීතියට ජයවේවා! (නි)

:       0       0

චන්දා Monday, 18 May 2015 08:34 PM

කුමට එරට අධිකරණය ,නීතිය සහ විනිසුරන් ... නන්දා මාලනීගේ සින්දුව ඇසුවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 710 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 451 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site