මුදල් ඇමැති රවී කරුණානායක මහතා අද පස්වරු 1.32 ට මෛත්‍රිපාල - වික්‍රමසිංහ රජයේ අතුරු අයවැය ඉදිරිපත් කළේය.
දින 100ක් සඳහා වන මේ අය වැයෙන් මහජනයාට සහන රැසක් ලබාදෙන බව රජය මීට පෙර කියා සිටියේය.
සාම්ප්‍රදායික අයවැය පෙට්ටියද රැගෙන සුදු ඇඳුමින් සැරසී මුදල් ඇමැති සභා ගැබට ඇතුළු විය. පෙර දිනයේ ඔහු හිටපු මුදල් ඇමැතිවරයකු වන රොනී ද මෙල් මහතා හමුවිය. ගිය රජයේ ආර්ථිකය පිළිබඳ කෙටි සමාලෝචනයක යෙදුණු ඔහු පැවසූයේ අඩපණ කළ ආර්ථිකය යළි නගා සිටුවීම නව රජයේ කාර්ය භාරය බවයි.
සැබෑ දත්ත මිස ගොබෙල්ස් න්‍යායේ සංඛ්‍යා ලේඛන නව රජය විශ්වාස නොකරන බවත් ඔහු කීවේය.
ඡායාරූපය ශාන්ත රත්නායක
ඡායාරූප ස්වාධින රූපවාහිනි අනුග්‍රහයෙනි
ඡායාරූපය - ජාතික රූපවාහිනී අනුග්‍රහයෙනි
































COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහා මැතිවරණයක් ලග එද්දී මෙයිට වැඩ වෙනස් අයවැයක් කවුරුවත් බලාපොරොත්තු වුනේ නැහැ.(හේ)
මහා මැතිවරණයක් ලග එද්දී මෙයිට වැඩිය වෙනස් අය වැයක් කවුරුවත් බලාපොරොත්තු වුනේ නැහැ. දුෂණ වංචා පිළිබද මාධ්‍ය සංදර්ශන වල ඉදල මේ හිටපු ජනධිපතිතුමාගේ නැවත ආගමනය වලක්වන්න ලක්ෂ 57 ක ජනමතය පාගන්න කරන ක්‍රියාවලියේ ඉදල මේ යන ගමනේ අරමුණ ඉදිරි මැතිවරණය. ඒ මැතිවරණයෙන් බිහිවෙන රජයේ අය වැයෙන් මිසක් මේ ජනමතයට පිටින් ඇතිකළ කෘතීම ආණ්ඩුවේ අය වැයෙන් යහපාලනයේ ගැන මග මනින මෝඩයෝ ඉන්නවා නම් දෙවියන්ගේම පිහිටයි. බුදුන්ගේම සරණයි. මේ දෙන්නෙත් දේශපාලන අල්ලස්ම තමයි. ජනාධිපති ප්‍රතිපාදන එතුමා යටතේ පැවති සියලු අමාත්‍යංශ සදහා වෙන්වුණු ප්‍රතිපාදන මිසක් එතුමාගේ නඩත්තුව වෙනුවෙන් වෙන් කල ප්‍රතිපාදන නෙමෙයි. (නදී)
මහා මැතිවරණයක් ලඟ එද්දී මෙයිට වැඩිය වෙනස් අය වැයක් කවුරුවත් බලාපොරොත්තු වුනේ නැහැ. දුෂණ වංචා පිළිබද මාධ්‍ය සංදර්ශන වල ඉදල මේ හිටපු ජනධිපතිතුමාගේ නැවත ආගමනය වලක්වන්න ලක්ෂ 57 ක ජනමතය පාගන්න කරන නින්දිත ක්‍රියාවලියේ ඉදල මේ යන ගමනේ අරමුණ ඉදිරි මැතිවරණය. ඒ මැතිවරණයෙන් බිහිවෙන රජයේ අය වැයෙන් මිසක් මේ ජනමතයට පිටින් ඇති කළ කෘතීම ආණ්ඩුවේ අයවැයෙන් යහපාලනයේ ගැන මග මනින මෝඩයෝ ඉන්නවා නම් උන්ට දෙවියන්ගේම පිහිටයි. බුදුන්ගේම සරණයි. මේ දෙන්නෙත් දේශපාලන අල්ලස්ම තමයි. ජනාධිපති ප්‍රති පාදන එතුමා යටතේ පැවති සියලු අමාත්‍යංශ සදහා වෙන්වුණු ප්‍රතිපාදන මිසක් එතුමාගේ නඩත්තුව වෙනුවෙන් වෙන් කල ප්‍රතිපාදන නෙමෙයි. එ්කත් අඩු කලා කියල මඩ ගහන්න අරන්. යහපාලානේ කොහොම උනත් මඩ පාලනයක් තමයි අපිනම් ගතවුණු දින කීපය පුරා දැක්කෙත් දකින්නෙත්. (නදී)
සියලු දෙනාට සහන සැලසුන ලේකනයක් ස්තුතිය.(හේ)