ඇමරිකාවේ කෝටිපති ශ්‍රී ලාංකික ව්‍යාපාරික රාජ් රාජරත්නම් සමග එක්වී ශ්‍රී ලංකාවේ විනිමය පනත උල්ලංඝනය කරමින් රුපියල් තිස් කෝටියක් ශ්‍රී ලංකා මහ බැංකුවට නොදන්වා කොළඹ පෞද්ගලික බැංකුවක තැන්පත් කිරීමේ නඩුවෙන් මුදල් ඇමැති රවී කරුණානායක හා තවත් දෙදෙනෙක් කොළඹ මහාධිකරණ විනිසුරු අයිරාංගනී පෙරේරා මහත්මිය විසින් නිදහස් කරනු ලැබූහ.
එම නඩුවේ පළමුවැනි විත්තිකරු වූයේ නොක්ෂියා කෝපරේෂන් කන්සල්ටන්ස් ආයතනයයි. දෙවැනි විත්තිකරුවූයේ චන්ද්‍රසෝම පියසෝම හා රවී කරුණානායක තෙවැනි විත්තිකරු ලෙස චෝදනා ගොනු කර තිබුණි.
විනිමය පාලන පනත උල්ලංඝනය කරමින් ඔවුන් මුදල් තැන්පත් කළැයි ගොනු කළ චෝදනා ඔප්පු කිරීමට පැමිණිල්ල අපොහොසත් විණි යැයි අධිකරණය කියා සිටියේය. රාජ් රාජරත්නම් ඇමරිකාවේ කොටස් වෙළඳපොලේ ඇතුළත රහස් එළියට දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දැනට ඇමරිකාවේ බන්ධනාගාරයක සිටී.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවන වටයට ඉදිරියේදී සූදානම් වන්න (නි).
ජයවේවා! (නි)
අර මහමුදලිකමටත් වඩා ලොකු දෙයක් මේගොල්ලන්ට තියෙනවා. එහෙම නැතුව රටේ නායකයින් වෙන්ට බැහැ. (බ)
පුදුමාකාර ලංකාවක් මේක....... (නි)
ජයවේවා රවී මහත්තයෝ! (නි)
සත්‍යා, මේ කාලෙත් එහෙම තමයි. (නි)
හැබැයි ඒ කාලේ නම් උසාවිය සමහරුන්ගේ අල්ල උඩනේ තිබුණේ. දැන් නම් ගොඩක් ස්වාධීනයි. (නි)
පුදුම තීන්දුවක්. පුදුමාකාර යහ පාලනයක්. (ස)
නිදොස් උනේ පැමිණිල්ලේ නොහැකියාව නිසා (ම)
අපෝ මේක මොකක්ද.? නඩුව අහන දවසේ බජට් කතාව යොදනකොටම අපි දැනගත්තා මෙහෙම දෙයක් වෙයි කියලා. (බ)
බඩුත් අපේ නඩුත් අපේ හික් !!! (කේ)
නඩු තීන්දුවේදී කිව්වේ පැමිණිල්ල දෝෂ සහිත නිසා විත්තිකරුවන් නිදහස් කරන බවයි. නැතුව මේ හොරු ටික හොරකම් කරලා නැහැ කියල නෙවෙයි. (බ)
අවුලක් නැහැ..ඊලග සන්ධාන ආණ්ඩුවෙ. මුල්‍ය අපරාධ ඒකකයෙන් ආයේ මුල ඉදල නඩු දාල අපි ආයේ මේ නඩුව අහනවා.(කේ)
එහෙනම් ඒකත් එහෙම වුණා... (නි)
එහෙනම් එයත් නිදහස්? (නි)
කමක් නැහැ යාළුවා ඇමරිකාවේ හිරේ නේ ඉන්නේ. එ්කත් ලොකු දෙයක්, (බ)
කුමාර, එහෙම වුණේ ඒ කාලේ (නි)
අගමැතිතුමා මේකට මොකුත් කියන්නේ නැද්ද? (නි)
“නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගේ“ යන ආප්තෝපදේශය මට සිහිපත්වුණා (නි)
ඔය තියෙන්නේ යහ පාලනයේ ප්‍රතිඵල. කම්ම්බ හොරෙක් නිදහස් කරයි. ජයලලිතාට කතාකරපු ලෝයර් රවී කරුණානායක හොයාගෙන. (බ)
බඩුත් නඩුත් දෙකම ඉවරයි! (නි)
අපි බලාපොරොත්තු වුණ දේවල්ද මේ සිද්ධවෙන්නේ? (නි)
ජයවේවා! (නි)
සත්‍යය කවදා හෝ ජයගන්නවා (නි)
යහපාල, ඔබ ඉන්නේ ලංකාවේද? නීතිය දන්නේ නැති බවයි හැඟෙන්නේ. මෙය ඉහළ උසාවි තීන්දුවක්. (නි)
නඩු තීන්දුවේදී කිව්වේ පැමිණිල්ල දෝෂසහිත නිසා විත්තිකරුවන් නිදහස් කරන බවයි. නැතුව මේ අය හොරකම් කරලා නැහැ කියලා නෙමෙයිනේ. නේද? (නි)
අපේ නීතියට ජයවේවා! (නි)
කුමට එරට අධිකරණය ,නීතිය සහ විනිසුරන් ... නන්දා මාලනීගේ සින්දුව ඇසුවා. (නි)